පෝෂ්‍යදායී කුකීස් ගෙදරදීම හදමු.

අපි කවුරුත් කැමතියි කුකීස් වර්ග කන්න. නමුත් කුකීස් කියන්නේ හිතෙන හිතෙන වෙලාවට කන්න හොඳ රසකැවිල්ලක් නම් නෙමෙයි. නමුත් අපිට පුළුවන් මේ කුකීස් පෝෂ්‍යදායී විදිහට හදා ගෙන රස බලන්න. ඒ කොහොමද කියලා අපි බලමු 

Oats cookies

අවශ්‍ය වෙන්නේ මේ දේවල් 

  • Quick cooking oats 100 g
  • Rolled oats 100g
  • සම්පූර්ණ තිරිගු පිටි 100g
  • බේකින් සෝඩා තේ හැඳි 1/4
  • කුරුඳු කුඩු තේ හැඳි 1 
  • ලුණු ස්වල්පයක් 
  • බටර් කෝප්ප 1/2
  • සීනි කෝප්ප 1/2 
  • විශාල බිත්තර 1
  • වැනිලා ස්වල්පයක් 
  • වියළි පලතුරු කෝප්ප 1/2
  • ඩාක් චොකලට් කෝප්ප 1/2 

හදන්නෙ මෙහෙමයි

මුලින්ම ඔබේ අවන් එක අංශක 350 ට ප්‍රී හීට් කරගන්න 

පාච්මන්ට් කඩදාසියක් දමා බේකිං තැටිය සුදානම් කරගන්න 

දැන් භාජනයක් ගෙන එයට ඕට්ස් වර්ග දෙක , සම්පූර්ණ තිරිඟු පිටි , baking soda , ලුණු සහ කුරුඳු කුඩු එකතු කර හොඳින් මිශ්‍ර කරන්න 

තවත් භාජනයක් ගෙන එයට බටර් සහ සීනි එකතු කර හොඳින් බීට් කරන්න. එය හොඳින් බීට් උන පසු බිත්තර සහ වැනිලා එකතු කර නැවත බීට් කරන්න. ඉන්පසුව පිටි සහ ඕට්ස් මිශ්‍රණය ටික ටික එකතු කරන්න.

අවසානයට වියළි පලතුරු සහ චොකලට් චිප්ස් එකතු කර හැන්දකින් මිශ්‍ර කරන්න 

සකස් කර ගත් කුකිස් මිශ්‍රණය baking තැටිය මත තරමක් දුරින් කුඩා සහ සමතලා බෝල ලෙස සූදානම් කර මිනිත්තු 10 සිට 15 දක්වා කාලයක් ඇතුළත බේක් කරගන්න 

Cookie Dough Keto Fat Bombs

අවශ්‍ය වෙන්නේ මේ දේවල් 

  • බටර් කෝප්ප 1/2
  • ස්ටිවියා කෝප්ප 1/2 
  • ආමන්ඩ් පිටි කෝප්ප 2 
  • වැනිලා ස්වල්පයක් 
  • ලුණු ස්වල්පයක් 
  • ඩාක් චොකලට් චිප්ස් කෝප්ප 1 /2 

හදන්නෙ මෙහෙමයි 

මුලින්ම භාජනයක් ගෙන එයට බටර් සහ ස්ටිවියා එකතු කර ඉතා මෘදු වන තෙක් හොඳින් බීට් කර , ලුණු සහ වැනිලා එකතු කරන්න 

ඉන්පසුව එයට ආමන්ඩ් පිටි වලින් ටික ටික එකතු කරමින් නැවත බීට් කරන්න. 

අවසානෙට චොකලට් චිප්ස් එකතු කර හැන්දකින් මිශ්‍ර කරන්න 

මිශ්‍රණය සහිත බඳුන ආවරණය කර විනාඩි පහළොවක් හෝ විස්සක් ශීතකරණය තුළ  තිබෙන්නට හරින්න 

ස්කූප් එකක් භාවිතා කරමින් මිශ්‍රණය කුඩා බෝල වලට වෙන්කර ගන්න. මේ ශීතකරණය තුළ සති දෙක 2 සහ 3 දක්වා කාලයක් තබා ගත හැකියි.

Almond cookies 

අවශ්‍ය වෙන්නේ මේ දේවල් 

  • ආමන්ඩ් පිටි කෝප්ප 1
  • ආමන්ඩ් බටර් කෝප්ප 1/2
  • ටෝස්ට් කර කුඩාවට කපන ලද ආමන්ඩ් කෝප්ප 2 
  • ස්ටිවියා කෝප්ප 1/ 4 
  • දොඩම් යුෂ තේ හැඳි 2 
  • මී පැණි තේ හැඳි 2 
  • උණු කරන ලද බටර් මේස හැඳි 3
  • තලාගත් එනසාල් සහ ඉඟුරු ස්වල්පයක් 
  • ලුණු ස්වල්පයක් 
  • ඕට්ස් පිටි කෝප්ප 1/2 
  • බේකිං සෝඩා තේ හැඳි 1/2
  • විශාල බිත්තර 1 

හදන්නේ මෙහෙමයි 

මුලින්ම විශාල භාජනයක් ගෙන එයට ස්ටිවියා සහ දොඩම් යුෂ එකතු කර හොඳින් මිශ්‍ර කරන්න 

ඉන්පසු එයට ආමන්ඩ් බටර් , මී පැණි , උණු කරන ලද බටර් , බිත්තර , එනසාල් සහ ඉගුරු , ලුණු , බේකිං සෝඩා එකතු කර මිශ්‍ර කරන්න 

ඊළඟට එයට ආමන්ඩ් පිටි, ඕට්ස් පිටි ටිකෙන් ටික එකතු කර අවසානයට කුඩාවට කපාගත් ආමන්ඩ් එකතු කරන්න 

මිශ්‍රණය ශීතකරණයේ විනාඩි විස්සක් පමණ තිබෙන්නට හරින්න 

අවන් එක අංශක 325 දක්වා රත්කර ගන්න. පාච්මන්ට් කොළයක් අතුරා බේකිං තැටිය සූදානම් කරගන්න 

ශීතකරණයේ තබා සූදානම් කර ගත් මිශ්‍රණය කුඩා කොටස් වලට වෙන් කර තැටියේ අතුරා විනාඩි පහළොවත් විස්සත් අතර කාලයක් බේක් කරගන්න 

Related Articles

Don't Miss


Latest Articles