මේ අවුරුද්දෙ අවසානයටත් ඇවිල්ල. මේ අවුරුද්ද කියන්නෙ ඉන්දියාවෙන් විතරක් නෙවෙයි ලෝකෙ පුරා ගොඩක් රටවල්වලින් ඉතාම අපූරු චිත්‍රපට ගණනාවක්ම අපිට බලන්න ඉඩ ලැබුණ අවුරුද්දක් කියලා කිව්වොත් හරි.
තව විස්තර කරලා කිව්වොත් විශේෂයෙන්ම ඉන්දියාව පැත්තෙන්, විවිධ භාශාවලින් ලෝකයට දායාද වෙච්ච අපූරු චිත්‍රපට ගණනාවක් බිහිවෙච්ච අවුරුද්දක් මේක. ඉතින් අපි අද ඔයාලාට අරගෙන යන්න එන්නෙත් ඉන්දියාවෙන් බිහිවුණ ඒ වගේ තවත් අපූරු චිත්‍රපටයක් ගැන.
සමහරවිට ඔයාලා දැනටමත් මේක බලලා ඇති. බලලා නැත්තම් ඔන්න මේ ආටිකල් එක කියවලම දෙසැම්බර් නිවාඩුවෙ හොඳ රසට උණු උණු හොට් චොකලට් එකක් හදාගෙනම මේක බලන්න කියල කියන්නත් අපි අමතක කරන්නෙ නෑ.
චිත්‍රපටයෙ නම Lucky Bhaskar. මේක ඔයාලට Netflix ඔස්සේ බලන්න පුලුවන්.
මේ චිත්‍රපටය 2024 අවුරුද්දෙ රිලීස් වෙච්ච තෙලිඟු භාශාවෙන් ආව Period Crime Drama Film එකක කියලා කිව්වොත් හරියටම හරි.ඩුල්කර් සල්මාන් තමයි මේ ච්ත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන්නෙ. විශේෂයෙන්ම කියන්න ඕන දුල්කර් කියන්නෙ එයාගෙ තාත්තා Mammotty ගෙ නම තව තව උඩට අරගෙන යන ජාතියෙ සුපිරි පුතෙක් කියලා හිතෙන ලෙවල් එකේ ෆිල්ම් එකක් තමයි මේක.
මේක කුඩා මධ්‍යම පන්තික ජීවිතයක් ගෙවපු මිනිහෙක් මංකොල්ලකාරයෙක් වෙලා, පස්සේ ඒ වැරදිවලින් පසුතැවී ජීවිතය අලුත් කරන්න හදන කතාන්දරයක්. කතාව 1980 සහ 1990 වසරවල මුම්බයි නගරය පසුබිම කරගෙන ගලා යනවා.
ඉතින් වැඩි වැල්වටාරම් ඕන නෑ. අපි කතාව කියවලම බලමු මොකද්ද මේ Lucky Bhaskar Film එක මෙච්චර පිස්සුවක් කරන්න හේතු වෙලා තියෙන සුපිරි Plot එක කියලා.
මේ චිත්‍රපටයේ තියෙන විශේෂත්වය තමයි Fourth Wall එක බිඳිමින් චිත්‍රපටයේ ප්‍රධාන නලුවා විශේෂ අවස්තාවන් කිහිපයකදිම ප්‍රේක්ෂකයා එක්ක එකතුවෙන එක. ඒකෙන් චිත්‍රපටයට අමුතුම රසයක් දීලා තියෙනවා සහ මේ කතාවට අපිත් සම්බන්ධයි කියන එක අපිට ඒත්තු ගන්නනවා.
