Shirt එකක් තෑගි දෙනවා නම් මෙන්න මේ විදිහට තෝරගන්න

බොහෝ කාන්තාවන්ට තම ස්වාමිපුරුෂයාට හෝ පෙම්වතාට එසේත් නැතිනම් පියාට හෝ සහෝදරයෙක්ට shirt එකක් තිළිණ කිරීමට අවැසි වූවත් shirt එකක් තෝරාගත යුතු ආකාරය පිළිබඳව එතරම් අවබෝධයක් නැහැ. මේ ඒ සම්බන්ධයෙන් පුංචි අත්වැලක්.

කාන්තා පිරිමි භේදයකින් තොරව විලාසිතාවක් මගින් සැවොම බලාපොරොත්තු වනුයේ සුන්දර පෙනුමකි. එසේම කෙනකුගේ සුවිශේෂී බව හා ආත්ම විශ්වාසය ලොවට පෙන්වීමට උසස්‌ තත්ත්වයේ ඇඟලුම්වලට හැකියාව තිබෙනවා. එනිසා shirt විලාසිතාවක් තෝරාගැනීමට පෙර ඔබ කමිසය ලබා දෙන තැනැත්තාගේ වයස, උස/මිටි බව හා කෙට්ටු/මහත බව, සමේ පහැය, සහභාගී වන උත්සව අවස්ථාව හෝ රැකියාවේ ස්වභාවය පිළිබඳ සැළකිලිමත් විය යුතුයි.

තෑගි දීමට shirt එකක් මිලදී ගැනීමේදී පළමුවෙන්ම ගෙල වටා මිනුම (Neck size), කමිස අතේ ප්‍රමාණයේ මිම්ම (Sleeve length) පිළිබඳව අවබෝධයක් ලබාගන්න. එවිට සුදුසු කමිසය තෝරාගන්න පහසු වේවි. ලංකාවේ 15.5/ 16/ 16.5/ 17/ 17.5 සිට ඉහළට සහ Large (L), Extra-large (XL), XXL, XXXL වගේ ප්‍රමාණ වලින් කමිස ලබා ගත හැක.

Shirt එක ශරීරයට වඩා ලිහිල් හෝ වඩා තද බවින් යුක්ත නොවිය යුතුයි. වර්තමානය වනවිට බොහෝ තරුණයන් slim fit shirt විලාසිතා ප්‍රියකරනවා. ටිකක් සිරුරු ප්‍රමාණයෙන් වැඩි අයට හෝ ඇඟට ඇළුණු  shirt විලාසිතාවනට අකමැති අයට regular fit කමිස ලබා දිය හැකියි.

සුදුසු වර්ණයකින් කමිසය තෝරා ගැනීම තවත් වැදගත් කරුණක්. එහිදී සමේ පැහැය, කමිසය අඳින අවස්ථාව, ස්ථානය සහ කමිසය අඳින්නේ දවසේ කුමන වේලාවකදී ද යන්න පිළිබඳ අවධානය යොමු කළ යුතුය. එසේම ඔබ කමිසයක් තෝරා ගන්නා විට එහි අත්, කරපටි, බොත්තම්, හැඩය වෙත ද අවධානය යොමු කිරීම වැදගත්.

වෙළඳපොලේ නිමක් නැති විලාසිතාවන්ගෙන් හා ප්‍රමාණයන්ගෙන් කමිස ඇති නිවැරදි කමිසය තෝරාගැනීම සැමවිටම වැදගත්. උසස්‌ම ප්‍රමිතියෙන් යුත් රෙදි වර්ග භාවිතා කර තිබීමට අමතරව ඉතාමත් උසස්‌ ආකාරයේ මැහුම් යොදා මසා ඇති දිගු කලක්‌ ගත වුව ද වර්ණය වෙනස්‌ නොවී නව පෙනුමෙන් යුතුව පවතින පහසු මිලකට හොඳ තත්ත්වයේ shirt එකක් තෝරාගන්නටත් වගබලාගන්න.

ඉහත කරුණු අනුව shirt විලාසිතාවක් තෝරා ගැනීම එතරම් ගැටලුවක් වන්නේ නැති නමුත් කෝකටත් බිල අරන් තියාගත්තාට පාඩුවක් වන්නේ නැහැ!

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles