යුක්‍රේන සහ රුසියා යුද ගින්නට බිලි වූ නූපන් බිලිඳා සහ මව

මේ යුක්‍රේන සහ රුසියා යුද්ධය ඇවිලෙමින් තිබෙන කාලය.ලෝකය පුරා යුධ විචාරකයන් ඒ ගැන විවිධ මත පළ කරනවා.යුද්ධයට විවිධ අරුත් තිබෙන්නට පුලුවන්.එහෙත් මෙවැනි යුද්ධයකින් අන්ත අසරණ භාවයට පත් වෙන්නේ අහිංසක මිනිසුන්.සාමාන්‍ය සිවිල් ජනතාව මේ යුද්ධය නිසා අන්ත අසරණභාවයට පත්ව සිටින බවට හොඳම නිදසුනක් තමයි මේ කදුළු කතාව.

යුක්‍රේනයේ මාතෘ රෝහලකට රුසියාව එල්ල කළ බෝම්බ ප්‍රහාරයකින් තුවාල ලැබූ ගැබිනි කාන්තාවක් ඇගේ දරුවා සමඟ මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා. මෙම ගැබිණි කාන්තාව සමග තවත් කතුන් දෙදෙනෙක්ට දිවි අහිමිව ගොස් ඇති අතර ඔවුන් මිය ගොස් ඇත්තේ තම අලුත උපන් දරුවන් දෙදෙනාත් සමගයි.

එය යුක්රේනයේ රුසියාවේ දැන් දින දහනවයක් පැරණි යුද්ධයේ මෙතෙක් පැවති වඩාත්ම කුරිරු අවස්ථාවන් අතර ඇති බව කියැවෙන්නේ.

මෙම ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ ගැබිණි කත ආසන්නව පිහිටි රෝහලකට ගෙන ගිය අතර එහිදී වෛද්‍යවරු ඇයව බේරා ගැනීමට උත්සාහ කර තිබෙනවා . එහිදී තම දරුවා අහිමි වන බව වටහාගත් ඇය “දැන් මාව මරන්න!” යනුවෙන් වෛද්‍යවරුන් ගෙන් කෑ ගසා ඉල්ලා සිටි බවයි පැවසෙන්නේ
බෝම්බ ප්‍රහාරය හමුවේ දැඩි තුවාල ලැබූ මෙම කාන්තාවට ලැබෙන්න සිටි දරුවාව සිසේරියන් සැත්කමක් හරහා ලබා ගත්තද ඒ වන විටත් මියගොස් සිටියා.

මවකට තම දරුවෙකු අහිමි වීම තරමේ වේදනාවක් තවත් නැහැ.දෙරටක් අතර යුද්ධයකදී රෝහල්වලට හානි නොකිරීම සාමාන්‍ය යුධ නීතියක්.එහෙත් රුසියන් හමුදා ඒ නීතිය ඉතා කෲර අන්දමකින් කඩ කර ඇති බවට මේ සිදුවීම හොඳම නිදසුනක්.මෙය යුධ අපරාධයක් බවට ලෝකයේ අනෙකුත් රටවල් මත පළ කර තිබෙනවා.යුක්‍රේන ජනාධිපතිවරයා විමසන්නේ මාතෲ රෝහල්වල ද බිය වීමට තරම් රුසියාවට ඇති ගැටලුව කුමක්ද යන්නයි.

යුද්ධයක ඇති කෲර බවට නිදසුනක් බව කියමින් අපට මේ සිදුවීම ලියා තබන්න පුලුවන්.නමුත් එහි සැබෑ වේදනාව අපට ද දැනෙන්නේ නැහැ.තමන්ගේ දරුවන් අහිමි වෙමින් යුද්ධයට කිසිම සම්බන්ධතාවයක් නැති මිනිසුන්ට පීඩා විඳින්නට වීම ඉතා ඛේදනීය තත්වයක්.යුද්ධයකට සැබෑ ජයග්‍රාහකයන් නැති බව කියන්නේ ඒ නිසා වන්නට ඇති.යුද්ධයක් ඇති කරන බලවතුන්ට දිනයක දිනුමක් ලැබිය හැකියි.නමුත් දෙපාර්ශවයේම අහිංසකයන් නොනවත්වාම යුද්ධය නිසා පීඩාවට පත් වෙනවා.

යුද්ධයක සැබෑ අරුතක් නැති බව කියන්නේ ඒ නිසා! මේ වියරු යුද්ධය ඉක්මනින් නිමා වීම මිස වෙනත් යමක් SmartLady අපට පතන්නට ඉතිරිව නැහැ.

Related Articles

Don't Miss


Latest Articles