(අ)හිමි සිහින -171

ජීවිතයේ සියල්ලම අහිමි වී යන දවස් ඔබට උදා වී තිබෙනවා ද? ගේ ජීවිතයට එසේ උදව් වූ දවසක් ගැන අද ඔබට කියන්නට මම හිතුවා.දරාගැනීම ම ජීවිතේ ශක්තිය කර ගත් මා වැනි ගැහැනියක ඒ දවස ද දරා ගත් ආකාරය ගැන මගේ කතාව අසා සිටින ඔබ සමග බෙදා නොගෙන ඉන්නට මට බැහැ.

“හෙට අපිට මැඩම්ව දාලා යන්න වෙනව.”

රාජකාරි නියෝග මත තවදුරටත් සුදාරක ළඟ සේවය නොකර රාජකාරි ස්ථානයට වාර්තා කරන්නට සිදු වූ කනිෂ්ට නිලධාරීන් මට එසේ පැවසූයේ මා සමඟ රුවන්වැලි සෑයේ අවසාන රාත්‍රී පූජාවට සහභාගී වන අතරයි.මා ඊළඟ දවසේ සිට ආරාමයට හිතවත් පවුලක් සමග ජීවත්වීමට තීරණය කර තිබුණා.මම මීට පෙර දිනෙක පැවසූ පරිදි ඔවුන් ප්‍රදේශයේ යම් බලයක් හිමි පවුලක්.ධනය අතින් නොව තමන්ගේ යහපත් ගතිගුණ නිසා සියල්ලන්ගේම ආදරයට ගෞරවයට පාත්‍ර වන පවුලක්.

“අනේ අපි හෙට යන්නේ අපේ මැඩම් ඔයාලට බාර දීලා මැඩම් ගොඩක් හොඳට බලාගන්න ඕන.”

මගේ දරුවන් සහ සහෝදරයින් බඳු නිලධාරීන් ඔවුන්ගෙන් එසේ ඉල්ලා සිටිද්දී ඔවුන් එය අකුරටම ඉෂ්ට කරන්නට පිළිණ දුන්නා.මට ඒ ගැන අවිශ්වාස කරන්නට දෙයක් නොවුණේ ඔවුන් එය පිලිණ ලබා දුන්නේ රුවන්වැලි සෑ මළුවේ දී වීම නිසා නොවේ.මෘගයන් වැනි ඥාතීන් අතරට මැදි වී සිටි මට ඔවුන්ගේ මිනිසත් භවය ගුණ සුවඳ ඉතා හොඳින් දැනුණු නිසා.

“ඒ ගැන අහිතක් තියාගන්න ඕනෙ නෑ.අනිත් එක මේ ඇඳිරි නීති කාලේ වුණත් මැඩම් එහෙමෙහෙ යන හේතුව දැන් මේ ටවුන් එකේ පොලිසියේ අයට රහසක් නෙමෙයි නේ.ඒ නිසා අපි බය නොවී අපේ වැඩ කර ගෙන යමු.”

පසුවදා උදෑසන හතරට පමණ මා රැගෙන යන්නට ඔවුන් පැමිනුණා.කණිෂ්ට නිලධාරීන් මා ඔවුන්ට භාර කරන්නට ගියේ ඔවුන්ගේ සේවය එතකින් අවසන් නිසා.උදෑසන මහපාර මතදීම ඔවුන් මගෙන් වැඳ සමු ගත්තේ අම්මාගෙන් වෙන් වී ඈත පළාතකට රැකියාවට යන දරු පිරිසක් පරිද්දෙන්.සැබෑවටම ඒ මට ඉතාම වේදනාකාරී මොහොතක් වුණත් මා ඉවසන්නට තීරණය කළා.ඔයා ගත යුතු තැන් තව බොහෝ එළඹෙන්නට ඇති බව මම දැනගෙන සිටියා.

