(අ) හිමි සිහින -169

සුධාරක කොළඹට ආසන්න නගරයක නිවසක් ඉදිකරන්නේ වසර කිහිපයකට ඉහතදී.කොළඹට තදාසන්න නගරයක නිවසක් ඉදි කිරීම එතරම් පහසු කතාවක් නොවන වග මේ කතාව කියවන ඔබ කාටත් හිතා ගන්නට අසීරු නැහැ.නමුත් ඒ අසීරු කාර්යය ඔහු ඉටු කර තිබුණේ තමන්ගේ කියා නිවසක සිහිනය සැබෑ කරගන්නට වෙන්න පුළුවන්.

“මේ ඉඩම අපි දෙන්නගෙම නමට ගමු.”

නිවස සෑදීම වෙනුවෙන් ඉඩමක් මිලට ගනිද්දී ඔහුට දිල්හානි ගෙන් එවැනි යෝජනාවක් මතුවූ  බව ඔහු මට පවසා තිබෙනවා.

සාමාන්‍යයෙන් දෙක විසින් එවැනි යෝජනා ඉටු නොකරන නිසා එසේ යෝජනා කළේ කුමන කාරණාවක් උදෙසා දැයි සුදාරක ඇගෙන් විමසා තිබුණේ පුදුමයෙන්.එයට දිල්හානි ලබාදුන් පිළිතුර සියල්ලටම වඩා පුදුමයක් ඇති කර කාරණාවක් බව ඔහු මට හිනැහෙමින් පැවසූ අන්දම මට මේ මොහොතේ ද සිහි වෙනවා.නමුත් සුදාරක හොඳින් කියවා ගන්නා මට ඒ මොහොතේ වැටහුණු එක් කාරණාවක් තිබුණා.ඔහුගේ ඒ සිනාවට යටින් අතිශය විශාල වේදනාවක් දකින්නට තිබුණා.තමන් සමග එක්ව ජීවත් වන ගැහැනිය තමන්ව එතරම්ම අවිශ්වාස කිරීම පිරිමියෙකුට දැරිය හැක්කක් වන්නේ නැහැ.

“කියන්ඩ බෑනෙ ඉතින් දාල ගියොත් එහෙම.එතකොට මට ගෙයක් හරි ඉතුරු වෙන්න එපායැ.”

ඔවුන් මේ නිවස ඉදි කරන කාලයේ සුධාරක සහ මා අතර කිසිම මිත්‍රත්වයක් වත් තිබුණේ නැහැ.ඒ කාලයේ මම නුවර අසංකගෙ අම්මා සමග රෝහල්වල ගෙවූ කාලය මිස පැරණි පෙම්වතා ගැන සොයන්නටවත් ඉස්පාසුවක් තිබූ කාලයක් නොවේ.ඉතින් ඇයට මා සම්බන්ධයෙන් කිසිම බියක් ඇති වන්නට බැහැ.යුද්ධය ඉතා දරුණු ව පැවති කාලයේ පවා ඇයට ඔහුගේ ජීවිතය සම්බන්ධ බියක් තිබුණේ නැහැ.මේ මොහොතේ ද ඇයට පවතින්නේ ජීවිතය සම්බන්ධ බියක් නොව සුධාරක කිනම් මොහොතක හෝ තමන් අත්හැර දමා යාවිදැයි බියක් බව සුධාරකට වැටහී තිබුණා.නමුත් ඔහු ඇගේ ඉල්ලීම ක්‍රියාත්මක කර තිබුණේ ද නැහැ.

ඒ නිවස ඉදිව තිබුණේ දිල්හානිගේ කැමැත්තට ඉඩ දෙමින්.ඇය තෝරා ගත් සැලසුමේ විශාල අඩුපාඩු තිබූ නිසා සුධාරක සමග එක්ව ජීවත් වන්නට ගිය පසු මම මගේ වියදමින් ඒ නිවසේ විශාල වශයෙන් වෙනස්කම් සිදු කළා.මේ නිවස ඉතාම විශාල නිවසක්.එය වීදුරු වලින් නිම කරන්නට යාම නිසා නිවසේ ආරක්ෂාවට හානියක් වී ඇති බව මම අදටත් විශ්වාස කරනවා.නමුත් අඩුපාඩුකම් නිවැරදි කරමින් මෙය නිවසක් බවට පත් කරන්නට මම විශාල මහන්සියක් දැරුවා.සුධාරක වියදම් කළ මුදල් හැරුණු විට ඒ නිවස වෙනුවෙන් මා මුදල් වියදම් කළ බවක් මට කොතැනකවත් කියන්නට උවමනා වූයේ නැහැ.නමුත් ඒවා හෙළි කරන්නට දවස් පවා පැමිණියේ දෛවය අපට මොන තරමට සරදම් කරනවාද යන්න පසක් කරමින්.

“මැණිකේ,මෙන්න ඔයාගේ ගෙදර.මේ යතුරු කැරැල්ල ඔයා තියා ගන්න.අද ඉඳන් මේ යතුරු තියෙන්න ඕනේ මගේ මැණිකේ ළඟ.මේ ගේ ඔයාගේ.”

ඔහු සමඟ එක්ව ජීවත් වන්නට පැමිණි දා සුදාරක එසේ කියමින් නිවසේ යතුරු මට බාර දුන්නා.නිවසේ හැම දොරකඩම අයිති යතුරු සහිත එය විශාල යතුරු කැරැල්ලක්.අතීතයේ නැරඹූ ටෙලි නිර්මාණයක වලව්වක අත්තම්මා කෙනෙකු සතු යතුරු කැරැල්ලක් තරම් බර ඒ යතුරු කැරැල්ල මා අතට ගත්තේ ඉතාම ආදරයෙන්.මගේ රැකියාව සහ පවුල් පසුබිම අනුව මට ඕනෑතරම් දේපල උපයාගන්නට පුලුවන්.නමුත් තමන් ආදරය කරන මිනිසා ආදරයෙන් පවරා දෙන දෙයක් තරමට ගැහැනියකට කිසිවක් වටින්නේ නැහැ.ඒ නිසා එදා සිට මා ඒ යතුරු කැරැල්ල සුරක්ෂිත කළේ මගේ අත් බෑගය තුළ තබාගෙන‍යි.ඔබ විශ්වාස කරාවි දැයි මා දන්නේ නැහැ.නමුත් ඔබ මේ සටහන කියවන මොහොතේ පවා යතුරු කැරැල්ල මගේ අත් බෑගය තුළ ඇති බව මට සහතික කර කියන්නට පුළුවන්.

අනුරාධපුරයට පැමිණෙද්දී ද යතුරු කැරැල්ල මම රැගෙන ආවා.වරින් වර කොළඹට යද්දී සුදාරකගේ ඥාතීන් මගෙන් කිසිවිටෙකත් නිවසේ යතුරු ගැන විමසා සිටියේ නැහැ.මා කිසිවක් නිවසින් රැගෙන එන්නැයි ඔවුන්ට පැවසුවේ නැති නිසා ඔවුන්ට අපේ නිවසට යන්නට උවමනා වන්නේ නැති බව මා සිතා සිටියා.

ඔව්!

යතුරු ඉල්ලා සිටියේ නැති බව ඇත්තක්.නමුත් ඔවුන් අපේ නිවසට ගොස් තිබුණා.ඒ අතිශය නිහීන ක්‍රියාවක් වෙනුවෙන්.සැබෑවට මේ ක්‍රියාව නිහීන ක්‍රියාවක් කියනවට වඩා හොඳින් විස්තර කරන්නට මා සතුව සිංහල භාෂාවේ වචන ඇත්තේ නැහැ.ඔවුන් අප ආදරයෙන් ජීවත් වූ නිවසේ ගේට්ටුවේ සිට ප්‍රධාන දොර දක්වාම තැන්වල යතුරු ගලවා ඉවත් කර අලුතෙන් යතුරු තහඩු සවි කර තිබුණා. මට මේ මොහොතේ පවා පැහැදිලි කර ගන්නට අසීරු දෙයක් තිබෙනවා.ඒ ඔවුන් එසේ කළ හේතුවයි.ඔවුන්ට ඒ දේපල උවමනා වූවා නම් එය මට පැහැදිලිව පවසන්නට තිබුණා.

“අපේ අයියා ඉන්නේ ලෙඩ ඇඳට වැටිල.එය ජීවත් වෙයිද කියන්නත් බෑනේ.අපිට අපේ අයියගෙ ගෙදර ඕනි.ඔයා ඔයාගේ කියලා තියෙන බඩුත් අරගෙන ගෙදරින් යන්න.අපට යතුරු භාර දෙන්න.”

අපි දියුණු යැයි පවසන මිනිසුන් මිස සත්ත්වයන් නොවේ.ඒ නිසා ප්‍රශ්නයක් කතා කර කතා කර විසඳාගන්නට කිසි ම මිනිසකුට නොහැකි බව මා සිතන්නේ නැහැ.නමුත් ප්‍රශ්නය කතාකර විසඳගන්නවා වෙනුවට නිර්ලජ්ජිත සැලසුම් ක්‍රියාත්මක කරන්නට ඔවුන්ට කෙසේ හැකි වූවාදැයි මට වැටහෙන්නේ නැහැ. ඔවුන්ගෙ හොර හිත කොතරම් ප්‍රබලදැයි කියනවා නම් ඒ සියල්ල සිදු කර නැවත අනුරාධපුරයට ගොස් මා සමඟ හොඳින් කතා බහ කර සිටින්නට පවා ඔවුන් පෙළඹුණා.කිසිවක් ම නොදැන බෝධිපූජා තබමින් සිටි මට ඔවුන් මට හොරා හිනැහෙන්නට ඇති බව මට මේ මොහොතේ දී සිතෙනවා.

මිනිස්සුන්ට එතරම්ම වියරු දේවල් කරන්නට හැකි බව ඔබට නිකමටවත් සිතී තිබුණාද? නමුත් ඔවුන්ගේ ක්‍රියාවන් දිනෙන් දින උග්‍ර වූවා මිස හීනවී ගියේ නැහැ.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles

සුහදිනී -26

"ට්වින් ෆ්ලේම් ගැන මොකද හිතන්නේ" කතා කරන්නට වඩාත්ම පහසු වන්නේ හොඳින්ම දන්නා දේවල් සම්බන්ධයෙන් ය.සකී මේ සම්බන්ධයෙන් දන්නා දෙයක්...

(අ)හිමි සිහින – 186

මේ කතාව සත්‍ය කතාවක් බව නොකියා ලියා තැබුවානම් එය පිළි ගන්නටත් බැරි තරම් මහා ව්‍යාකූල සිද්ධීන් හා පුද්ගල චරිතවලින් පිරුණු එකක් බව...

ප්‍රේමයේ අභිමන් -19

කොළඹ දිස්ත්‍රික්කය තුළ පිහිටි ග්‍රාමයක් වී ද එහි දුර ඈක ගමක වන ගති ලක්ෂණ මැනවින් වූයේ ය. ඇල ගලා ගියේ සසංක ගේ...

අතරමං වෙමු වසන්ත මල් ගොමුවේ

"නඟා ඇයි මූණ නාළු කොරගෙන, මෙච්චර හොඳ දවසෙ?" රේන්ද අල්ලාපු මහ බර ඔසරියකුත් ඇඟ වටේ ඔතාගෙන, සුදු පාටම හින්නික්කිතර...

පුතු ලබාගැනීම වෙනුවෙන් ගුවන් යානයක් පැහැරගත් ශ්‍රීලාංකික පියා..

පුතු සෙනේ මස්‌ නහර හම සිඳඇට සොයා ගොස්‌ ඇට තුළට වැදඇට මිදුලු මත රඳා සිට දුක්‌ දෙයි නිබන්දා" සිංහබාහු...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content