මං එක්ක හැමදාම මං ඉන්නවා – Solo Date එකක් යමුද?

තිබුණත් නැතත් ලෝකේ

මැකුණත් නැතත් ශෝකේ

මං එක්ක හැමදාම මං ඉන්නවා”

ඒ ජනප්‍රිය ගීය ලියන්නේ අපේ SmartLady පවුලේ හර්ෂි සේනාධීර. ජීවිතයේ මොන දේ කොහොම වුණත් ඔබට ඔබව ඉතුරු කරගන්න ඕනෑ බවත් ඔබ ඔබව සතුටින් තැබිය යුතු බවත් ඒ ගී පදවලින් පැහැදිලි ඇති. 

ඔබ ඔබව බලා ගන්නකොට කරන්න ඕනෑ හොඳම දෙයක් තමයි Solo Date. මේ සංකල්පය Celebrities ලා බොහෝ ප්‍රමාණයක් තමන්ගේ සමාජ මාධ්‍ය ජාලා හරහා ප්‍රචාරය කරන හැටි ඔබත් දැකල ඇති.

මොකක්ද Solo Date එකක් කියන්නේ?

ඔබ ඔබ වෙනුවෙන් ඔබ කැමතිම දේවල් කරන්න දවසක් වෙන් කිරීම මේ නමින් හඳුන්වනවා. ඇත්තටම කිව්වොත් මේ දවස ඔයාට විතරක් අයිති එකක්.අදහස් විමසමින් කැමතිම දේ කරනවා වෙනුවට ඔයාට ඕනෑ දෙයක් කරන්න මේ දවස ඇතුළේ ඉඩ තියනවා.එය පොතක් කියවමින් කේක් කෑල්ලක් සහ කොෆී එකක් රස විඳින්න කැෆේ එකකට යාම, රාත්‍රී ආහාරය සඳහා පිටතට යාම, ඇවිදීම හෝ සිනමා ශාලාවට යාම විය හැකියි. සමස්ත කාරණය නම් ඔබ කිරීමට කැමති දෙයකට ඔබ යොමු වෙන බවයි.

ඇත්තටම තනියම ඇවිදින්න මං ශක්තිමත් ද?

ඔයාට ප්‍රේමවන්තයෙකු නැතුව ඇති. යාළුවෝ කාර්යබහුල ඇති. ඒත් අපිට මේ කෙටි ජීවිතය ඇතුළේ ආශා කරන දේවල් මඟ අරින්න බෑ. තනියම යන්න. ආරක්ෂිත සහ ඔයා වඩාත් ආසා කරන තැන් මුලින්ම තෝරා ගන්න.

බාධක බිඳින්න.

මෙහෙම තනියම ඇවිදිනකොට අනිත් අය මොනවා හිතයිද වගේ දේවල් හිතන්නවත් එපා. ලෝකය අපිව පහු කරගෙන වේගයෙන් කැරකෙනවා. ඇත්තටම එතකොට අපි කරන්නේ මොනවද කියලා හිතන්න අනිත් අයට වෙලාවක් නෑ. ඔයා පොතක් කියෝ කියෝ කැෆේ එකක හිටියට ඒ ඇයි කියල කිසිම කෙනෙක් අහන්නේ නෑ.

මුලින්ම පුරුදු තැනකට

මුලින්ම ඔබට පහසු ස්ථානයකට යන්න, ඔබ යාළුවෝ එක්ක නිතරම යන කැෆේ එකට තනියම ගියාට වරදක් නෑ. සැලෝන් එකට ඔබට කොහොමත් තනියම යන්න පුලුවන්. ඊටපස්සෙ ප්‍රියතම ඇඳුම් කඩේ රවුමක් දෙකක් කැරකිලා හුරුපුරුදු අවන්හලකින් මොනවා හරි බඩට දාගන්න.

ඔයත් එක්ක කතා කරන්න

ඔයාගේ ජීවිතේ ගැටළු ගැන අරමුණු ගැන ඔයා එක්කම කතා කරන්න. හරි! තනියම කතා කරන එක අවුල් තමයි. පොතක් අරන් ලියන්න. නැත්තම් ෆෝන් එකේ පොඩි ඇප් එකක ලියන්න. අද දවස ඔයාගේ නම් ඔයාටම අවධානය දෙන්න.

Solo Date එකක් කියන්නේ හැම ගෑනු ළමයෙක්ම අත් විඳින්න ඕන ලස්සන අත්දැකීමක්. ඒ ගමන ගිහිල්ලා ඇවිල්ලා අත්දැකීම් පහළින් කමෙන්ට් කරන්න හොඳද? අපි බලාගෙන ඉන්නවා.

Related Articles

Don't Miss


Latest Articles