අප එදා පූජාවට ගියේ ථූපාරාමයටයි.රුවන්වැලි සෑය සහ ශ්‍රී මහා බෝධිය තේවා හඬ ඇසෙද්දී අප ථූපාරාමයට සිදු කරන්නට තිබූ පූජාවන් සිදු කරා.ඒ පූජාවන් සිදුකර සිත සනසා ගන්නට මට මොහොතකටවත් ඉඩ ලැබුණේ නැහැ.

වෙලාව හත පසුවී මිනිත්තු කිහිපයක් ගෙවී යන්නට ඇති.මගේ ජංගම දුරකථනය නාද වන්නට පටන් ගත්තේ මගේ හද ගැස්ම වේගවත් කරමින්.ඒ සෑම මොහොතකම මගේ හද ගැස්ම වේගවත් කරන දුරකථනයෙන් ලැබෙන ඇමතුම.

“මිසිස් අනුරාධා.අද හවස දෙක වෙනකොට ගිලන් රථය ලෑස්ති.අපි මෙතුමාව මෙහෙන් කොළඹට පිටත් කරනවා.”

රෝහල් බලධාරියා මට එසේ පවසා සිටියා.කියන්නේ කරන්නේ කුමක් දැයි සිතා ගන්නට බැරුව මම මොහොතක් නිහඬව සිටින්නට ඇති.

ඔබ කුඩා කාලයේ ප්‍රහේලිකා පුරවා ඇතැයි මම සිතනවා.ප්‍රහේළිකාවක පුරවා ගන්නට අපහසු මුල්ම කොටු කිහිපය පමණයි.ඉන්පසු එය පුදුමාකාර වේගයකින් පුරවා ගන්නට අපට හැකියාව ලැබෙනවා.ඔව් මේ ප්‍රහේලිකාව ද මම වේගයෙන් පුරවා ගනිමින් සිටියා.මුලින්ම ඔවුන් මගේ නිවසේ යතුරු වෙනස් කර තිබෙනවා.ඉන්පසු සුදාරකගේ සියලුම කනිෂ්ට නිලධාරීන් ඔහු ළඟ සේවයෙන් ඉවත් කරන්නට ඉල්ලීමක් ඉදිරිපත් කර ක්‍රියාත්මක වී තිබෙනවා.එයට ඔහුගෙන් පසු පත්වන්නට සිටි අනුප්‍රාප්තික ඉන්නේ යම් යම් උදව් ලැබෙන්නට ඇති බව මට පසුව ආරංචි වුණොත් මම එහි සත්‍ය අසත්‍යතාව ගැන නිවැරදිව කියන්නට දන්නේ නැහැ.ඊළඟ ප්‍රධාන කාරණය වන්නේ සුදාරක කොළඹ හමුදා රෝහලට මාරු කර යැවීමයි.මේ සියල්ලෙන් හෙළිවන්නේ දෙයක් පමණයි.අසාධ්‍ය රෝගයක සිටින රෝගියකු සුවකර ගන්නට ඔවුන්ට උවමනාවක් ඇත්තේ නැහැ.මට ඔහු සම්බන්ධයෙන් ඇති සියලුම අයිතිය අහිමි කරන්නටත් ඉන් අනතුරුව ඔහු සතු සියලු දේ කොල්ලකා ගන්නටත් ඔහුගේ ඥාතීන් විශාල කැමැත්තකින් බලා සිටිනවා.

“දැන් අරකිට යන්න එන්න තැනකුත් නැතුව ඇති.”

ඔවුන් මා ගැන එසේ සිතන්නට ඇති.රජයේ රෝහලකට ඔහු ඇතුළු කරොත් මට ඔහු බලන්නට ඇති හැකියාව අහිමි වී යන්නේද නැහැ.ඒ නිසා මට ඔහුව බලන්නට නොහැකි වන ලෙස ඔහු රාජකාරියට අනුබද්ධ රෝහලට ඇතුළත් කරන්නටත් ඔවුන්ගේ සැලසුම ඉහළින්ම ක්‍රියාත්මක වෙමින් තිබුණා.

