මේකප් එකක සුන්දරත්වය වැඩි කරන ප්‍රධානම සාධකයක් තමයි අයි මේකප් එක කියන්නේ. අයි මේකප් එකක හොඳ අවසානයක් ලබාගන්නට පුළුවන් වෙන්නේ ඔබ ඔබේ ඇස් වල හැඩයට ගැලපෙන ආකාරයට අයි ලයිනර් එක ඇන්දොත් විතරයි. අද අපි ඔබට කියන්නට සූදානම් වන්නේ ඔබේ ඇස් වල හැඩයට ගැලපෙන ආකාරයට අයි ලයිනර් එක ඇඳ ගන්න ආකාරයයි.
Monolid

තරමක් දිගු හැඩයකින් යුතු නම් එවැනි ඇස්වල ස්වභාවික හැඩය ඔප් නංවා පෙන්වීම සඳහා ඔබට winged eyeliner එකක් භාවිතා කරන්නට පුළුවන්.ඉහල ඇහිබම දිගේ තුනී රේඛාවක් ඇඳ එය ඉතා සෙමෙන් ඇසේ කෙළවර දක්වා ගෙනවිත් තරමක් ඉහළට ඇඳීම මගින් ඉතා සුන්දර ලෙස winged eyeliner එකක් නිර්මාණය කර ගැනීමේ හැකියාව තියෙනවා.
Downturned

ඔබේ ඇස් පහතට වැටී ඇති ස්වරූපයක් ගන්නවා නම් ඒ සඳහා ගැලපෙනම අයිලයිනර් වර්ගය වන්නේ cat eye eyeliner එකයි. එය ඉහල ඇහි බැමි රේඛාවෙන් ආරම්භ කර ක්‍රමයෙන් පිටත කෙළවර දෙසට අඳින්න. පිටත කෙළවර දෙසට අඳින රේඛාව තරමක් ගණ විය යුතු අතර තරමක් දිගු winged eyeliner එකක්ද විය යුතුයි.
Upturned

ඔබේ ඇහේ හැඩය තරමක් උඩුකුරු පෙනුමක් ගන්නවා නම් dramatic flick winged eyeliner එකක් ඒ සඳහා ඉතා හොඳින් ගැලපෙනවා. ඉහළ ඇහිබැම දිගේ අයි ලයිනර් එක ඇඳීම ආරම්භ කර එය ඇසේ පිටත කෙළවර දක්වා ගෙන ගොස් මදක් දිගුකර තියුණු කෝණයකින් ඉහළට අඳින්න. මේ ඔබේ ඇස් වල ඇති උඩුකුරු පෙනුමට මදක් දිගටි හැඩයක් එකතු එකතු කර ඇසේ හැඩය ඔප් නංවා පෙන්වනවා.
Hooded

ඔබේ ඇස් වලට ඇත්තේ ආවරණය වූ පෙනුමක් නම් , ඔබේ ඇස් පියන ඉහල සමෙන් ආවරණය වී ඇති පෙනුමක් ඇත්නම් ඔබේ ඇස් වලට ගැලපෙන්නේ tightline හැඩයයි. මෙහිදී ඇසේ water line එක මතින් ආරම්භ කර අයි ලයිනර් එක තරමක් දුරට පිටතට ඇඳීම සිදු කරනවා.
Round

ඔබට ඇත්තේ රවුම් හැඩති ඇස් නම් මෙය ඉතා මෘදු ලෙස දිගුකර smudged පෙන්වන්නට පුළුවන්. මෙහිදී ඉහළ ඇහි බැම සහ පහළ ඇහි බැම ඔස්සේ සියුම් රේඛා දෙකක් ඇද කපු පුළුන් කැබැල්ලක් හෝ කොට්න් බඩ් එකක් ආධාරයෙන් එම රේඛා දෙක මිශ්‍ර කරමින් ඉහළට ඇදිය යුතුයි.
Almond

ආමන්ඩ් ඇටයක හැඩයක පෙනුම ඇති ඇස් වලට විවිධ ආකාරයේ අයිලයිනර් වලින් හොඳ හැඩයක් ලබා දෙන්නට පුළුවන්.නමුත් winged eyeliner එකක් මගින් මෙවැනි දිගු ඇස් වල හැඩය වඩාත් ඔප් නංවා පෙන්වීමේ හැකියාව තිබෙනවා. ඉහළ ඇහැ බැමි රේඛාව දිගේ තුනී රේඛාවක් ඇඳ එය ඉතා සියුම් ලෙස ඉහළට අඳින්න.
ඇස් කියන්නේ කාන්තාවකගේ සුන්දරත්වය මනාව විදහා දක්වන දෙයක් නිසා eyeliner එකක් මගින් එහි සුන්දරත්වය නිසි ආකාරයට වැඩි දියුණු කරගන්නා ආකාරයයි මේ ලිපියෙන් අපි ඔබට තොරතුරු ගෙන ආවේ.