දරුවන් නිසා ඔබේ පවුලේ සමගිය බිඳ වැටෙනවාද ?

දරුවෝ කියන්නේ අපේ ජිවිත ආදරයෙන් වගේම වගකීම් වලිනුත් පුරවන නැතිවම බැරි කොටසක්. ඉතින් මේ වගකීම් යුතුකම් නිසාම සමහර විට දෙන්නා දෙමාල්ලන් අතර මත ගැටුම්, තර්ක විතර්ක, වගේම රණ්ඩු සරුවලුත් ඇති වීම ස්වාභාවිකයි. ඒත් එහෙම නොවෙන්න වග බලා ගැනීම අම්ම කෙනෙක්, බිරිඳක් ලෙස ඔබේ භුමිකාවේ ප්‍රධානම කාර්යයක්.

  • දරුවන් ඉදිරියේදී එකිනෙකාගේ වැරදි කතා  නොකරන්න.
  • එක දරුවෙකුට පමණක් විශේෂ සැලකිලි නොදක්වන්න.
  • සැමියාට හෝ බිරිඳට එරෙහිව දරුවන් උසි නොගන්වන්න.
  • නිවසේ මෙන්ම දරුවන් පිලිබඳ වැඩ කටයුතු සහයෝගයෙන් බෙදා හදා ගන්න.
  • කෙතරම් අමනාපකම් තිබුණත් දරුවන් ඉදිරියේ ඒවා ප්‍රදර්ශනය නොකරන්න.
  • දෙපසේම නෑයින්ට එක සමානව සලකන්න.
  • පවුල තුල දරුවන් මෙන්ම සැමියාත් සුරක්ෂිත බව ඔහුට ඒත්තු ගන්වන්න. නිවසේ මුලිකයා ලෙස නිසි ගරුත්වය ඔහු වෙත ලබා දෙන්න.
  • දරුවන්  ඔබෙන් අවසර පතන කාරණා වලදී පියාගෙනුත් විමසා දැනුම් දෙන බව ඔවුනට පවසන්න.
  • තනි තීරණ නොගන්න.
  • දරුවන් ඉදිරියේ ආර්ථික ප්‍රශ්න කතා නොකරන්න.
  • ප්‍රශ්නයකදී එය අනෙකාගේ දෘෂ්ටි කෝණයෙනුත් බැලීමට පුරුදු වෙන්න.
  • ප්‍රසන්නව, සුහදව කතා බහ කරන්න.
  • කේන්ති යන අවස්ථාවකදී අදාළ ස්ථානයෙන් ඉවත් වන්න.

පවුල ආදරණිය සුරක්ෂිත ස්ථානයක් බවත්, එහි ආදරයට ඉඩ ඇති බවත් දරුවන් තේරුම් ගන්නේ ඔබෙන් බව නිරතුරුව මතක තබා ගන්න.

– ඉරේෂා –

Related Articles

Don't Miss


Latest Articles