රසම රස බර්ගර් එකක් රසවිඳින්න හිතෙන වෙලාවට ගෙදරදිම ඔබ කැමති දේවල් එකතු කරල බර්ගර් එකක් හදාගන්න තියෙනව නම් කොච්චර හොඳද නේද?
බර්ගර් එකට අපි කැමති ඕනෙම දෙයක් එකතු කරත් බර්ගර් බන් එක රස නැත්නම් බර්ගර් එකෙන් වැඩකතු නෑනෙ.
ඉතිං අන්න ඒ නිසා හරිම ලේසියෙන් ඉක්මණින් හොයාගන්න පුළුවන් අමුද්‍රව්‍ය බොහොම අඩු ප්‍රමාණයක් භාවිතා කරල රසම රස බර්ගර් බන් එකකුත් ගෙදරදිම හදාගන්නෙ කොහොමද කියල ඔබට කියන්නයි smart lady අපි අද මේ සූදානම් වෙන්නෙ.
එහෙනම්, මුලින්ම ඕන කරන කළමණා සූදානම් කරගමු.
අවශ්‍ය ද්‍රව්‍ය
සීනි මේස හැඳි 03 ක්
ඊස්ට් තේ හැඳි 02 ක්
මඳ උණුසුම් කිරි කෝප්ප ½ ක්
බිත්තර 01 ක්
පාන් පිටි කෝප්ප 02 ක්
ලුණු කුඩු
තෙල් මේස හැඳි 03 ක්
තල ඇට ස්වල්පයක්
අවශ්‍ය වූ විට භාවිතා කරන්න කිරි හා තෙල්
සාදාගන්නා ආකාරය
මුලින්ම, තරමක භාජනයක් ගෙන එයට සීනි, ඊස්ට් සහ මඳ රස්නෙ කිරි එකතු කර හොඳින් කලවම් කරගන්න.
එම භාජනය පියනකින් වසා විනාඩි 10 ක් තබන්න.
විනාඩි 10 කට පසු වෙනත් තරමක් විශාල භාජනයක් ගෙන එයට බිත්තරයේ කහ මදය විසිරී නොයන පරිදි ප්‍රවේශමෙන් කඩාගන්න.
දැන් බිත්තර කහ මදය හැන්දකින් ඉවත් කරගෙන පසෙකින් තබාගන්න. (මේ බිත්තර කහ මදය පසුව අවශ්‍ය වේ)
දැන් බිත්තර සුදු මදය අඩංගු භාජනයටම පිටි, ලුණු කුඩු ස්වල්පයක්, තෙල් සහ සාදාගත් ඊස්ට් මිශ්‍රණය එකතු කර අතේ සහ භාජනයේ නොඇලෙන පිටි ගුලියක් සෑදෙන තෙක් විනාඩි 10 ක් 15 ක් පමණ හොඳින් අත්ගසා අනාගන්න.
(අවශ්‍ය නම් කිරි එකතු කරගන්න පුළුවන්)
දැන් මේ පිටි ගුලිය මත තෙල් ස්වල්පයක් ආලේප කර පිටි ගුලිය සහිත භාජනය ප්ලාස්ටික්, පොලිතීන් හෝ තෙමා වතුර බේරාගත් රෙදි කඩකින් හොඳින් ආවරණය කරගන්න.
පිටි මිශ්‍රණය පිපෙන තෙක් පැයක් තබාගන්න.
පැයකට පසු පිටි මිශ්‍රණය භාජනයෙන් ඉවතට ගෙන කොටස අටකඩ වෙන් කරගන්න.
එක් පිටි බෝලයක් ලෑල්ලක් මත තබා මදක් තුනී කරගන්න.
රොටියක් ආකාරයට තුනී කරගත් පිටි මිශ්‍රණයේ වටේ කොටස් මැදට ගෙන එමින් පිටි බෝලයක් සාදාගන්න.
දැන් මේ සාදාගත් පිටි බෝල තෙල් හෝ බටර් ආලේප කරගත් බේකින් තැටියක හෝ වෙනත් පැතලි තැටියක එකිනෙක නොගෑවෙන ලෙස තරමක් ඈතින් අතුරා ගන්න.
තෙත බේරූ රෙදි කැබැල්ලකින් වසා නැවත විනාඩි 10 ක් පමණ තබාගන්න.
මේ අවස්තාවේදී ඔබේ අවන් එක සෙන්ට්‍රිගේට් අංශක 160 ට රත්වීමට තබන්න.
විනාඩි 10 කට පසු අපි කලින් වෙන්කරගත් බිත්තර සුදු මදයට කිරි තේ හැන්ඳක් එකතු කර බුරුසුවක් හෝ හැන්ඳක් ආධාරයෙන් පිටි බෝල වල උඩ ආලේප කරගන්න.
ඊට උඩින් තල ඇට ඉසගන්න.
දැන් බේකින් තැටිය කලින් රත්කරගත් අවන් එකට දමා සෙන්ටිග්‍රේට් අංශක 160 ක උෂ්ණත්වයේ විනාඩි 20 ක් 30 ක් පමණ බනිස් වල උඩ රන්වන් පාට වනතෙක් පුළුස්සා ගන්න.
ඔබට අවන් එකක් නැත්නම් පියනකින් හොඳින් වැසිය හැකි භාජනයක පතුලට යකඩ ආධාරකයක් තබා එම භාජනය පියනකින් වසා මඳ ගින්නේ විනාඩි 05 ක් තබාගන්න.
විනාඩි 05 කට පසු බඳුනේ ආධාරකය මත පිටි බෝල අසුරාගත් තැටිය තබා නැවත පියනෙන් වසා මඳ ගින්නේ විනාඩි 20 ක් 30 ක් පමණ බනිස් වල උඩ රන්වන් පාට වනතෙක් පුළුස්සා ගන්න.
ඔන්න දැන් අපි රසම රස බර්ගර් බන් හදන් ඉවරයි.
ඔබ කැමති දෙයක් එකතු කරල දැන් රසම රස බර්ගර් එකක් කරන්න ඔබට පුළුවන්.
සටහන – දුලානි නවෝද්‍යා
ReplyForwardAdd reaction |