ඇත්තටම සුධාරකගෙන් වෙන් වන්නට සිදු වූ පසු මා ක්‍රියා කරන්නේ කෙසේ දැයි යන්න සිතමින් මම විනාඩි කිහිපයක්ම හුන් තැනම ගල් ගැසී හිඳින්නට ඇති.නමුත් මම හිත දැඩි කරගෙන වෛද්‍යවරයා මුණගැසෙන්නට ගියා.ට ගිලන් රථය ඔහු සමග යන්නට බැරි බව මම දන්නවා.දැන් මට මගේ කියා පෞද්ගලික රථයක්ද ඇත්තේ නැහැ.වාහනය මගේ වුවත් දැන් මට අයිති රියදුරෙක් ඇත්තේ නැහැ. ඇඳිරි නීතිය කාලය නිසා පොදු ප්‍රවාහන සේවා ද අතිශයින් අඩාල වී තිබුණා.නැවත කොළඹට යන ආකාර ගැන සිතමින් ලතවෙන්න ට පෙර මට එක් දෙයක් කරන්නට ඇති බව මා දැන සිටියා.එක් අතකට අතිශය කලබලයට සහ පීඩනයට පත් වූ අවස්ථාවේ පවා කළ යුතු දේ හොඳ සිහියෙන් කරන්නට දැනගෙන සිටීම මට ඇති සුවිශේෂී හැකියාවක් බව මම විශ්වාස කරනවා.මම පීඩනය දරා ගනිමින් වෛද්‍යවරයාගෙන් එක් ප්‍රශ්නයක් ඇසුවා.

“මට හිත හදාගන්න බොරු දැන ගන්න අවශ්‍ය නෑ ඩොක්ට.ඇත්තම ඇත්ත කියන්න.දැන් එයා යනවා.ඒ යන අතරමග ඇත්තටම එයාට මොනවා හරි වෙයිද?”  

මේ සමුගැන්ම සදාකාලික සමු ගැන්මක් වෙන්නට පුළුවන්.ඒ නිසා මම මගේ ජීවිතය සම්බන්ධයෙන් අසන්නට ඇති අමිහිරිම  ආරංචිය අසන්නටත් හිත හදා ගත්තා.වෛද්‍යවරයා මා දෙස මොහොතක් නිහඬව බලා සිටියා.

ඔහු මට පැවසු කතාව ගැන මම ඔබට හෙට කියන්නම්.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles

සුහදිනී -26

"ට්වින් ෆ්ලේම් ගැන මොකද හිතන්නේ" කතා කරන්නට වඩාත්ම පහසු වන්නේ හොඳින්ම දන්නා දේවල් සම්බන්ධයෙන් ය.සකී මේ සම්බන්ධයෙන් දන්නා දෙයක්...

(අ)හිමි සිහින – 186

මේ කතාව සත්‍ය කතාවක් බව නොකියා ලියා තැබුවානම් එය පිළි ගන්නටත් බැරි තරම් මහා ව්‍යාකූල සිද්ධීන් හා පුද්ගල චරිතවලින් පිරුණු එකක් බව...

ප්‍රේමයේ අභිමන් -19

කොළඹ දිස්ත්‍රික්කය තුළ පිහිටි ග්‍රාමයක් වී ද එහි දුර ඈක ගමක වන ගති ලක්ෂණ මැනවින් වූයේ ය. ඇල ගලා ගියේ සසංක ගේ...

අතරමං වෙමු වසන්ත මල් ගොමුවේ

"නඟා ඇයි මූණ නාළු කොරගෙන, මෙච්චර හොඳ දවසෙ?" රේන්ද අල්ලාපු මහ බර ඔසරියකුත් ඇඟ වටේ ඔතාගෙන, සුදු පාටම හින්නික්කිතර...

පුතු ලබාගැනීම වෙනුවෙන් ගුවන් යානයක් පැහැරගත් ශ්‍රීලාංකික පියා..

පුතු සෙනේ මස්‌ නහර හම සිඳඇට සොයා ගොස්‌ ඇට තුළට වැදඇට මිදුලු මත රඳා සිට දුක්‌ දෙයි නිබන්දා" සිංහබාහු...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content