රජ පවුල එක්ක මේගන් එච්චර සමීප නැත්තෙ ඇයි?

හැරී කුමාරයගෙ ආදරණීය බිරින්දෑ වෙච්ච මේගන් මාකල් එච්චර එංගලන්ත රජ පවුල එක්ක සමීප නෑ කියන එක අපි දන්නවනෙ ඉතින් නේද?

ඉතින් ඔන්න අපි අද අරගෙන එන්නෙ එයාල ගැන විස්තරයක් තමයි. මේගන් රජ පවුල එක්ක එච්චර සමීප නැති උනාට චාල්ස් රජුගෙ උදව්වෙන් මේගන්ට ආපහු රජ පවුල එක්ක සමිප සබඳතා තියාගන්න හැකිවෙයි කියල තමයි කට්ටිය නම් විශ්වාස කරන්නෙ.

සසෙක්ස් හි ආදිපාදවරිය හැරී කුමාරයව විවාහ කරගත්තම ඒක මුලු ලෝකයම විශ්මිත කරපු පණිවිඩයක් උනානෙ. හැබැයි ඒ පණිවිඩයට වඩා ලෝකෙම තිගැස්සෙන්න හේතුවෙච්ච කාරණාව තමයි හැරී කුමාරය සහ මේගන් මාකල් රජ පවුලෙන් ඉවත්වෙලා වෙනම ජීවත් වෙන්න ගිය එක.

ඒ කාරණාව එක්ක මෙයාල සහ රජ පවුලෙ අතර තියෙන සබඳතාවය සහමුලින්ම නැතිවෙලා යාවි කියල කට්ටිය හිතාගෙන හිටියත් පසුගිය කාලයේ නම් මේගන් ආපහු ටිකෙන් ටික රජ පවුල එක්ක සබඳතා ඇති කරගන්න කටයුතු කල බව තමා ආරංචි වෙන්නෙ.

The mirror වෙත අදහස් දක්වන ලොයෙල්ලා කියන්නෙ “මේගන් සහ හැරීගෙ විවාහය ඇත්තටම අපි හිතුවට වඩා ලොකු වෙනසක් කල දෙයක් උනා. විවාහය වෙලාවෙ මේගන්ගෙ තාත්තා වෙනුවට මේගන් චාල්ස් කුමාරය එක්ක අයිලය වෙත ඇවිදගෙන  ගියේ මේගන්ගෙ තාත්තට ඒ විශේෂ අවස්තාවට සහභාගිවෙන්න බැරි උන නිසා

ඒ විතරක් නෙවෙයි මේගන්ව ඇත්තටම රජ පවුල එක්ක සමීප කරන්න, හිතේ බයක් සැකක් තියෙනව ඒ බව නැති කරන්න ඉදිරිපත් වෙලා තියෙන්නෙ චාල්ස් විතරක්ම නෙවෙයි. හැරීගෙ අයියා වුණ විලියම් කුමාරයත් ඉදිරිපත් උනා මේගන්ගෙ තාත්ත එන්නෙ නැති නිසා තමන් මේගන්ව අයිලය වෙත ගෙන යන්නම්” කියලා.

මේ හැම සිදුවීමකින්ම අපිට දකින්න ලැබුනෙ එකම එක දෙයක්.ඒ තමයි රජ පවුලකින් ආව කෙල්ලෙක් නොවුනත් මේගන්ගෙ රජ පවුල සමග ඇතිවෙච්ච සබඳතාවය වඩා යහපත් එකක් සහ සුන්දර එකක් කරන්න රජ පවුලෙ පිරිමි පාර්ශ්වය කොච්චර ලොකු වෙහෙසක්, උත්සහයක් දරල ද කියන එක.

හැබැයි මේ මොන දේ උනත් මේගන් නිතරම පොඩ්ඩක් ඈතින් ඉන්න උත්සහ කල බවත් මෙයාලා කියනව. සමහරවිට මතුපිටින් අපි දකිනවට වඩා දෙයක්, වෙනසක් මේගන් මේ සියලුම සබඳතා ඇතුලෙ දැක්කා වෙන්න පුලුවන්.

