ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන සහ රෝග යෝනි මාර්ගය, ගුදය හෝ මුඛ ලිංගික සම්බන්ධතා හරහා තමයි සම්ප්‍රේෂණය වෙන්නෙ.
ලිංගාශ්‍රිත රෝග සහ යෝනි මාර්ගය ආශ්‍රිත රෝග ලක්ෂණ විදියට යෝනි මාර්ගයේ කැසීම, කුෂ්ඨ, අසාමාන්‍ය ශ්‍රාවය, වේදනාව පෙන්වාදෙන්න පුළුවන්. ගොඩක් ලිංගාශ්‍රිත රෝග කිසිදු රෝග ලක්ෂණයක් පෙන්වන්නෙ නෑ. ලෝකේ පුරා හැම අවුරුද්දකම සිෆිලිස්, ක්ලැමීඩියා, ගොනෝරියා සහ ට්‍රයිකොමෝනියාසිස් නව සම්ප්‍රේෂණ මිලියන 376 ක් වගේ ප්‍රමාණයක් හොයාගන්නවා.
ගොඩක් අයට මේ ලිංගාශ්‍රිත රෝග ලක්ෂණ පෙන්වන්නෙ නැති හන්දා සමහරු treatments අරගන්නෙ නෑ. ඇමරිකානුවන් 6 දෙනෙකුගෙන් 1 දෙනෙකුට පමණ ලිංගික හර්පීස් තියෙනවා කියන එක හොයාගෙන තියෙනවා. හැබැයි ගොඩක් අය තමන්ට ඒ රෝග තියෙනවා කියල දන්නෙ නෑලු,
වඩාත් සුලභ ලිංගාශ්‍රිත රෝග සමහරක් අතරට මෙන්න මේ රෝග අයත්වෙනවා.
මානව පැපිලෝමා වයිරසය (HPV), ගොනෝරියා, ක්ලැමීඩියා, ලිංගික හර්පීස් HPV කියන රෝග කාන්තාවන් තුළ බහුලව දක්නට ලැබෙන ලිංගාශ්‍රිත රෝග. ඒක ගැබ්ගෙල පිළිකාවටත් හේතු වෙනවා.
වයස අවුරුදු 45 වෙනකම් HPV වල සමහර Strains වලක්වා ගන්න ලබාදෙන එන්නතක් තියෙනවා. ගොනෝරියා සහ ක්ලැමීඩියා කියන්නෙ common bacterial STI. ක්ලැමීඩියා කියන්නෙ එක්සත් ජනපදයේ බහුලවම වාර්තා වන ලිංගාශ්‍රිත රෝගයක් කියල හොයාගෙන තියෙනවා. සමහර නාරිවේද වෛද්‍යවරු සාමාන්‍ය පරීක්ෂණ වලදී මේ රෝග තියෙනවද කියලා පරීක්ෂා කරලා තියෙනවා. හැබැයි ඔයාට හිතෙනවනම් ඔයා ඉන්නෙ අවදානම් කලාපෙ කියලා ඔයාටම ගිහින් පරීක්ෂණයක් කරගන්න පුලුවන්. වයස අවුරුදු 14 ත් 49 ත් අතර පුද්ගලයින් 6 දෙනෙකුගෙන් 1 කෙනෙකුට ලිංගික හර්පීස් තියෙනවා කියලා හොයාගෙන තියෙනවා.
කාන්තා ප්‍රජනක අවයව ක්‍රියා කරන්නේ කොහොමද?