මේ කතාවෙ ප්‍රධාන චරිතයේ නම බාස්කර් කුමාර්. මෙයාලා ගෙවන්නෙ හරිම දුක්බර ජීවිතයක්. හැබැයි මෙයාලගෙ තාත්තා ඉස්සර හොඳට සල්ලි තිබුණ පස්සෙ නට්ටම් වෙච්ච පරංපරා ගෙයක් එහෙම තියෙන මනුස්සයෙක්. බාස්කර්ගෙ තාත්තා Charted Accountant කෙනෙක්. හැබැයි වටේ ඉන්න යාලුවන්ගෙ වංචාවලට අහුවෙලා පස්සෙ ජීවිතේ අන්තෙටම වැටිච්ච මනුස්සයෙක්. ඒත් තාත්තාගෙන් ආව යහපත් ගතිගුණ තියෙන පුතෙක් වෙච්ච බාස්කර් වුනත් ජීවිතේ මේ වැටිච්ච වලෙන් උඩට යන්න හදන්නෙ හරිම සාධාරණ විදියට. මෙයා වැඩ කරන්නෙත් බැංකුවෙ. ඇත්තටම ඉතාම යහපත් විදියට, වංචා නොකට හොඳ විදියට, බැංකුවට හිතවත්ව රාජකාරි කරන කෙනෙක් තමයි මේ බාස්කර්.
මෙයා වැඩ කරන බැංකුවෙ නම මගධ බැංකුව. බාස්කර් කාලයක් තිස්සෙ බලාගෙන ඉන්නවා Promotion එකක් ගන්න. හැබයි කොච්චර හොඳට වැඩ කරත් තමන්ට ලැබේවි කියලා බලාගෙන උන්නු ඒ Promotion එක වෙන කෙනෙක්ට ලැබුණා කියල දැනගත්ත වෙලාවෙ තමයි බාස්කර්ගෙ හිත හොඳටම කැඩෙන්නෙ.
මේ හැම කතාවක්ම පටගන්නෙ අන්න එතනින්.
ඉලෙක්ට්‍රොනික් බඩු ජාවාරම්කරුවෙක් වෙන ඇන්තනි හරහා තමයි බාස්කර් තමන්ගෙ කතාවෙ පලවෙනි අඩිය තියන්නෙ. ඇන්තනි ඇවිල්ලා බාස්කර්ට පොඩි අයිඩියා එකක් දානවා බැංකුවෙ සල්ලි හීන් සැරේ එලියට අරගෙන කරලා ගොඩ යන්න පුලුවන් පොඩි වැඪක් ගැන. බාස්කර් මුලින් මේකට හොඳටම බයවෙනවා. හැබැයි තමන් බැංකුවෙ ඇතුලෙ තියාගෙන ඉන්න හොඳ නම හන්දා තමන්ට ප්‍රශ්නයක් වෙන්නෙ නෑ කියන එක පස්සෙ තේරුම්ගන්න, තමන්ට ලැබෙන්න තිබුණ Promotion එක වෙන කෙනෙක්ට ලැබුනා කියන අවුලෙන් ඉන්න, දහ අතේ ණයවෙලා ඒ ණය ගෙවාගන්න බැරුව ඉන්න බාස්කර් අන්තිමේ ඔන්න ඔය ඔක්කොම හේතු හින්දා ඇන්තනි අරගෙන ආව යෝජනාවට කැමතිවෙනවා.
බාස්කර් එයාට Access තියෙන බැංකුවෙ සල්ලි කාටවත් නොතේරෙන්න එලියට අරගෙන, ඇන්තනිගෙ ඉලෙක්ට්‍රොනික් ජාවාරමට ඒ ටික ණයට දීලා ඒකෙන් ලැබෙන ප්‍රොෆිට් එකෙන් බැංකුවෙ ගාණ සෙට්ල් කරනවා. මුල් ටිකේ මේක කරද්දි බයෙන් බයෙන් කරාට බාස්කර්ට පස්සෙ ඕක කජු කනවා වගේ වෙනවා.
