විහඟ පියාපත් 35

0
4709

තිලිණිගේ හමුවීම ගැන ප්‍රබාත් අකලංක සමඟ පවසද්දි අකලංක එය අසා උන්නේ විශ්වාස කිරීමට අකමැත්තෙන් මෙනි. එහෙත් දෙදෙනා එක්ව ගැසූ සෙල්ෆි චායාරූපය පෙන්වූවාට පසුව නම් අකලංක ප්‍රබාත් දෙස දෑස් විසල් කරගෙන බලා උන්නේය.  තිළිණි විසින් පැවසූ සියල්ලම එක් කාරණයක් පමණලක් සඟවා අකලංකට කීවේය.

“මේකි උබව ටැක්ල් කරනාවත්ද?..”

අකලංක එක්වරම පවසද්දී, එලෙස හඹා ඒමට  තරම් තරු ගුණ ඇත්තේ  තමාට නොව අකලංකට වගද මත කලේය. අකලංක එයට හිහැහුණේ යම් නොසන්සුන් කමක්ද සඟවාගෙනය.  

 තිළිණි ප්‍රබාත් වෙත පැමිණීම සමඟ තම ජීවිතයටද අදාල යම් සම්බන්ධයක් තිබිය නොහැකිද කියා අකලංක ට නොසිතුනා නොවේය. ඒ පිළිබඳව ප්‍රබාත් ද දැණුවත් කරන්නට ආ සිතුවිල්ල අකලංක මොහොතකට නවතා ගත්තේ ප්‍රබාත් ගේ සැහැල්ලුවට බාධා කරන්නට රිසි නොවූ නිසාය.

එදින සවස අකලංක,  අමයුරු වෙස් පෙරලා ගත්තේය. රූගත කිරීම් සඳහා තිබුණේ තව දින තුනක හෝ හතරක දර්ශන පමනක් බව සිහි වීම අකලංකගේ සිතට යම් වේදනාවක් ගෙන ආවේය.  ඉන් පසුව ශයිනි  හා සම්මුඛ වීමට ඇති ඉඩ කඩ පිළිබඳව සිතීමම පැටලුණු නූල් බෝලයක සෙය්‍ යාවක් මැව්වේය. 

තමා අමයුරු නොව අකලංක බව ඇයට පැවසීමෙන් පසු උදාවන තත්වය පිළිබඳව සිතීම පවා කල් හැර සිටීමෙන් වන්නේ ඇයව අහිමි කර ගැනීම සඳහා වන මාවත් වඩා පුලුල් වීම වග අකලංකට වැටහෙන්නේය. එහෙත්, ඒ පිළිබඳව වන සැලැස්මක් සකස් කිරීමට සිතීම පවා අඳුරු රුවකට එහා චිත්‍ර යක් තම සිතෙහි ඇති කරන්නේ නැති බවද අකලංකට පැහැදිලිව පෙනෙන්නේය.

ප්‍රබාත් නිදහසේ සිටින වෙලාව්ක් අල්ලාගෙන ඔහුගෙන් උපදෙසක් පැතීම හැර අන් යමක් අකලංකට සිහි වූයෙම නැත.

ශයිනි ඉතා උද්‍යෝගයෙන් තමා හා දොඬමලු වීම ඇරඹුවාට පසු අකලංකට ඒ උන්  පැටලීම අමතක විය. ඇය තිළිණිගේ ජීවිතය පිළිබඳවද, චරිත්ගේ සැඟවී යෑම පිළිබඳවද කීවාය. ඒ අතරේ හෝටලයේ සිදු කරන ලද වෙනස්කම් පිළිබඳවද යම් යම් දේ කීවාය. 

අකලංකට වෙනස් කරන්නට අවැසි වූ කාරනා ඔහු අමයුරු වේශයෙන් කියා දැම්මේය. ශයිනි ඒවා ඉතා උනන්දුවෙන් අසා සිටින වග සහ, ක්‍රියාත්මක කිරිම සඳහාශ උනන්දු වන වග දැනෙද්දී අකලංකට යම් උද්‍යෝගයක් දැණූනි.

ශයිනි උන්නේ අමයුරු විසින් තනා දෙන ලද ලෝකයේ ඉතා සුව පහසුව තම ඉඩ තහවුරු කර ගනිමිනි. ඔහු නොපෙනෙන නන්නාදුනන්නෙක් ය යන හැඟීම ඇය විසින්ම මරා දමා තිබුණි. 

ඔහු කවරෙකු වුවද යහපතට මෙහෙයවෙන අයෙකු වන්නට ඇතැයි සිතුවාය. එහෙත් ඒ යහපත තුල අඳුර සහ අයහපතද සැඟවී තිබෙන්නට හැකි වගද කල්පනාවට නාවා නොවේය. එවන් වේලාවල ඇයට හිත සන්සුන් කරගන්නටද උපක්‍රමයක් තිබුණි.

“මිනිහෙක්ගේ ජීවිතේ හැම කාර්තුවක්ම එක වගේ දරාගන්න බැරි නම් , ඒ මිනිස්සුන් එක්ක සම්බන්ධතා හදා ගන්න හොඳ නැහැ…”

තමා නඩත්තු කරන රහසිගත සම්බන්ධතාවය පිළිබඳව තමා සිටින්නේ  උද්දාමයෙන් වග ඇයට දිනෙන් දින වැටහෙද්දී ඕ අමයුරුගේ පෞද්ගලික සීමාවන් තරණය කරන්නට යළි යළි උත්සාහ කලාය. 

