ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් පිරිනමන නොමිලේ පාඨමාලා…

තාක්ෂණයේ දියුණුව මේතරම් ම ඵලදායී ව යොදාගන්නට පුළුවන් බව සමහර විටක ඔබ කිසිවිටෙකත් නොසිතන්නට ඇති. විධිමත් අධ්‍යාපනය යනු කෙතරම් ලබා ගත්තත් ගැටලුවක් නැති දෙයක්. ඔබේ පෞද්ගලික දියුණුවටත්, වෘත්තීය දියුණුවටත් එයින් ඇතිවන ආලෝකය කියා නිම කළ නොහැකියි.  ඕනෑම වේලාවක, ලෝකයේ ඕනෑම තැනක සිට එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පාඨමාලා හැදෑරිය හැකි බව ඔබ දැනසිටියා ද? මේ ලිපිය ඒ ගැනයි.

මේ කෙටි පාඨමාලා සම්පුර්ණයෙන්ම මාර්ගගතව උගන්වනු ලබන අතර, ඒවා ක්‍රියාත්මක වන ආකාරය අනුව ඔබ වෙසෙන රටෙහි වෙලාව ඊට ප්‍රශ්නයක් නැත. එනම් ඔබ ඔන්ලයින් සිටීම අත්‍යවශ්‍ය නැත. අවශ්‍යවනුයේ ඔබට හැකි වේලාවන් යොදාගනිමින් අදාළ කාල සීමාව සම්පූර්ණ කිරීමයි.

මේ ඉගැන්වීම වීඩියෝ ඇසුරෙන් සිදු කෙරුණද ඔබට සහ ගුරුවරයාට ඕනෑම අවස්ථාවක text base comment ක්‍රමයෙන් අදහස් දැක්වීම සිදු කළ හැක. ඒවා සජීවි නොවන නිසා ලෝකයේ ඕනෑ ම තැනක සිට ඕනෑ ම වෙලාවක මෙම පාඨමාලාවලට සහභාගී වීමත්, අදහස් දැක්වීමත් සිදුකළ හැක.

බොහෝ පාඨමාලා සති 10ක කාලසීමාවකින් යුක්ත වන අතර ඔබ, ඔබේ පන්තියේ මිතුරන් සහ අදාළ උපදේශකයා අතර අන්තර්ක්‍රියා උපරිම සාර්ථක ව කිරීම  සඳහා පන්තිවලට ගන්නා සිසුන් කණ්ඩායම කුඩා ඒවා ලෙස සකස් කොට ඇත. සිසුන්ට ගැඹුරු සාකච්ඡාවලට සහභාගී වීමට සහ පෞද්ගලික ගුරු මාර්ගෝපදේශ සහ ඉගෙනීම පිළිබඳ ගුරුවරයාගේ අදහස් ද ලබා ගැනීමට මෙයින් හැකි වේ. 

ඔබට කළ හැකි free courses ගණනාවක් ඇති අතර ඉන් කිහිපයක් පහත දක්වා ඇත.

Oxford Women’s Leadership Development

Oxford Women’s Leadership Development යනු සහතික සහිත පාඨමාලාවක් වන අතර ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ නොමිලේ සිදු කරන මාර්ගගත පාඨමාලා වලින් එකකි. එහිදී ඔබට ස්ත්‍රී පුරුෂ භාවයේ බාධක ජයගෙන වෘත්තිය හෝ සමාජ සංවිධානය තුළ ප්‍රමුඛයෙකු ලෙස වර්ධනය වන ආකාරය ඉගෙන ගන්නට ලැබෙනු ඇත.

කාන්තා සවිබල ගැන්වීම කේන්ද්‍ර කරගත් මේ පාඨමාලාව සම්පූර්ණයෙන්ම ඔබේ කාලසටහනට අනුව සිදුකර ගැනීමට ඔබට අවස්ථාව ලබා දේ.

කාල සීමාව: සති 6 යි.

ලියාපදිංචි වීමට සබැඳිය 

http://bitly.ws/KUkQ

ඩී.එච්.ලෝරන්ස්ගේ ඉංග්‍රීසි පාඨමාලාව

ඩී.එච්. ලෝරන්ස් යනු ඔක්ස්ෆර්ඩ් ඔන්ලයින් ඉංග්‍රීසි පාඨමාලාවලින් එකකි. එය Women in Love, Sons and Lovers සහ Lady Chatterley’s Lover වැනි කැපී පෙනෙන කෘති කිහිපයක කතුවරයා වන D.H. ලෝරන්ස් විසින් ම සාකච්ඡා කරන දේශන මාලාවකි. එය ලෝරන්ස්ගේ ලිවීමේ විශේෂිත අංශ කෙරෙහි අවධානය යොමු කරයි.

කාල සීමාව: කොටස් 7 කි.

ලියාපදිංචි වීමට සබැඳිය

http://bitly.ws/KUkU

Being Free in the Digital Age

Being Free in the Digital Age ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාල නොමිලේ පාඨමාලාවල එන තවත් වටිනා පාඨමාලාවකි. එය උගන්වනු ලබන්නේ හිටපු Google strategist කෙනෙක්   සහ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ වත්මන් ආචාර්ය උපාධි අපේක්ෂකයෙකු වන ජේම්ස් විලියම්ස් විසිනි. විලියම්ස් මෙම පාඨමාලාවේදී ඩිජිටල් තාක්‍ෂණයන්හි අහිතකර බලපෑම සහ අපගේ අවධානයට යොමු කරන අතර ඩිජිටල් තාක්ෂණය අපේ ජීවිතයට ඇති කරන බලපෑම පිළිබඳව සාකච්ඡා කරන අතර, එම අහිතකර බලපෑම්වලින් මිදීමට අපට භාවිත කළ හැකි ශිල්පීය ක්‍රම හෙළිදරව් කරයි.

මෙයට ස්ථිර කාල සීමාවක් නොමැති අතර ඔබගේ ඉගෙනුම් වේගය අනුව වෙනස් වේ.

ලියාපදිංචි වීමට සබැඳිය

http://bitly.ws/KUm3

මෙවැනි වටිනා පාඨමාලා විශාල ප්‍රමාණයක් oxford විශ්ව විද්‍යාලයෙන් ඔබට නොමිලයේ හැදෑරිය හැකි අතර ඔබ ඒවා සාර්ථක ව නිම කිරීමෙන් පසු ඒවාට සහතිකපතක් ද ලබා ගැනීමේ හැකියාව පවතී. ඉතින්! මේ ඩිජිටල් යුගයේ උපරිම ඵල ඔබත් භුක්ති විඳින්න.

Related Articles

Don't Miss


Latest Articles