(අ)හිමි සිහින -95

“නෑ..මට මතක නෑනෙ.”

ඇත්තට හෝ බොරුවට එහෙම කියලා සුදාරකගේ අම්මා මම දිහා බලාගෙන හිටියා.ඇයට සැබෑවටම මාව හඳුනා ගන්නට හැකි වේද කියලා මට ඇති වුණේ දෙගිඩියාවක්.සුදාරකගේ ජීවිතෙන් අයින් විය යුතු බව කියමින් ඇය මාව ඔහුගෙන් දික්කසාද කළා.අවුරුදු ගණනකට පස්සේ ඔහුගේ රෝගී සයනයක් ළඟ මා හමුවීම ඒ අම්මාට ඇති කළේ මොන වගේ හැඟීමක් ද කියන්න මම අදටත් දන්නෙ නැහැ.ඒත් පුතාගේ පරණ පෙම්වතිය යළි මුණ ගැහීම කිසිම අම්මා කෙනකුට හොඳ හැඟීමක් ඇති කරයි කියලත් මම හිතන්නේ නැහැ.

“මේ අනුරාධා”

සුදාරක කිසිම පැකිලීමකින් තොරව මාව ඒ විදියට අඳුන්වා දුන්නා.ඔහු මට පොරොන්දු වුණා වගේම මාව හංගන්න ඔහුගේ කිසිම කැමැත්තක් නැති බව මට හිතුණේ ඒ වෙලාවේ.

“කොහොමද ඉතින්..”

සුදාරකගේ අම්මා මාත් එක්ක ගැටුමකට එන්නෙ නැතුව ආගිය තොරතුරු කතා කළා.මම ඇය මාවත් සුදාරක වත් වෙන් කරපු බව අමතක කරලා ඇය සමඟ හොඳින් කතා බහ කළා.ඇත්තටම ඇය එදා අපේ දික්කසාද කරන්න නොහිතුවා නම් අපේ ජීවිත මේ විදිහට වෙනස් වෙන්නේ නැති බව මම දන්නවා.මම වත් සුදාරක වත් මේ වගේ ප්‍රශ්න වලට මැදි වෙලා ජීවත් නොවී ආදරය පිරුණු ලෝකයක සැනසීමෙන් සතුටෙන් ජීවත් වේවි.නමුත් අපේ ඉරණම ලියවිලා තිබුණේ එහෙම.එහෙම නැත්නම් සුදාරකගේ අම්මා ඒ ඉරණම ලිව්වෙ එහෙම.කිසිම දෙයක් දැන් වෙනස් කරන්න බැරි වුණාට ඇය සමඟ කෝප වීම කමකට නැති දෙයක් කියලා මට හිතුණා.

පරණ ආදරවන්තයා මුණගැසීම මහා අපරාධයක් නෙමෙයි.ඔහුගේ මම ත් අතර නැවත සම්බන්ධයක් ඇති බව දන්නෙ ඔහුගේ රියදුරා සහ ළඟම කිහිපදෙනෙක් විතරයි.ඒ නිසාම සුදාරකගේ අම්මට එහෙම සැකයක් ඇති නොකර මම ඔහුගේ ලෙඩ බලන්න ආපු විදියට හැසිරෙන්න මම තීරණය කළා.

“අම්මා කොහෙටද යන්නේ මට ඇරලවන්න පුළුවන්.”

රෝහලින් එළියට ඇවිත් මම එහෙම ඇහුවේ ඇයට මාත් එක්ක තරහක් තියෙනවද බලන්නත් එක්ක.ඇය හිටියේ මගේ නිවසට ආසන්න නගරයක.මම මගේ වාහනයෙන් ඇය නිවසට රැගෙන ගියා.

“ඉතින් දැන් මොකද කරන්නේ?”

මාව රූපවාහිනියෙන් දකින්න පුළුවන් ඉඩ වැඩි වුණත් ඇය මගේ ආගිය තොරතුරු විමසන්න පටන් ගත්තා.මගේ රැකියාව චමල් මගේ දුව වගේ දේවල් ගැන මම ඇය සමඟ කිව්වා.ඇය ඒ කතා අහල සතුටු බව හැඟෙව්වා.ඒ සතුට ඇත්තක් වුණත් බොරුවක් වුණත් මම යමක් උපයාගෙන හොඳ පවුලක් එක්ක හොඳ තැනක හිඳීම ඇයට සතුටක් බව තමයි ඇය මට කිව්වේ.සුදාරකගේ සහෝදරියෝ ගැන පවුලේ අනිත් විස්තර ගැන කතාබහ කරමින් ඇය මාත් එක්ක බොහොම සුහදශීලීව ආපසු ආවා.

