(අ)හිමි සිහින -89

ඉතා නව යොවුන් වයසකදී ආදරය කළත් අපි ඒ ආදරය මිහිරකින් විඳින්නට ඉඩ නොලත් ආදරවන්තයන් දෙදෙනෙක්.ඒ බව ඔබටත් මතක ඇති.ගෙදරින් ඇති කළ අපමණ බාධා මධ්‍යයේ ආදරය කළ අපි සැබෑවටම ආදරයේ මිහිර විඳින්නට ගත්තේ වියපත් පෙම්වතුන්ව ආදරය කරන්නට ගත් කාලයේ කියලා මට හිතෙනවා.

රාජකාරි ස්ථානය අග නුවරින් පිටත පිහිටලා තිබුණත් ඔහුට විවිධ හේතුන්වලට කොළඹ එන්න වුණා.ඉස්සර ඔහු කළේ එවැනි ගමන් ඔහුගේ කණිෂ්ඨයෙකුට පවරලා පාඩුවේ රාජකාරි ස්ථානයට වී සිටීම.ඒත් ආදරය ඒ සියල්ල වෙනස් කරලා තිබුණා.

“මැණිකේ,මං ලබන සතියෙ කොළඹ එනවා..”

ඔහු කියනවා.මටත් දැනෙන්නෙ පුදුම සතුටක්.අපි හමු වෙන්නේ ළාබාල ප්‍රේමවන්තයන් දෙදෙනෙක් වගේ ආදරෙන්.අන්න එහෙම දවසක තමයි මම ඒ ප්‍රශ්නය ඔහුගෙන් ඇහුවේ.

අපේ ආදරේ කාලයක් මැරිලා තිබුණත් ආයේ පණ ආවා.ඒත් අපි මේ ගැන කාටවත් දැනෙන්න නොදී ඉමු නේද? මම හිතන්නේ ඒක තමයි අපිට කරන්න පුලුවන් හොඳම දේ.”

සුධාරක මා දිහා බලාගෙන හිටියේ මුහුණ නරක් කරගෙන.

“මැණිකේ,ඔයා මගෙ පළවෙනි ආදරේ.පළවෙනි ගෑනි.ඔයා මගේ හොර ගෑනි වෙන්න ඕන නෑ.අපිට එළිපිට ආදරේ කරන්න පුලුවන්.වෙන දෙයක් අපි බලා ගමු.”

ඔහු එහෙම කීවේ විශ්වාසයෙන්.ඇත්තටම අපි රහසේ ආදරේ කළේ නැහැ.එළිමහනේදී නිතරම මුණ ගැහුණා.අපි දෙන්නා සැමියා සහ බිරිඳ ලෙස මිසක් ප්‍රේමවන්තයන් දෙදෙනෙක් ලෙස කවුරුත් දකින්න නැතුව ඇති.ඔහුට ඇඳුම් තෝරා දෙන මට මහ සෙනඟ මැද්දේම සුධාරක හදිසි හාදුවක් ලබා දෙනවා.අවුරුදු දාසයක පෙම්වතියක් වගේ මාව විළියෙන් රතු වෙනවා.

“මිනිස්සු බලනවා ඇති මේ නාකි ජෝඩුවට වෙලා තියෙන්නෙ මොකක්ද කියලා.කෝලං කරන්න එපා.”

මම එහෙම කියනකොට ඔහු ඒ මහ සෙනඟ මැද්දෙම මහ හයියෙන් හිනා වෙනවා.

“වයසට ගියත් මිනිස්සු ආදරෙන් ඉන්න ඕන මැණිකෙ..”