සියල්ලම ඉතා වේගයෙන් සිදු වෙමින් තිබුනා වුවද, අතැම් දිනයන්හීදී සම්පූර්න රැයක් පුරාවටම ඔවුහු එකිනෙකාගේ කතන්දර බෙදා ගන්නට පටන් ගෙන තිබුණි. එලෙස වැඩි වැඩියෙන් අමයුරු වෙනුවෙන් ඉඩ වෙන් වෙද්දී ශයිනිට ඔහුගේ රුවක් නොදැක ඉවසීම කල හැකිව තිබුනේ නැත. ඕ හැකි හැම වෙලාවකම ඒ ගැන විමසන්නට අමතක නොකලාය.

“රුවක් දකින්නම ඕනෑද හිතවත් වෙන්න..”

අමයුරු පණ්ඩිත විමසීම් වලින් ශයිනිගේ බල බිඳිමින් දින පසු වෙන්නට දෙමින් උන්නේය.

තවත් දින දෙක තුන ගෙවෙද්දී  අකලංකට තවත් ටෙලි නාට්‍යක් සඳහා කාර්‍යබහුල වන්නට සිදු විය.  ඒ අතරේ ඔහුගේ ජංගම දුරකතනයේ දෝශයක් නිසා එයද පසෙකට කර තබන්නට සිදු විය.

ශයිනි දිගින් දිගටම අමයුරුව විමසමින් කෙටි පණිවිඩ සහ මැසෙන්ජර් ඇමතුම් ලබා ගනිමින් උන්න වුවද ඇයට ඒ එකක් සඳහාවත් පිළිතුරක් හෝ ලැබුණේ නැත. ශයිනිගේ විමසීම් නිසා යම් මානසික වියවුලක උන් අකලංක සිතා මතාම ඇයට පණිවිඩයක් යැවීමට  වූ අශාව මඟැර ගත්තේය.

ප්‍රබාත් කීවේ ශයිනි හමුවී මෙ පිළිබඳව කතා කිරීම හැරෙන්නට විසඳා ගැනීම සඳහා කිසිඳු මාවතක් නොපෙනෙන බවය.  ඇය මේ සියල්ල හෙලිදරව් කරගත්තාට පසු මේ පිළිබඳව පහදන්නට කිසිඳු ඉඩක් නොලැබෙනු ඇට්ඃඇයිද ඔහු ඉන්තේරුවෙන්ම කීවේය. අනෙක් අතට ශයිනි හා යම් බැඳියාවක් අවැසි අමයුරුට නොව අකලංකට බව දැනි දැනීම මෙලෙස මුලාවේ සිටීමේ තේරුමක් ඇතිදැයි ඔහු අකලංකව ප්‍රශ්න කලේය.

අකලංක උන්නේ ඊළඟ පියවර සඳහා ඇරඹුමක් ගත නොහකිවය. ශයිනි හමුවී මෙය පහදන්නට හිත හදා ගැනීම අපහසු වග ඔහුට දැනේ. එලෙසම මෙය වෙනසක් නැතිව ගලා යන්නට දීමෙන්ද වන්නේ නපුරක්ම වග දැනේ.

අකලංක අවසානයේ තීරණයක් ගත්තේය.  

අමයුරු ගේ නිහඬ  වීම ශයිනි මත යම් රිදුමක් තැනීම අරඹා තිබුණි. ඕ අමයුරු ගේ මැසෙන්ජර් ගිණුමට පිවිස කිහිප වතාවක්ම පණිවිඩයක් ඇතිදැයි සෙව්ව්වාය. 

කොළ පැහැ සලකුණද දිනකින් පමණ වැටී නැති වග පෙනෙද්දී බලාපොරොත්තු ක්ශය යන්නාක් සේ දැනෙන හැඟීමට ඕ නමක් සෙව්වාය.  තත්පරයේ පමාවට සම්බන්ධතා අලුත් වන ලෝකයක අමයුරු අතුරුදන් ව ගියහොත් තමාට ඔහු සොයාගන්නට හෝ විදියක් නැති බව සිතද්දී ඕ මොහොතකට බිඳී ගියාය. ඕ යහනේ අනෙක් පස පෙරලුණාය.

තිළිණි සුව නින්දකය. තිළිණි ගේ ජීවිතයට එලඹුනු අතිශය කටුක කාලය පවා  පසු කර තිළිණි යම් අස්වැසිල්ලකින් සිටින වග පෙනෙන්නේය.   ගෙවුනු දින දෙක තුනෙහි ඕ පුදුමාකාර සැහැල්ලුවක සිටින වගද පෙනුණි. ඇය විඳි කටුක බව අහේතුකවම තමා මතට වැටී  ඇතැයි ශයිනිට නොසිතුණා නොවේ. කුඩා කෙල්ලක ලෙසින්, දවසක පැයක් තුළ සෑහෙන්නම වතාවක් අමයුරු ගේ පණිවිඩයක් වෙනුවෙන් බලා හිඳීම පිළිබඳව ඇයට යම් නොරිස්සුමක්ද දැනෙමින් තිබුණි. 

නමක්වත් දමා ගන්නට නොහැකි බැඳීමක තමා පමණක් මෙතරමට සිරවී ඇතැයි යන වේදනාව   ඇයගේ නොරිස්සුම මතට යම් වේදනාවක්ද ඉසිමින් තිබුණි. 

| | අපේක්ෂා ගුණරත්න | 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here