මාළුවෙකු කුස දැරූ අවුරුදු 15 තරුණිය

සතුන් නිසා කාන්තාවන් ගැබ් ගැනීම සාහිත්‍යයේ එන කතා මිස සාමාන්‍ය ලෝකයට ගැළපෙන කතානම් නෙවෙයි.එවැන්නක් සිදුවීමට කිසිම ඉඩක් නැති බව ඕනෑම කෙනෙකු හොඳින් දන්නවා.

Felipine Kimberly,පිලිපීනයේ දුෂ්කර ගමක තරුණියක්.ඇය දැඩි උදර වේදනාවකින් පෙළෙමින් උදරය ඉදිමෙන්නට ගත් විට රහසිගත පෙම්වතෙකු නිසා ඇය ගැබ් ගෙන ඇතැයි පවුලේ සෑම කෙනෙකුම චෝදනා නගන්නට වුණා.ඔවුන් කිම්බර්ලි අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්‍ෂණයකට භාජනය කරන ලෙසට බල කළ අතර, එය මාළුවෙකු වැනි ඇස් සහ මුඛයක් ඇති අමුතු ජීවියෙකු පෙන්නුම් කළා

පවුලේ අය සාම්ප්‍රදායික පිලිපීන ජනප්‍රවාදයක් සහ යට ඇඳුම් නොමැතිව පිහිනීමට නිසා මාලුවෙකු ආධාරයෙන් ඇය ගැබ් ගැනීමට ලක් විය හැකි බව විශ්වාස කිරීම නිසා කිම්බර්ලි බොහොම හිරිහැරයට පත් වුණා.නමුත් වසරක් ගෙවී ගියද කිසිදු දරුවෙකු බිහි නොවූයෙන් වෛද්‍යවරු නැවත ඇයව පරීක්ෂා කළා.

කිම්බර්ලිට ඉන්පසු සිදු වූයේ ගර්භාෂයේ ඇති විශාල ගෙඩියක් ශල්‍යකර්මයකින් ඉවත් කිරීමේ සැත්කම සඳහා මුදල් එකතු කිරීමටයි.

“මට හුස්ම ගන්න අමාරුයි, මගේ පපුව හිර වෙනවා. කවුරුහරි මාව හුස්ම හිර කරනවා වගේ මට දැනෙනවා,” ඇය පැවසුවා

“මගේ පවුලේ අය හිතුවේ මම ගැබ්ගෙන කියලා, නමුත් මට පෙම්වතෙක් හිටියේ නැහැ. ඔවුන් විශ්වාස කළේ මම මිථ්‍යා සත්වයෙකු විසින් ගැබ්ගෙන ඇති බවයි, ඒ මම යට ඇඳුමක් නොමැතිව සාගරයේ පිහිනීමට කැමති වූ බැවින්”

ඇය වැඩිදුරටත් පවසනවා.

කිම්බර්ලිට ප්‍රතිකාර කරන ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මැසචුසෙට් ෆර්නැන්ඩස් : “ස්කෑන් එක ඇත්තටම මාළුවෙකුට සමානයි, නමුත් එය එසේ නොවේ.”යැයි පවසනවා.

“ඇගේ ඩිම්බ කෝෂ වල ගෙඩියක් තියෙනවා. එයාගේ ඩිම්බ කෝෂ ඇතුලේ මාළුවෙක් ඉන්න බෑ.” වෛද්‍යවරයා එසේ පවසා තිබුණා.

කිම්බර්ලිගේ බර පසුගිය වසරේ සිට කිලෝ 40 සිට 50 දක්වා වැඩි වී ඇති අතර එය වෛද්‍යවරුන් විසින් එය ගෙඩියේ බලපෑමක් යැයි පවසනවා .

ඇගේ පියා, පැබ්ලෝ රොබල්ස් පැවසුවේ, කිම්බර්ලි කිසිදා ගැබිනියක් නොවූ බව පවුලේ අය පිළිගන්නා බවයි

“මුලින්ම මම කිව්වා එයා ප්‍රෙග්නන්ට් නම් ඇත්ත කියන්න කියලා මම කිව්වා. මට තරහ ගියා තමයි. ඒත් දැන් එයාව විශ්වාස කරනවා.” ඔහු දැන් එසේ පවසනවා

Bacacay කලාපයේ Manaet නම් කුඩා දූපත්වාසීන් විශ්වාස කරන්නේ කාන්තාවන් මාසික ඔසප් වීමෙන් පසු දින පහක් දක්වා සාගරයෙන් බැහැරව සිටිය යුතු බවයි.පුරාණ පිලිපීන මිථ්‍යා විශ්වාසයකින් කියැවෙන්නේ, ඔසප් වීමේදී කාන්තාවක් යට ඇඳුම් නොමැතිව මුහුදේ පිහිනන විට, ජීවීන් ඇගේ යෝනි මාර්ගයට ඇතුළු විය හැකි අතර එමඟින් ඇය මිථ්‍යා සත්වයෙකු ලෙස ගැබ් ගත හැකි බවයි.

වෛද්‍ය සාක්ෂි තිබියදීත්, කිම්බර්ලිගේ ආච්චි සහ ඥාති සොහොයුරිය තවමත් විශ්වාස කරන්නේ ඇගේ බඩේ වර්ධනය වබ දරුවා දේශීය ගුමාලිව් ජනප්‍රවාදයේ මිථ්‍යා මත්ස්‍යයෙකුගේ බවක්

කිම්බර්ලිගේ ඥාති සොහොයුරිය වන ඇමාඩා රොබල්ස් පැවසුවේ කිම්බර්ලි තම නිවස අසල මුහුදේ පිහිනීමට කැමති බවයි.

“විශේෂයෙන් ඇගේ ඔසප් දිනයේදී එය කිරීම ගැන මම නිතරම ඇයට බැණ වදිනවා, නමුත් ඇය ඉතා හිතුවක්කාර කටයුතු කරනවා.”

කිම්බර්ලි සැත්කමින් පසු සුව වුණත් මේ මිථ්‍යා මතවලට එරෙහිව සටන් කරන්නට ඇයට හැකිදැයි අප දන්නේ නෑ.දියුණු වෙමින් පවතින ලෝකයේ රෝගයකට වහාම ප්‍රතිකාර නොගෙන මෙසේ මිථ්‍යා මතවල එල්බ සිටීම සැබෑ ඛේදවාචකයක්

Related Articles

Don't Miss


Latest Articles