ඩිම්බ කෝෂ මගින් ඩිම්බ හෝ ඕසයිට් ලෙස හඳුන්වන ගැහැණු බිත්තර සෛල හදනවා. ඊටපස්සෙ ඕසයිට් පැලෝපීය නාලයට ගෙන යනවා වගේම එතනදි ශුක්‍රාණුවක් මගින් සංසේචනය සිදුවෙනවා. සංසේචනය වූ බිත්තරය ගර්භාෂයට ගමන් කරනවා. එතනදි ප්‍රජනක චක්‍රයේ සාමාන්‍ය හෝමෝන වලට ප්‍රතිචාර වශයෙන් ගර්භාෂ ආස්තරය ඝන වෙනව. ගර්භාෂයට ඇතුළු උනාට පස්සෙ සංසේචනය වූ බිත්තරය ඝන වූ ගර්භාෂ ආස්තරයට බද්ධ කර වර්ධනය දිගටම කරගෙන යනවා. සංසේචනය සිදු වෙන්නෙ නැත්තම් ගර්භාෂ ආස්තරය ඔසප් ප්‍රවාහයක් පිටවෙනවා. ඊට අමතරව, කාන්තා ප්‍රජනක පද්ධතිය ප්‍රජනක චක්‍රය පවත්වා ගෙන යන කාන්තා ලිංගික හෝමෝන නිපදවනවා.
ආර්තවහරණයේදී කාන්තා ප්‍රජනක පද්ධතිය ක්‍රමයෙන් ප්‍රජනක චක්‍රය ක්‍රියාත්මක වීමට අවශ්‍ය කාන්තා හෝමෝන නිපදවීම නවත්වනවා. මෙම අවස්ථාවේදී, ඔසප් චක්‍ර අක්‍රමවත් වී අවසානයේ නතර වෙනවා. ඔසප් චක්‍රය නතර වී වසරකට පසු, කාන්තාව ආර්තවහරණයට ලක් වෙනවා.
කාන්තා ප්‍රජනක ව්‍යුහ විද්‍යාවට බාහිර හා අභ්‍යන්තර ව්‍යුහයන් දෙකම ඇතුළත් වෙනවා.
බාහිර කාන්තා ප්‍රජනක ව්‍යුහයන්ගේ (ලිංගක අවයව) ක්‍රියාකාරිත්වය දෙයාකාරයි:
ඒ තමයි ශුක්‍රාණු ශරීරයට ඇතුළු වීමට ඉඩ දීම සහ අභ්‍යන්තර ලිංගික අවයව බෝවන ජීවීන්ගෙන් ආරක්ෂා කිරීම.
ලිංගාශ්‍රිත රෝග ඇතිවීමට හේතුව කුමක්ද?
ශරීරයේ උණුසුම්, තෙතමනය සහිත ස්ථානවල වර්ධනය වන බැක්ටීරියා සහ වෛරස් ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග ඇති කරනවා. ඒවා ලිංගිකත්වය හරහා එක් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට සම්ප්‍රේෂණය වෙනවා. ශිෂ්ය, යෝනි මාර්ගය, මුඛය හෝ ගුදය වෙතින් ආසාදන පැතිර යන්න පුලුවන්. මේ ආසාදන සුළු වෙන්න වගේම ඉතාම වේදනාකාරී වෙන්නත් පුලුවන්. ඒ වගේම ජිවීතයට තර්ජනයක් වෙන්නත් පුලුවන්.
ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන පැතිරෙන්නේ කොහොමද?
ඒවා ශරීරයේ තරල හරහා පැතිරෙනවා. බොහෝ විට යෝනි, මුඛ හෝ ගුද සංසර්ගය අතරතුර පැතිරෙනවා. සමහර ලිංගාශ්‍රිත රෝග ආසාදිත රුධිරය හරහා එක් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට සම්ප්‍රේෂණය වෙනවා. උදාහරණයක් ලෙස, ආසාදිත ඖෂධ ඉඳිකටු බෙදා ගන්නා පුද්ගලයින් අතර මේක වෙන්න පුලුවන්. නැතහොත් ගර්භණී සමයේදී, දරු ප්‍රසූතියේදී හෝ මව්කිරි දීමේදී මවකට තම දරුවාට ආසාදනය වෙන්නත් පුලුවන්.
Handshake කිරීම, ඇඳුම් බෙදා ගැනීම හෝ වැසිකිළි ආසනයක් බෙදා ගැනීම, ලිංගාශ්‍රිත රෝග ඇතිවීමට හේතු වෙන්නෙ නෑ.
අවදානමට ලක්වෙන අය කවුද?
