පිරිමියෙකු ලෙස ජීවත් වීමේ වේදනාව දරනු බැරිව සියදිවි නසාගත් කාන්තාව

2003 ශීත ඍතුවේ දී, 35 හැවිරිදි මාධ්‍යවේදිනියක වන නෝරා වින්සන්ට් පිරිමියෙකු ලෙස වෙස්වලා ගැනීමට පුහුණු වුණා.

වේශ නිරූපණ ශිල්පියෙකුගේ සහය ඇතිව, ඇය රැවුලක් සකසා ගත්තා. ඇය පිරිමියෙකු සේ පෙන්වීම සඳහා සෘජුකෝණාස්‍ර රාමු සහිත උපැස් යුවලක් ද මිලදී ගත්තා.කොණ්ඩය පිරිමියෙකු ලෙස කැපූ ඇය පපුවේ සහ පිටුපස මාංශ පේශි සකසා ගැනීමට කායවර්ධනය  පුහුණු වූවා, ඉතා කුඩා ක්‍රීඩා බ්‍රා එකකින් ඇගේ පියයුරු තද කර මෘදු කෘත්‍රීම ලිංගේන්ද්‍රියකින් පිරවූ යට ඇඳුමක් පැළඳ සිටියා. ඇය පෙනුම වෙනස් කර ගත්තේ එහෙමයි.

ඇය මැන්හැටන් හි ජුලියර්ඩ් පාසලේ වාචික පුහුණුකරුවෙකු සමඟ මාස ගණනාවක් පුහුණු වූ අතර ඇගේ කටහඬ ගැඹුරු කිරීමට සහ මන්දගාමී කිරීමටත්,ඇය කතා කරන විට පිටුපසට නැඹුරු වීමටත් ඇගේ හුස්ම වඩාත් කාර්යක්ෂමව භාවිතා කිරීමටත් ඉගෙන ගත්තා. ඉන්පසු ඇය මාස 18 ක් පිරිමියෙකු ලෙස ජීවත් වීමටත්, නෙඩ් ලෙස හැඳින්වීමටත් අත්දැකීම් විස්තර කිරීමටත් උත්සාහ කළා.

ඇය “Self-made Man” නම් පොත එසේ කළ අතර, 2006 දී එම පොත නිකුත් වූ විට, එය හොඳම අලෙවියක් සහිත පොතක් වුණා. 

වින්සන්ට් මහත්මිය සමරිසි කෙනෙක්. ඇය සංක්‍රාන්ති ලිංගිකයෙකු වූයේ නැ. කෙසේ වෙතත්, ඇය ස්ත්‍රී පුරුෂ භාවය සහ අනන්‍යතාවය ගැන උනන්දු වූවා. ද ලොස් ඇන්ජලීස් ටයිම්ස්, ද විලේජ් වොයිස් සහ ද ඇඩ්වොකේට් යන පුවත්පත් සඳහා නිදහස් දායකවරියක් ලෙස ඇය එම මාතෘකා පිළිබඳව  ලියා ඇති අතර එය සමහර පාඨකයින් උද්‍යෝගයට පත් කළාඇය පශ්චාත් නූතනවාදයට සහ බහු සංස්කෘතිකවාදයට නැඹුරු අයෙක්. සංක්‍රාන්ති ලිංගිකයන් ශල්‍යකර්මයකට භාජනය වී හෝර්මෝන ලබා ගැනීමෙන් පසුව ඔවුන් විරුද්ධ ලිංගයේ සාමාජිකයන් බව ඇය විශ්වාස කළේ නැහැ ,

නෙඩ් ලෙස ජීවත් වූ වසර එකහමාරක කාලය තුළ, වින්සන්ට් මහත්මිය පිරිමින් කරන බොහෝ දේ සිදු කළා. සති ගණනක් භික්ෂූන් සමඟ ආරාමයක ගත කළා. ස්ට්‍රිප් ක්ලබ්වලට ගොස් කාන්තාවන් සමඟ පෙම් සබඳතාවක් පැවැත්වූවා.  කූපන් පොත් සහ අනෙකුත් නිෂ්පාදන ගෙයින් ගෙට ගොස් අලෙවි කිරීමේ කටයුතුවල නිරත වී තිබෙනවා. පිරිමියෙකු කරන සෑම දෙයක්ම කරන්නට ඇයට ඕනෑ වූ අතර ඇය එමඟින් පුරුෂ සමාජය ගවේෂණය කරන්නට පටන් ගෙන තිබුණා. පිරිමින්ගේ ජීවිතය ඉතා පීඩාකාරී එකක් වග ඇය වටහා ගත් අතර ඇය මානසික පීඩාවට පත් වූයේ ඉන් අනතුරුවයි.

වින්සන්ට් මහත්මිය පසුගිය 2021 ජූලි 6 වැනිදා ස්විට්සර්ලන්තයේ දී මිය ගියා. මිය යද්දී ඇයගේ වයස අවුරුදු 53 ක්. එය සියදිවි නසා ගැනීමක් බව පැවසෙනවා. පිරිමියෙකු ලෙස ජීවිතය ගෙවා ඇති වූ ආතතිය ඇයව එයට මෙහෙයවා තිබුණා.

පිරිමි ජීවිතයක් කෙසේදැයි බලන්නට පිරිමින්ගේ සපත්තුවට බැස බලන්නට ඇයට සිදුවීමත් එක්තරා ආකාරයක අපූරු සිදුවීමක්

Related Articles

Don't Miss


Latest Articles