අතුරුපසක් විදිහට එහෙමත් නැත්නම් පොඩි බඩගින්නකට ටිකක් පැණිරසට කෑමක් කන්න ඕන වෙන වෙලාවක රසවිඳින්න හදල ශීතකරණයේ තියල තියන්න පුළුවන් රසම රස කෑමක් හදාගන්න විදිහ අරගෙන ඔන්න smart lady අපි ඔබත් එක්ක එකතු වෙලා ඉන්නව.
අපි අද හදමු චොකලට් බ්‍රෙඩ් පුඩිං (chocolate bread pudding)
වැඩි වෙලාවක් යන්නෙ නැතුව හදාගන්න පුළුවන් මේ පුඩිම හදන්න හරිම ලේසියෙන් හොයාගන්න පුළුවන් කළමණා කීපයක් අපිට අවශ්‍ය වෙනවා.
අවශ්‍ය ද්‍රව්‍ය
ඩාක් චොකලට් 200 g ක් (ඔබ කැමති නම් සාමාන්‍ය චොකලට් එකතු කරගන්න පුළුවන්)
සුදු පාන් පෙති 04 ක්
බටර් 100 g ක්
උණුකර නිවාගත් කිරි කෝප්ප ½ ක්
කුඩාවට කැපූ කජු ස්වල්පයක් (අත්‍යාවශ්‍ය නැත)
සාදාගන්නා ආකාරය
මුලින්ම ඩාක් චොකලට් සහ පාන් කුඩා කැබලි වලට කපාගෙන පසෙකින් තබාගන්න.
ඊළඟට භාජනයක් අඩු ගින්දරේ ලිප තබා එයට බටර් එකතු කරගන්න.
බටර් දියවීමට පටන් ගත් විට කපාගෙන පසෙකින් තබාගත් චොකලට් කැබලි ඊට එකතු කරගන්න.
ඊළඟට, බටර් සහ චොකලට් දියවී හොඳින් කලවම් වනතුරු සෙමින් හැඳිගා ගන්න.
චොකලට් සම්පූර්ණයෙන් දියවූ පසු උණුකර නිවාගත් කිරි එකතු කර නැවත හොඳින් කලවම් කරගන්න.
දැන් මේ මිශ්‍රණයට කපාගත් පාන් සහ කජු කැබලි ටිකත් එකතු කර පාන් කැබලි වල චොකලට් මිශ්‍රණය ගෑවෙන පරිදි සියල්ල හොඳින් කලවම් කරගන්න.
පාන් කැබලි වලට චොකලට් හොඳින් උරාගත් පසු ලිප නිවා භාජනය ලිපෙන් ඉවතට ගන්න.
දැන් කුඩා වීදුරු අතුරුපස කෝප්ප 04 ක් ගෙන එහි බටර් ස්වල්පයක් ආලේප කරගන්න.
එයට සාදාගත් බ්‍රෙඩ් පුඩින් දමා පැයක් පමණ තබා එම කුඩා කෝප්පය අනෙක් උඩු යටිකුරු කර නමාගෙන පුඩින් මිශ්‍රණය ඉවතට ගන්න.
මේ කෝප්පයේම පිළිඟන්වන්නත් පුළුවන්.
දැන් අපි චොකලට් පුඩින් හදාගෙන අවසන්.
දියකරගත් චොකලට්, පැණි, අයිස්ක්‍රීම් හෝ ඔබ කැමති ඕනෑම දෙයක් සමඟ උණුසුම්වම රසවිඳින්න දැන් ඔබට පුළුවන්.
එහෙනම්, ඉක්මණින් ලේසියෙන් මේ විදිහට බ්‍රෙඩ් පුඩිං හදල බලමු නේද?
සටහන – දුලානි නවෝද්‍යා
ReplyForwardAdd reaction |