ඕනෑම කෙනෙකුට ලිංගාශ්‍රිත රෝග ඇතිවෙන්න පුලුවන්. යෞවනයන් සහ තරුණ වැඩිහිටියන්ට ඉහළම අවදානමක් තියෙනවා. ඔවුන්ට බහු ලිංගික සහකරුවන් සිටීමේ සම්භාවිතාව වැඩිවෙද්දි, ආරක්ෂිත ලිංගික සබඳතාවලට යන්නෙ නැතිඋනාම මේ වගේ ප්‍රශ්න ඇතිවෙනවා. අපිරිසිදු ඉඳිකටු භාවිතා කරන වීදි මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් ද අවදානමට ලක්වෙන්න ලොකු ඉඩක් තියෙනවා.
රෝග විනිශ්චය කරන්නෙ කොහොමද?
වෛද්‍යවරයෙකු ලිංගාශ්‍රිත රෝග හඳුනා ගන්න පුල්‍ය්වන්. එයාලා ඔයාගෙ ලිගික ඉතිහාසය පිළිබඳ පුද්ගලික ප්‍රශ්න අසනවා. ඔයට උපකාර ලබා ගත හැකි වන පරිදි අවංක වීම ඉතා වැදගත් වෙනවා. ඔවුන් යෝනි මාර්ගයෙන් තරල සාම්පලයක් හෝ ගැටලුව තහවුරු කිරීම සඳහා රුධිර පරීක්ෂණයක් ලබා ගෙන තමයි මේ පරීක්ෂණ කරනවා. රසායනාගාර පරීක්ෂණ මගින් බැක්ටීරියා හෝ වෛරස් ලිංගාශ්‍රිත රෝග තියෙනවද කියලා පෙන්නනවා.
රුධිරය ආසාදනය කරන රෝගයක් තියෙනවද කියලා රුධිර පරීක්ෂණ මගින් පෙන්නලා දෙනවා.
ලිංගාශ්‍රිත රෝග වලින් ඔබේ මුත්‍රාවල බැක්ටීරියාවක් තිබේදැයි මුත්‍රා සාම්පලවලින් පෙන්නනවා..
තුවාල තිබේදැයි තරල සාම්පලවලින් පෙන්විය හැකි අතර ආසාදන වර්ගය හඳුනා ගැනීමට උපකාරී වෙනවා.
STI වල Common Symptoms
ලිංගාශ්‍රිත රෝග ලක්ෂණ පිළිබඳව ජනතාව ඇත්තෙන්ම දැනුවත් වෙන්න ඕන. මේ ලිංගාශ්‍රිත රෝගවල තියෙන පොදු රෝග ලක්ෂණ කීපයක් තමයි:
මුත්‍රා කිරීමේ වෙනස්කම් – මුත්‍රා කිරීමේදී වේදනාව හෝ දැවෙන සංවේදනය, නිතර මුත්‍රා කිරීමේ අවශ්‍යතාවය හෝ මුත්‍රා වල රුධිරය තිබීම මගින් ලිංගාශ්‍රිත රෝග පෙන්නුම් කරනවා.
අසාමාන්‍ය යෝනි ශ්‍රාවයක් – කාන්තාවකගේ චක්‍රය පුරා හෝ චක්‍රයක් නොමැති විට පවා යෝනි ශ්‍රාවයේ පෙනුම නිරන්තරයෙන් වෙනස් වෙනවා. ඝන, සුදු ශ්‍රාවයක් යීස්ට් ආසාදනයක ලක්ෂණයක් වෙන්න පුලුවන්. ශ්‍රාවය කහ හෝ කොළ පැහැති විට, එය ගොනෝරියා හෝ ට්‍රයිකොමෝනියාසිස් රෝග ලක්ෂණයක් වෙනවා.
යෝනි ප්‍රදේශයේ කැසීම -කැසීම කියන්නෙ ලිංගාශ්‍රිත රෝග සමඟ සම්බන්ධ විය හැකි හෝ නොවිය හැකි නිශ්චිත නොවන රෝග ලක්ෂණයක්.
