ආදරයෙන් ප්‍රතික්ෂේප වූ පසු ජීවිතය ජයගත් “ලෝකයේ අවලස්සනම මිනිසා”

ලෝකෙ ඉන්න කැතම මනුස්සයා!

එහෙම ලේබලයක් වැදීමම මිනිසෙක්ට පීඩාවක්. Godfrey Baguma ඒ වේදනාවට ලක් වූ මිනිසෙක්. එහෙම කෙනෙකුට ආදරය කරන්න ගැහැනියකට හිතෙයිද? 

“ඔයා ඔය කසාදේ ගැන ලැජ්ජාවටත් පීඩාවටත් පත් වෙයි.”

හැම කෙනෙක්ම ඇයට එහෙම පැවසුවා.ඒ විතරක් නෙවෙයි, ඔවුන්ගේ විවාහ ඡායාරූප අන්තර්ජාලයේ ප්‍රසිද්ධියට පත් වුණා. විවිධ සරදම් සහ අප්‍රසන්න විහිළු දරා ගන්නටත් ඔවුන්ට සිදු වුණා.

Godfrey Baguma සාමාන්‍ය දරුවෙක් ලෙස උපත ලැබූවෙක්.නමුත් අවුරුදු දහයේදී ඔහු අසාමාන්‍ය ලෙස විකෘති වෙන්න පටන් ගෙන තිබුණා.ඔහුගේ කම්මුලෙහි අසාමාන්‍ය ඉදිමීමක් ලෙස ඇරඹුණු ඔහුගේ රෝගී තත්ත්වය නිසා ඔහුට ජීවිතයේ අභියෝගවලට මුහුණ දීමට සිදු වුණා.fibrodysplasia ලෙස හැඳින්වෙන දුර්ලභ වෛද්‍ය තත්වයක් වූ මේ නිසා සෛල හා පටක නිසි ලෙස වර්ධනය වන්නේ නෑ.

ඔහු අසාමාන්‍ය වෙද්දී මව ඔහු හැර දැමුවා. ඔහු මිත්තණිය ළඟ ඇති දැඩි වෙන්නට පටන් ගත්තා. ඔහුගේ පෙනුම නිසා වෙළඳසැලකට ඇතුළු වීමේ සිට සෙල්ලම් කිරීම දක්වාම ඔහුට මඟ හැරුණා. ඇත්තටම ඔහුට සම වයස් මිතුරන් බිය වන්නට පටන් ගෙන තිබුණා. තමන්ගේ මුහුණ දැකීම ඔහුටම ගැටළුවක් වුණත් ඔහු ටිකෙන් ටික තත්ත්වයට අනුගත වෙන්නට පටන් ගත්තා. නමුත් මිනිසුන් ඔහුව මිනිසෙක් ලෙසවත් පිළි නොගැනීම ගැන ඔහු සැබෑවටම ජීවත් වූයේ කම්පාවෙන්.මිතුරෙකු නොමැති වීමේ සිට සියළු තත්ත්වයන් ඔහුට මහත් පීඩාවක් වුණා. 

නමුත් රැකියාවල නිරත වී මුදල් උපයා ගත් ඔහු විවාහ වී දරුවන් දෙදෙනෙක් ද ලැබුවා. නමුත් බිරිඳ වෙනත් සම්බන්ධතාවයක් අරඹා ඔහුගෙන් වෙන් වී තිබුණා.එය සාමාන්‍ය තත්ත්වයක් බවත් ඔහු සමඟ ගැහැනියකට ජීවත් විය නොහැකි බවත් හැම කෙනෙකුම පාහේ පවසා තිබුණා. මේ අතර ආරාධනාවක් මත තරගයකට සහභාගී වී ලෝකයේ අවලස්සනම මිනිසා වන්නට ඔහුට හැකි වුණා.ඔහු තමන්ගේ පෙනුම එසේ අවභාවිතා වීම ගැන හිතුවේ නෑ.

“මට මගේ අවලස්සනෙන් බැබළෙන්න ඕනෑ වුණා.” ඔහු එසේ පවසනවා.Ssebabi නම් අන්වර්ථ නාමය ඔහුට ලැබෙන්නේ ඉන්පසුවයි. ඔහුව විකට රජෙකු ලෙස ප්‍රසිද්ධියට පත් වූ අතර ඔහුට විවිධ උත්සව වලට ආරාධනා ලැබෙන්නට පටන් ගත්තා.

මෙයින් පසු ඔහු බොහෝ කලක් තනිව ජීවත් වූ අතර පසුව කේට් නාමන්ඩා ඔහුගේ ජීවිතයට පැමිණියා දෙදෙනා එක්ව ජීවත් වීමට පටන් ගත් අතර පසුව ඇය ගැබ් ගත්තා කේට් තමන්ව දාලා යයි කියලා ගොඩ්ෆ්‍රේ බිය වූ අතර ඇයට ගෙදරින් යන්නැයි ඉල්ලා සිටියත් මාස 2 කට පසු ඇය නැවත පැමිණියා. ඔවුන් විවාහ වුණා.

ඔහුට දරුවන් සිටින අතර ඔවුන්ට ගෝඩ්ෆ්‍රේගේ රෝගී තත්ත්වය බලපා නැහැ. ඒ අතර ඔහු Pop ගී ගයමින් ඒවා නිසා ඉතා විශාල මුදලක් උපයනවා.සැබෑ ලෙසම ඔහු දැන් පොහොසතෙක්.

ආදරයෙන් පරාජයට පත් වීම තමන් මෙතරම් දුරක් රැගෙන ආ බවයි ඔහුගේ අදහස. ඔබේ දුර්වල තැනම ඔබේ දිලිසීම කරගන්න උත්සාහ කරන්න. ඔබටත් ජය ගන්න අපහසු වෙන එකක් නෑ.

Related Articles

Don't Miss


Latest Articles