ඒ වචන මොන තරම් ඇත්තක්ද? විවාහ ජීවිතේ තුළ ප්‍රශ්න ඇති වෙන එකම හේතුව ආදරය හීන වීම නොවුණත් ලොකුම හේතුව එය බව නොකියාම බෑ.ආදරය පැරණි විය යුතු නැහැ.එය දවසින් දවස අලුත් විය යුතු දෙයක්.මම එය ඉගෙන ගන්නට ගත්තේ ඔහුගෙන්.ඇල්මැරුණු ජීවිතයක් හිමි අසංකත් බෝතලය බදාගත් චමලුත් මගේ ජීවිතය වාලුකාවක් කර තිබූ බව මට වැටහුණේ ආයෙමත් මට සුධාරකගේ ආදරය ලැබෙන්නට පටන් ගත් පසුවයි.

සැරයටියෙන් අපි යනෙන තුරා
සංසාරේ අපි එකට යමු
සංසාරෙන් අපි සමුගන්නා දා
ඒ ගමනත් අපි එකට යමු..

සුධාරක මගේ වාහනයට නැගී එහෙමෙහෙ යද්දී නිතරම ඒ ගීය ගැයුවා.සංසාරයෙන් සමු ගැනීම අපිට එක්ව කරන්නට හැකි වූවාද නැද්ද මම දැන්මම ඔබට කියන්නේ නැහැ.නමුත් අපි සංසාරය පුරා එක්ව යන බව මට විශ්වාසයි.

ඉතින් ඔහොම ආදරයෙන් ඉඳියදී සුධාරකගේ ජීවිතයේ විශේෂම දවසක් පැමිණියා.ඒ ඔහුගේ පනස්වැනි උපන්දිනය.ඒ දවස හිමි මට ද දිල්හානිට ද කියලා මට දැනුණේ දෙගිඩියාවක්.

“ඔයාගේ පනස්වැනි උපන්දිනේ එනවනෙ මහත්තයා.ඔයා ඒක සෙලිබ්‍රේට් කරන්න ඕන ඔයාගෙ ගෙදර අය එක්ක නේද? ඔයාගෙ පවුල එක්ක නේද?”

මම එහෙම ඇහුවේ හිතේ වේදනාවක් ඇවිලෙන අතර.මට හිමි තැන ගැන මම දැන සිටියා.නමුත් සුධාරක දෑස් මත ආදරය තවරාගෙන මදෙස බලා සිටියා.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

කෑම පෙට්ටිය

“අම්මා මේ,” පාසැල් ගොස් මහන්සියෙන් මුත් සිනහසෙමින් පැමිණෙන දෝණි සුපුරුදු පරිදි කෑම පෙට්ටිය මට දිගු කරන්නේ මා ඒ ගැන...

වැඩිහිටියන්ගේ නොසැලකිලිමත්කම නිසා මිලිනව ගිය තවත් පුංචි මල් කැකුළක්.

බණ්ඩාරගම අටලුගම සිදු වූ අට හැවිරිදි පුංචි අයිෂාගේ ඝාතන අපරාධය මේ මොහොතේත් ලාංකිකයක් කම්පාවට පත් කිරීමට සමත්. මේ සටහනෙන්, ඒ සිදුවීමෙහි පසු...

හිමගිරි අරණ -20

"ඔයා කියන විදියට නම් වැඩ කරන්න බෑ රවිඳු.එහෙම ගිය මනුස්සයෙක්ට ආදරේ කරලා මොකටද?" පාරමී වහා එරෙහි වූවා ය.සහන් සමඟ...

ශරදාකාසේ -34

"විකාර නැතුව ඒ මහත්තයව බැඳපං පංචලී. මොන දේ වුණත් නීතියෙන් බැඳගන්න එකේ වාසිය ගැනයි හිතන්න ඕනෙ. මන් දන්න සෑම්පලේ ගෑනුනං හිතන්නෙ ඒ...

එයා වගේ යාළුවෙක්

“හායි! අසේලා” “හායි! හායි! ශානා ….ඔයාගේ ලස්සන…..” “ආ,ඔයා විතරයි මට ලස්සනයි කිව්වෙ.මග දිගට දකින දකින අය...