කප් රුකක් බඳු කතුරුමුරුංගා පැළයක් ඔබේ ගෙවත්තටත්

පෝෂණීය සහ ඖෂධීය ගුණ රැසකින් සපිරි කතුරුමුරුංගා වැඩි පරිශ්‍රමයකින් තොරව ඔබේ ගෙවත්තේ වගා කර ගත හැකි අලංකාර ශාකයක්. පළා කොළ අතර ඉතා උසස් තැනක් ගන්නා කතුරුමුරුංගා ගෙදරදොරේ දෛනික ප්‍රයෝජනය සඳහා මෙන්ම ආර්ථික බෝගයක්‌ ලෙසත් වගා කළ හැකියි.

ඉතා අඩුවෙන් මල් හට ගන්නා හරිත වර්ගය සහ මල් රැසක් හට ගන්නා සාමාන්‍ය වර්ගය ලෙස කතුරු මුරුංගා වර්ග දෙවර්ගයකි. පහතරට සහ මැදරට තෙත් හා වියළි කලාපවල කතුරුමුරුංගා සාර්ථකව වගා කළ හැකි ය.  රනිල කුලයට අයත් කතුරු මුරුංගා වගා කිරීමේ දී බීජවලින් පැළ නිපදවාගත යුතු වන අතර බීජ උස්‌ බඳුන්වල තවාන් කළ යුතු වෙයි. හොඳින් මෝරා කහ ගැසී ඇති වියළුණු අලුත් ම කරල් තවාන් කිරීම සඳහා වඩාත් සුදුසු වේ. කරල්වලින් බීජ වෙන් කර ගත් විගසම තවාන් කළ යුතුය. පැළ වන තෙක්‌ දිනපතාම ජලය සැපයිය යුතුයිවෙයි. “හරිත“ වර්ගය දඬු කැබලි මගින් ප්‍රචාරණය කර ගත හැක.

පැළ සිටු වීමේදී කොම්පොස්ට්, ගොම ආදී පොහොර සමඟ මතුපිට පස් කලවම් කොට යොදා ඒ මත පැළ රෝපණය කල යුතුවේ. මාස හයකට වරක් වත් ගොම, කොම්පොස්ට් පොහොර, මේ හැර දැව අළු ආදිය යෙදීම ද සුදුසුවේ. ගෙවත්තක හොඳින් හිරු එළිය ලැබෙන වැට මායිමක්‌ වැනි තැනක සිටුවීම වඩාත් සුදුසු අතර බඳුනක වූවද වගා කල හැක. පැළ කුඩා අවස්ථාවේදී පටන්ගොළුබෙල්ලන්ගේ හා කොළ කන දළඹුවන්ගේ හානිය ඇති විය හැකි අතර අතින් අහුලා ඉවත් කිරීමට හෝ අළු යොදා පාලනය කල හැක.  පැළසිටුවා මාස අටක් ක් පමණ ගත වූ පසු කොළ අස්වැන්න ද, වසරකට පමණ පසු මල් අස්වැන්න ද ලබා ගත හැකි වන අතර  අතු කපා ගැනීමෙන් අතු නව දලු ලියලා වර්ධනය වන බැවින් ගසේ ආයු කාලය දිගු වෙයි.

කැල්සියම් සපිරි කතුරුමුරුංගා කොළ වෑංජනයක්‌ ලෙසත්, මැල්ලුමක්‌ ලෙසත් භාවිත කළ හැකි අතර මල් ද රසවත් වෑංජනයක්‌ ලෙස හෝ  මේරු කතුරු මුරුංගා කරල්, උණුදියෙන් තම්බා, ව්‍යාංජනයක් ආකාරයට පිසගත් කල රසවත් ආහාරයකි.

මුඛය දෙපස පැලුණු විට හා වේදනාකාරී උෂ්ණ ගෙඩිවලට ද කතුරුමුරුංගාවලින් ගුණ ලැබෙයි.හිස කෙස්‌ වර්ධනය කරයි. කතුරු මුරුංගාවලට පිළිකා ඇති වීම මර්දනය කිරීමටත් ඇති වූ පිළිකා මර්දනය කිරීමටත් හැකියාවක්‌ ඇත. කිරි පණුවන් නැති කර ශරීරයේ විෂ නසයි අතර මළ බද්ධය නැති කරයි. පීනසට ගුණදායක ය.

වස විස නැතිව ගෙවත්තේම වගා කරගන්නා කතුරුමුරුංගා වලින් ඔබේ පෝෂණ අවශ්‍යා රැසක් සපුරා ගත හැකියි. මේ අයුරින් අලංකාර මල් පිපෙන දම් පැහැ සහ සුදු පැහැ කතුරුමුරුංගා පඳුරක්‌ දෙකක්‌ වගා කර ගැනීමට ඔබේ මිදුලේ ඉඩ කඩ වෙන් කිරීම ඉතාම ඵල ප්‍රයෝජනවත් වෙනවාට සැක නැත.

– කල්හාරී –

Related Articles

Don't Miss




Latest Articles

Easy breakfast recipes – part 2

කාර්‍යබහුල ඔබට උදෑසනට ලේසියෙන්ම හදාගන්න පුළුවන් වගේම පොඩ්ඩන්ට උනත් ආසාවෙන් කන්න පුළුවන් easy breakfast recipes ගැන තමයි මේ ලිපියෙන් ඔබට කියන්නේ

දෑවැද්ද

" අම්මා කොහෙ යන්නද ලෑස්ති වෙන්නේ ? "සුජානි කාමරේට ආවේ ටික වෙලාවක ඉඳලා රම්‍යා පේන්න හිටියේ නැති නිසා.රම්‍යා...

සැරිසරන්නී – 13

මට මතක් වූයේ චමත්කා රවීන් ගැන උනන්දුවෙන් පසු වෙනවා කියා නංගී කී කතාව ය. චමත්කා නොව ලොව ඕනෑ ම ගැහැනියක එවන් පිරිමි...

නිලැසි -21

නොසැලකිලිමත් බැල්මක් අමුත්තන්ට වෙන් වූ කොටසේ ඒ මේ අත සක්මන් කරන තරුණයා දෙස නිම්න මොහොතක් බලා සිටියේ ය.වටිනා සන්නාම සහිත ඇඳුම් ඉතා...

අනුන්ගේ තීරණ.

"ඔයා කොහොමද අනේ තාරකා අඳුනන්නේ?"භාග්‍යා එහෙම අහනකොට නිමාලි කරමින් හිටිය වැඩෙත් නවත්තලා භාග්‍යා එක්ක හිනා වුණා.තාරකා එක්ක ෆේස්බුක්...