“අපි අතර සම්බන්ධයක් තියෙනවා කියලා දැන ගත්තොත් ඒ අම්මා මොනව කරයිද?”

එහෙම හිතුණේ මට.මම සුදාරකගේ අසනීපය ගැන බලන්න එන්න ඇති කියලා විශ්වාස කරපු නිසාද කොහෙද ඇය මට බොහොම හිතවත් කමින් සමුදුන්නා.මම ගෙදරට එනකම්ම මේ ගමනේ අවසානය ගැන කල්පනා කළා.ඇත්තටම අපි මේ ගමන නවත්තන්නෙ කොහොමද කොතැනින්ද? දිල්හානි සහ චමල් නොදැන අපි මේ ගමන තව මොනතරම් දුරකට යනවද? ඔහු දරුවෝ තුන්දෙනා සහ මගේ දියණිය අනාගතයේදී මේ බැඳීම කොහොම භාර ගනීවි ද?මට ප්‍රශ්න දාහක් ඇති වෙන්න පටන් ගත්තා.අනික් කාරණාව තමයි චමල් එක්ක මේ ජීවිතේ මේ විදිහට පවත්වාගෙන යන්න බැරි බවත් මම නිතරම හිතපු කාරණාවක්.ඒ හැම කාරණවක්ම එක්ක අනාගතය ගැන අවිනිශ්චිත බවකින් මගේ මගේ හිත පිරිල ගියා.

මගේ කතාව කියවන ඔබ මාව නරක විදියට විනිශ්චය නොකර ආදරය ඕනෑම අයුරකින් පැවතිය හැකි බව විශ්වාස කිරීම මට සතුටක්.අපේ ආදරය ඊළඟට ගමන් කරේ මොන වගේ තැනකට ද අපි ජීවිතය දරා ගත්තේ කොහොමද කියලා ඔබ නොඉවසිල්ලෙන් අහගෙන ඉන්න බව මම දන්නවා.මේ චිත්‍රපටියකට සම වූ කතාවේ ඊළඟ කැළඹීම් ඔබ සමඟ බෙදා ගන්න මමත් ඉන්නේ නොඉවසිල්ලෙන්.

හෙටත් මුණ ගැහෙමු.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

ශරදාකාසේ -34

"විකාර නැතුව ඒ මහත්තයව බැඳපං පංචලී. මොන දේ වුණත් නීතියෙන් බැඳගන්න එකේ වාසිය ගැනයි හිතන්න ඕනෙ. මන් දන්න සෑම්පලේ ගෑනුනං හිතන්නෙ ඒ...

එයා වගේ යාළුවෙක්

“හායි! අසේලා” “හායි! හායි! ශානා ….ඔයාගේ ලස්සන…..” “ආ,ඔයා විතරයි මට ලස්සනයි කිව්වෙ.මග දිගට දකින දකින අය...

හිමගිරි අරණ -19

"එකට වැඩ කරන නිසා අයියේ අක්කේ නංගි මල්ලි කියා ගත්තෙ නැතුවට මම අක්කා තමයි." හිමාෂා කියන්නේ හිනැහෙමිනි.කාර්යාලයේ හිඳින වයසින්...

(අ)හිමි සිහින -123

මම මගේ ක්ෂේත්‍රයේ මට හැකි උපරිමයෙන් ඉදිරියට එන්නට වෙනකොට කටයුතු කරමින් සිටියා.හැබෑවටම මම ඒ වෙනකොට රටේ බොහෝ පිරිසක් දන්නා චරිතයක් බවට පත්වෙමින්...

ශරදාකාසේ -33

පංචලී පුතෙකු බිහි කළා ය. පෞද්ගලික රෝහලක සුව පහසු ලෙස ඒ අත්දැකීම විඳ ගන්නට ශාරද ඇය ට අවස්ථාව උදා කර දී තිබුණේ...