නිරෝගී දිවියකට මංපෙත් විවර කරන “යෝගා”

අධිවේගයෙන් වෙනස් වන ලොවක ජීවත් වන අපට නීරෝගී දිවියක් ගත කිරීම සිහිවයක්ව ඇත. එනිසා ඔබට අවශ්‍ය නිරෝගී ජීවතය ලබා ගන්නට බලාපොරොත්තු වන්නේ නම් ඒ සඳහා ඔබට සහාය වන්නට කායික මානසික සුවතා විධියක් වන “යෝගා” වලට හැකියාව ඇත.

අතීතයේදී වසර පන්දහසක් පමණ පැරණි ඉන්දියාවට ආවේණික වූ යෝගා අද වනවිට ලෝක ව්‍යාප්ත සංසිද්ධියක් බවට පත්ව ඇත්තකි. “යෝගා” ආසන යනු හුදෙක් ව්‍යායායාම් ක්‍රමයක් පමණක්ම නොව එය විවිධ හුස්ම ගැනීමේ රටාවන් ප්‍රගුණ කරන භාවනාවන් ආදියෙන් සමන්විත කය, මනස අනුකුල කරවන අතර එය ආධ්‍යාත්මික දියුණුවේ මාවතකි. ජිම් එකක ශක්තිමත් වීමේ පුහුණු වීම් වල යෙදෙනවාට වඩා යෝගා අභ්‍යාසයන්හි යෙදීම වෙනස්වනුයේ එහෙයිනි.

බොහොමයක් යෝගා ව්‍යායාම සදහා විශේෂ ගුරුඋපදෙස් අවශ්‍ය හෙයින් යෝගා පුරුදු පුහුණු කිරීමේදී, ඒ වෙනුවෙන් දක්ෂ ගුරුවරයකු සමීපයේ පුරුදු පුහුණු වීම ඉතා යෝග්‍ය වේ.   යෝගා ආසන ව්‍යායාම ඔබ නිරෝගී කරන අතර කායික මානසික ලෙඩ රෝග, දුර්වලතා සහ වේදනාවන් සමනය කරයි. හෘදය වස්තුව, පෙනහළු, මොළය සහ ස්නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වයට නව ජීවයක් ලබා දෙන අතර රූමත් බව වැඩිදියුණු වේ.

යෝගා පුහුණුවීම් අරඹන ඔබට, පළමුව සමහර ව්‍යායාම පුරුදුවීම අමාරු විය හැකිය. නමුත් ඒවා ඔබට හැකි ප්‍රමාණයෙන් කරන්ට පටන් ගන්න. දිනපතා ප්‍රගුණ කිරීමෙන් එම අපහසු යැයි හැඟුණ යෝග අභ්‍යාස කිරීම පහසුවෙන්ම කළ හැකි වේ.

ඉගෙනීම, රැකියාව ආදී ඕනෑම වැඩක් යෙදෙනා අයෙකුට වුවද යෝගා ව්‍යායායාම් කිරීමට කිසිඳු අපහසුවක් නොමැත. පහසු වේලාවක් යොදා ගැනීමත්, උත්සාහය, ඉවසීම, අවංකකම හා ආසාව ඇති කර ගැනීම පමණයි කළ යුතු වන්නේ.

ඇත්තෙන්ම යෝගා අපේ ජිවිත වලට ආගන්තුක යමක් නොවේ. එය ජිවිතයේ කොටසකි (life style). එනිසා යෝගා ඔබේ දිවියට එක් කර ගතහොත් නීරෝගිමත් සුවදායී දිවයක් ඔබට ලබා ගන්නට හැකි වනු ඇත.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles