අල සහ මාළු මිරිස් කරිය

මාළු මිරිස් රසම රස ව්‍යාංජනයක්. නමුත් බොහෝ දෙනා පුරුදුව සිටින්නේ මාළු මිරිස් තෙල් දාන්නයි. ඒ නිසා මේ විදිහට මාළු මිරිස් සකසා ඔබේ එදිනෙදා කෑම වේලට වෙනස්ම රසයක් එකතු කරගන්න..

අවශ්‍ය ද්‍රව්‍ය:

  • මාළු මිරිස්  200 g
  • තම්බාගත් අල 200 g
  • තක්කාලි  100 g
  • උම්බලකඩ මේස හැඳි  1
  • රතු ළූණු  40 g
  • ලියාගත් කරපිංචා  මේස හැඳි  1
  • රම්පේ
  • කුඩා කුරුඳු පොත්තක්
  • කහකුඩු  තේ හැඳි 1/2
  • කෑලි මිරිස් මේස හැඳි 1/2
  • බැදගත් උළුහාල් තේ හැඳි 1/2
  • මිටිකිරි අඬු කෝප්ප 1/2
  • ලුණු රස අනුව
  • තෙල් හෝ මාගරින් ස්වල්පයක්

සාදන අයුරු:

පළමුව මාළුමිරිස් හතරට පළා එය නැවත දෙකට කපා ගන්න. අනතුරුව තක්කාලි තීරු කපාගන්න. අල තරමක කැබලිවලට කපාගන්න. භාජනයක් ළිප තබා එයට තෙල් දමා ළූණු, රම්පෙ, කරපිංචා, කුරුඳු පොතු එකතු කර එය රන්වන් පැහැයට බැද උම්බලකඩ, කෑලි මිරිස්, උළුහාල් ලුණු හා මිටිකිරි කිරි ද එකතු කරන්න. අවසානයේ උතුරන තුරු හැඳි ගා මාළුමිරිස්, අල, තක්කාලි සහ රස අනුව ලුණු එකතු කර තරමක් හැඳි ගා ළිප නිවා භාජනය වසන්න. මද වේලාවක් තබා ලිපෙන් ඉවත් කර පිළිගන්වන්න.

බලන්න මේ ක්‍රමයට මාළුමිරිස් හදල, මාළුමිරිස් කන්න අකැමැතිඅය වුණත් ඉතා කැමැත්තෙන් ආහාරයට ගනීවී.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles