සුහදිනී- 11

“මෙහෙම හැමදාම චිත්‍ර අරගෙන යන්නත් බෑ දරුවෝ.”

සියුම් පැවසුවේ කරුණාවෙනි.ඔහු අතට චිත්‍රය ලබා දුන් සකී මඳහසක් පමණක් දෙන්නට ප්‍රවේසම් වූවා ය.සියුම් මේ පවසන්නේ ඇගේ ත්‍යාගයන් කෙළවරක් නැතුව අහස් වෙතට ගෙන යාමට නොහැකි බව ය.රටේ බොහෝ යුවතියන්ට මෙන් ඇයට අහස් කෙරෙහි උමතුවක් ඇතිදැයි සිතා ගන්නටද නොහැක්කේ ඇය අහස් දකින්නට ලබා දුන් අවස්ථාව පවා ප්‍රතික්ෂේප කළ නිසා ය.කෙසේ නමුත් මේ චිත්‍ර අඳින්නට ඇය අමතර වෙහෙසක් දැරිය යුතු වේ.ඒ වෙහෙස සහ ඇගේ කාලය වෙනුවෙන් මුදලක් ලබා නොදී දිගින් දිගටම අහස් ට චිත්‍ර රැගෙන යන්නට සියුම් නොසතුටු ය.එය ඇගේ හැකියාව පාවිච්චියට ගැනීමකි.

“සන්ෆ්ලවර්ස් හිගන්නෙක් අහස් ට හරිම පහසු හැඟීමක් ගේන දෙයක් කියලා එයා මට කියලා එවලා තිබ්බා.මේ වෙලාවේ එයා ඉන්නේ ප්‍රශ්නෙක කියලා මම දන්නවා.මම මේ චිත්‍රෙ අරන් ආවේ ඒ නිසා.අයියට පුලුවන් නම් ඕක එයාට දෙන්න.”

සකීගේ ඉල්ලීම අහක දමන්නට සියුම්ට නොහැකි ය.ඔහු සිතුවම ප්‍රවේසම්සහගතව අතට ගත්තේ ඒ නිසා ය.ශෝකයෙන් සහ ඊළඟට කරන්නේ කුමක් දැයි සිතමින් සිටින අහස් හමු වන්නට ගිය ඔහු සකීගේ සිතුවම ඔහු අත තැබී ය.

“දෙතුන්දෙනෙක් කියන අපහාස කතා ඔළුවට ගන්න ඕන නෑ කියලා උඹ තේරුම් ගන්න ඕනේ ඔන්න ඔය චිත්‍ර දිහා බලලා.උඹ මේ වෙලාවේ ඉන්නේ දුකෙන් කියලා උඹේ ෆෑන්ස්ලා ඉන්නෙත් දුකින්.ඒ ළමයටත් වෙන වැඩ නැතුව නෙමෙයි.කැම්පස් එකේ දාහක් වැඩ තියාගෙන තමයි උඹ වෙනුවෙන් චිත්‍ර අඳින්න ඇත්තේ.”

සියුම් එසේ කියද්දී අහස් චිත්‍රය දිගහැර බැලුවේ ය.හිස හිරි වැටී යන අන්දමක් ඔහුට දැනෙයි.ඇය මේ සිතුවමට නගා ඇති අන්දමේ උසැති ගස් ඔහු සිහිනෙන් දකින බව මිතුරාට කියන්නට අහස් ට අපහසුවක් දැනුණේ ය.එය යථාර්ථයෙන් ඔබ්බට ගිය කතාවකි. 

සියුම් මේ කතාව කෙසේ වත් විශ්වාස නොකරන බව අහස්ට සිතිණ.නමුත් යුවතිය තමන් දකින අඳුරු සිහිනය සිතුවම් කර තිබීම ගැන ඔහුට ඇත්තේ කුතුහලයකි.මේ සැබෑ ලෝකයේ සිදුවන සිදුවීමක් නොවේදැයි ඔහු සසැලෙන්නට පටන් ගත්තේ ය.මේ ඔහු දකින නපුරු සිහිනය ය.නමුත් ඒ සිහිනයේ පවා සූරියකාන්ත මල් පිපී ඇත.ඇය පවසන්නේ නපුරු සිහින මතින් පවා යහපත් දේ ලබා ගැනීම ගැනදැයි අහස්ට දැන ගන්නට ඕනෑ විය.අහස්ට ඇය දකින්නට සිත් වූයේ ය.ඔහු ඇය දැක නොමැත.නමුත් ඇගේ කඩා හැලෙන වරලස ඔහුට මතකයේ තිබේ.ඒ සෑම සිහිනයකම ඔහු දුටුවේ වරලස ය.

“මචං,මට මේ ගර්ල් මුණ ගැහෙන්න ඕන”

එහෙත් සියුම් ඒ යෝජනාව ප්‍රතික්ෂේප කළේ ය.ඒ පැහැදිලි හේතුවක් ද සමඟ ය.

“මේ වෙලාවේ උඹව යෙත්මි වුණත් මීට් වෙනවට මං කැමති නෑ.ඒක ඒ ගෑනු ළමයින්ට වගේම උඹටත් ප්‍රස්නයක්.”

මඩ බාල්දි අතින් රැගෙන බලා හිඳින සමාජජාලා ක්‍රියාකාරීන් අතින් මිතුරා තවත් පෑරෙනවාට සියුම් නොකැමති ය.අහස්ට තමන්ගේ අමුතු සිහිනය ගැන කියන්නට නොහැකි ය.එනිසාම ඉවසන්නට ඔහු තීරණය කළේ ය.

“සාරණ්‍යා ඉන්නෙ අමාරුවකින් නෙවෙයි.මං හිතන විදියට හොස්පිටල් එන තරමකවත් අමාරුවක් තිබිලා නෑලු.”

අහස්ට සියුම්ට කියන්නට වෙනත් කතාවක් තිබිණ.ඔහු අනතුරුව සුසුමක් හෙළුවේ වඩා වේදනාත්මක කතාවක් සියුම් ට කියන්නට ය.

“එයාට මොනව හරි වුනානම් මට ජීවිත කාලෙම හිත හදාගන්න බැරි වෙයි”

සියුම් හිනැහුණේ ය.සාරණ්‍යාට උවමනා ද එයම ය.ඇය ඔහුව රිදවන්නට සූදානම් වන්නේ එසේ ය.

“ඕක හරි අවුල් මාතෘකාවක්.ඔව් ඒක ඇත්ත තමයි.ඒත් අනුන්ගෙන් පලි ගන්න ජීවිතේ විනාස කර ගන්න හදන මිනිස්සුන්ගෙ වගකීම අපට ගන්න බෑ.ඒක ගැන හිතලා රිද්දා ගන්න එක නවත්තා ගනින්.”

කෙනෙකු අප වඩාත් රිදවන කළ ජීවිතය අතැර දැමීම මිස වෙනත් තෝරාගැනීමක් නොඑළඹෙන තැන් ද තිබේ.එහෙත් එවැනි අවස්ථාවන් වලදී පවා ප්‍රතිකාර ලබා ගනිමින් කෙසේ හෝ ජීවිතය අල්ලා ගන්නට උත්සාහ කරන්නන් බහුල ය.නමුත් තමන්ගේ මරණයට තමන්ට වැරදි නොකළ මිනිසුන්ට ජිවිත කාලය පුරාම අමිහිරි වරදකාරී හැඟීමක් තබා යන අය ගැන පීඩා නොවිය යුතු බව සියුම් පැවසුවේ පැහැදිලි හඬකිනි.

“අදාළ නැති හේතුවකට උඹ උඹටම වරද පටවා ගන්නනම් එපා.මොකද දන්නවද? ඇත්තටම පීඩා වින්දේ කවුද කියලා අපි හැමෝම හොඳටම දැක්කා.උඹ ළඟම හිටිය හැමෝම ඒක දන්නවා.ඒ නිසා අඩුම තරමේ උඹේ උප්පැන්නෙක තියන නමක්වත් නොදැන චරිත සහතික ලියන මිනිස්සුන්ට උඹව අවුල් කරන්න දෙන්න නම් එපා.”