“තමන්ගෙ පෙම්වතාගෙ හරි සැමියගෙ හරි පවුලෙ අය එක්ක ශක්තිමත් සහ යහපත් සබඳතාවයක් ඇති කරගන්න එක දවසකින් කරන්න පුලුවන් දෙයක් නෙවෙයි.ඒකට කාලයක් යනවා. ඒ වගේම තමයි ඉවසීමක් අවශ්‍ය වෙනවා. කැපවීමක් කරන්න වෙනවා. එහෙම කරන්නෙ නැතුව අපිට වඩා යහපත් සබඳතාවයක් පවත්වාගන්න එක ඉතාම අපහසු වෙනවා වගේම අසීරු වෙනවා. මුල ඉඳලම අපිට පොඩි බිඳීමක් පේනවනම් ඒක හදාගන්න එක එච්චර ලේසි දෙයක් වෙන්නෙ නෑ. සමහරවිට කවදවත්ම ඒක හැදෙන එකකුත් නෑ”

කියල තමයි මේගන් මාකල් තමන්ගෙ රාජකීය සැමියගෙ පවුල අය සමග පවත්වාගෙන යන දුරස්ත සබඳතාවය ගැන මාධ්‍ය නම් අදහස් ප්‍රකාශ කරන්නෙ.

හැබැයි ඒ අදහස්වල එක්තරා ඇත්තක් නැත්තෙමත් නෙවෙයි.

රජ පවුල් අමතක කරොත් අපි හැමෝටම වගේ ඉන්නවනෙ අපේ සැමියාගෙ හෝ පෙම්වතාගෙ හෝ පවුලෙ අය. ගොඩක් වෙලාවට ඉතින් ගැහැණු ලමයනෙ විවාහ වෙලා තමන්ගෙ සැමියගෙ ගෙදරට යන්නෙ. අපිට ගොඩක් වෙලාවට අහන්න වෙනව මේ “අපෝ නැන්දම්මල නම් සාප, ඒ මාමණ්ඩි මහ වසයි” වගේ කතන්දර කියන විවහ ජීවිත ඇතුලෙ “තමන් අගතියට පත්වෙලා” ඉන්නව කියල හිතාගෙන ඉන්න කාන්තාවන්. සමහර තැන්වල ඇත්තටම මේ ගැහැණු ලමයින්ගෙ කිසිම වරදක් නැතුව කරදර වලට මූණ පාන්න වෙලා නැතුවම නොවෙයි.

හැබැයි සමහර අවස්තාවල සමහර ගැහැණු ළමයින් බලාපොරොත්තු වෙනව අර ගෙදරදි අම්ම හැමදේම අතට පයට කරල දෙනවා වගේ නැන්දම්මත් එහෙම කරාවි කියල. කිසිම වැඩක් නොකර, තමන්ගෙ මහත්තයගෙ පවුලෙ අය සමග සබඳතාවය හොඳට හදාගන්න කිසිම කැපකිරීමක් කරන්නෙ නැතුව ඒ සබඳතාවය නිකන්ම සාර්තක වෙයි කියල හිතාගෙන ඉන්නවනම් ඒක හරිම මෝඩ වැඩක්.

මේගන්ට විතරක් නෙවෙයි ඒක අපි හැමෝටම අදාල දහමක්. පවුලෙ අය එක්ක විතරක් නෙවෙයි ඕනම කෙනෙක් එක්ක හොඳ සබඳතාවයක් ගොඩ නගාගන්න අපි උත්සහ දරන්න ඕන. අපි මහන්සි වෙන්න ඕන. අපි කැපවෙන්න ඕන.

“විවාහයෙන් පස්සෙ හැරි කුමාරයා, මේගන් සහ රජ පවුල අතර තිබිච්ච පොඩි සබඳතාවය හරි බිඳවැටෙන්න හේතු වෙන දේවල් ගොඩක් උනා” කියල The Mirror වෙත අදහස් දැක්වුව ලොයෙල්ලා තියෙනවා. සමීප සබඳතාවයක් ඇති නොවෙන්න ඉතින් ඒකත් සෑහෙන හේතුවක් වෙන්න ඇති”

ලොයෙල්ලා ඇන්ඩර්සන් කියන්නෙ The Mirror වෙනුවෙන් කතා කරන සබඳතා ගැන Expert කෙනෙක්.

ඉතින් ඕනම සබඳතාවයක් මෙන්න මේ වගේ.

ඔයා පරිස්සම් කරන තරමට තමයි ඒ සබඳතාවය රැකෙන්නෙ, පරිස්සම් වෙන්නෙ. ඔයා ආදරේ කරන සබඳතාවයක් පරිස්සම් කරගන්න නම් අමතක කරන්න එපා ඒ වෙනුවෙන් කැපවෙන්න, වගකීම් ගන්න, යුතුකම් ඉටු කරන්න.

ඒ තමයි ඕනම සබඳතාවයක් යහපත් හා ශක්තිමත් කරන එකම රහස වෙන්නෙ!

Related Articles

Don't Miss


Latest Articles