මේක බැංකුවෙ කාටවත් අහුවෙන්නෙ නැතුව කරන හන්දා වගේම බැංකුවට හරි හිතවත් කියලා පෙන්නන හන්දා බාස්කර්ට හම්බෙනවා Promotions. ඒ ඔස්සේ එයාට පුලුවන් වෙනවා මේ සල්ලි රජකරන ලෝකෙ ඉන්න ලොකු ලොකු ඉත්තන්ට තව තව ලංවෙන්න.
ඒ විදියට තමයි බාස්කර් කොටස් වෙළඳපොල ලෝකෙ ඉන්න ලොකුම ඉත්තෙක් වෙන හර්ශා මෙහෙරාව හම්බුවෙන්නෙ. මේ හර්ශා මෙහෙරා කියන චරිතෙ හදලා තියෙන්නෙ ඉන්දියාවෙ ඇත්තටම ජීවත් වෙච්ච, stockbroker කෙනෙක් වගේම ලොකුම ලොකු Fraudster කෙනෙක් වෙන Harshad Mehta ගෙ චරිතෙ අළලා.
Mehra ගේ බලපෑම යටතේ, බාස්කර් කොටස් වෙලඳපොලේ දැවැන්ත ලාභයක් අරගන්න සල්ලි හසුරුවන්න ව්‍යාජ බැංකු රිසිට්පත් නිර්මාණය කිරීමට සම්බන්ධ වෙනවා. එයාගෙ අලුත් සල්ලි කළු සල්ලි සුදු කරන්න ලොතරැයි ප්‍රතිඵල වංචා කිරීම වැනි අතිරේක යෝජනා ක්‍රමවලට ඕනවටත් වඩා පාරවල් කපලා දෙනවා. හැබැයි මේ ඕනවට වඩා සල්ලිවලට ඇතිවෙන කෑදරකම බාස්කර් ගොඩනගපු මේ දූශිත පද්ධතියෙ ආරක්ෂිත නූල් හෙමින් හෙමින් ගලවන්න හේතුවක් වෙනවා.
ටිකෙන් ටික එයාගෙ අපරාධ එලියට එන්න පටන් ගනිද්දි බාස්කර්ට විඳවන්න වෙන්නෙ හම්බකරාට වඩා වේදනාවකින්. මෙයාගෙ මේ වැඩවලට උදව් කල, මේ වගේම වංචාවෙන් සල්ලි හම්බ කල තව මනුස්සයෙක් වෙච්ච කටාරි බැංකුවෙ කළමනාකරු හදිසියෙ ඇතිවෙච්ච හාට් ඇටෑක් එකකින් මැරුණම තමයි බාස්කර්ට ජීවිතේ ගැන තේරෙන්න පටන් ගන්නෙ.
එයා කල්පනා කරනවා තමන් කල මේ වැරදි වැඩ වලින් මිදිලා බැංකු පද්ධතිය ඇතුලෙ තියෙන දූෂණයන් ගැන, වංචාවන් ගැන හෙලිකරන්න. ඒත් කාලයක් තිස්සෙ වංචාකාරයෙක් විදියට ජීවත්වෙන්න හොඳට සල්ලි අතපත ගාපු මනුස්සයෙක්ට එහෙම එකපාර දෙවියෙක් වගේ හැසිරෙන්න පුලුවන්ද?
ඉතින් ඒ ගැන දැනගන්න නම් මේ චිත්‍රපටය ඔයාලා බලන්නම ඕන. මේක ඇත්තටම Worth Watching කියන්න පුලුවන් චිත්‍රපටයක්. හරිම රසවත්.ආරම්භයෙ ඉඳල අවසානය දක්වාම ප්‍රේක්ශකයන්ව කුතුහලය පිරිච්ච අපූරු ගමනක් අරගෙන යන මේ චිත්‍රපටය අදම බලන්න අමතක කරන්න එපා.
මතක තියාගන්න, ඕනම හොර වැඩක් කරන කෙනෙක් වීරයෙක් වෙන්නෙ අහුවෙනකම් විතරයි කියන එක!
ReplyForwardAdd reaction |