සියුම් මිතුරාගේ උරහිසට අත දමා ඔහු ළං කර ගත්තේ ය.කඩුල්ලක් දවා ගත් විට,හයේ හතරේ පහරක් වැදුණු විට කෙළිලොල්කම දරා ගන්නට නොහැකිව පිට්ටනිය පුරා ඉගිලෙන යෞවනයාගේ දෑස අසරණකමින් පිරී තිබේ.මේ සැබෑ අහස් නොවන බව ඔහු සිතුවේ වේදනාවෙනි.අහස්ට අහස්ව නැවත සොයා ගන්නට උදව් කළ යුතු වේ.

“මේ චිත්‍රෙ මොකක් හරි ඩීප් මීනින් එකක් තියනව බං.මට ඉතින් ඕවා තේරෙන් නෑ.”

සියුම් මාතෘකාව වෙනස් කරන්නට තැත් කළේ ය.ඒ මාතෘකාව කතා කරන්නට අහස්ට නුවුමනා ය.ඔහු කිසිවක්ම නොකියා හිනැහිණ.නමුත් මේ යුවතිය ගැන සොයා බලන්නටත් ඇය තමන්ගේ ජීවිතය තුළ ඇති ලොකුම රහස දන්නා ආකාරය ගැන අසන්නටත් ඔහුට උවමනා ය.

“උඹ සාරණ්‍යා බලන්න යනවද?”

ඒ ප්‍රශ්නය කෝකටත් කියා අසන්නට සියුම්ට සිතිණ.සාරණ්‍යා ඒ මොහොතට කෙසේ මුහුණ දෙයිදැයි කියන්නට නොදන්නා නමුත් අහස්ගේ තීරණයට ඉඩ දෙන්නට සියුම් සිතී ය.

“මං එයාගෙන් බ්‍රේක් එකක් ඉල්ලුවනෙ.මම ඒ බ්‍රේක් එක ගන්නව.මොනවා උනත් මම එයාව බලන්න යන් නෑ.”

ඒ දැඩි තීරණය කිසිම හේතුවකට වෙනස් නොකරන්නට අහස්ට උවමනා ය.අඳුරු විල්ලුවෙන් පිටතට පැමිණිය යුත්තේ තමා ය.ඒ විල්ලුවෙන් එපිට මල් පිපී තිබේ.ජීවිතය අඳුර තුළ ගිලෙන්නට ඉඩ නොදිය යුතු බව ඔහු සිතන්නට පටන් ගත්තේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles

සුහදිනී -26

"ට්වින් ෆ්ලේම් ගැන මොකද හිතන්නේ" කතා කරන්නට වඩාත්ම පහසු වන්නේ හොඳින්ම දන්නා දේවල් සම්බන්ධයෙන් ය.සකී මේ සම්බන්ධයෙන් දන්නා දෙයක්...

(අ)හිමි සිහින – 186

මේ කතාව සත්‍ය කතාවක් බව නොකියා ලියා තැබුවානම් එය පිළි ගන්නටත් බැරි තරම් මහා ව්‍යාකූල සිද්ධීන් හා පුද්ගල චරිතවලින් පිරුණු එකක් බව...

ප්‍රේමයේ අභිමන් -19

කොළඹ දිස්ත්‍රික්කය තුළ පිහිටි ග්‍රාමයක් වී ද එහි දුර ඈක ගමක වන ගති ලක්ෂණ මැනවින් වූයේ ය. ඇල ගලා ගියේ සසංක ගේ...

අතරමං වෙමු වසන්ත මල් ගොමුවේ

"නඟා ඇයි මූණ නාළු කොරගෙන, මෙච්චර හොඳ දවසෙ?" රේන්ද අල්ලාපු මහ බර ඔසරියකුත් ඇඟ වටේ ඔතාගෙන, සුදු පාටම හින්නික්කිතර...

පුතු ලබාගැනීම වෙනුවෙන් ගුවන් යානයක් පැහැරගත් ශ්‍රීලාංකික පියා..

පුතු සෙනේ මස්‌ නහර හම සිඳඇට සොයා ගොස්‌ ඇට තුළට වැදඇට මිදුලු මත රඳා සිට දුක්‌ දෙයි නිබන්දා" සිංහබාහු...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content