යෝනි කැසීම සඳහා ලිංගිකත්වය හා සම්බන්ධ හේතු අතරට මෙන්න මේ පහත ලක්ෂණ අයත් වෙනවා.
Latex condoms වලට දක්වන ආසාදන තත්වයන්
යීස්ට් ආසාදනය
Pubic lice සහ scabies
ලිංගික ඉන්නන්
ක්ලැමීඩියා
මෙය එක්සත් ජනපදයේ බහුවම දක්නට ලැබෙන බැක්ටීරියා ලිංගාශ්‍රිත රෝගය.සෑම වසරකම ඇස්තමේන්තුගත නව රෝගීන් මිලියන 1.6 ක් හඳුනා ගන්නවා. එය අනාරක්ෂිත යෝනි සහ/හෝ ගුද සංසර්ගය හරහා සම්ප්‍රේෂණය වෙනවා
සමහර විට පුද්ගලයින්ට මෙම රෝගය ඇති බවට කිසිදු සලකුණක් පෙන්වන්නෙ නැ කාන්තාවකට ඔසප් වීම අතර ලේ ගැලීම, මුත්‍රා පිට කරන විට වේදනාවක් දැනීම, ශ්‍රාවයක් පිටවීමක් හෝ යටි බඩේ මෘදු වේදනාවක් දැනෙන්න පුලුවන්. ගුද සංසර්ගයේදී, රෝගියාට ගුද මාර්ගයෙන් ලේ ගැලීමක් හෝ වේදනාවක් ඇති වෙන්න පුලුවන්.
රෝග විනිශ්චය කළ පසු, පුද්ගලයෙකුට ප්‍රතිජීවකයක් සමඟ ප්‍රතිකාර කරනවා. ප්‍රතිකාර නොකළහොත්, එය කාන්තාවකගේ ප්‍රජනක පද්ධතියට බරපතල හානි සිදු කරන්න පුලුවන්. එය ගැබ් ගැනීම දුෂ්කර හෝ කළ නොහැකි වෙන්න හේතුවක්.
ගොනෝරියා
ලිංගික අවයව, ගුද මාර්ගය සහ උගුරේ ආසාදන ඇති කරනවා. වයස අවුරුදු 15-24 අතර තරුණයින් බොහෝ විට පීඩාවට පත්වෙනවා. රෝගය ඇති කෙනෙකු සමඟ අනාරක්ෂිත යෝනි, ගුද හෝ මුඛ සංසර්ගයේ යෙදීමෙන් බෝවෙන්න පුලුවන්.
එය රෝග ලක්ෂණ හැමතිස්සෙම පෙන්වන්නෙ නෑ. නැතහොත්, පුද්ගලයෙකුට ශිෂ්ණයෙන් හෝ යෝනි මාර්ගයෙන් ශ්‍රාවයක් ඇති විය හැකි අතර මුත්‍රා පිට කරන විට වේදනාවක් දැනෙන්න පුලුවන්.
රෝග විනිශ්චය කළ පසු, පුද්ගලයෙකුට ප්‍රතිජීවකයක් සමඟ ප්‍රතිකාර කරනවා. ප්‍රතිකාර නොකළහොත්, එය කාන්තාවකගේ ප්‍රජනක පද්ධතියට බරපතල හානි සිදු කරන්න පුලුවන්. එය ගැබ් ගැනීම දුෂ්කර හෝ කළ නොහැකි වෙන්න හේතුවක්.
සිෆිලිස්
මෙය යෝනි මාර්ගය, ගුදය හෝ මුඛ ලිංගික සංසර්ගයෙන් ජීවිතයට තර්ජනයක් විය හැකි බැක්ටීරියා ආසාදනයක්. සිෆිලිස් නිසා ඇති වන තුවාල නිරෝගී පුද්ගලයෙකුගේ සම ස්පර්ශ කළහොත් එය පැතිර යනවා. ශිෂ්ණ, යෝනි මාර්ගය, ගුදය, ගුද මාර්ගයේ හෝ තොල් සහ මුඛයේ තුවාල දක්නට ලැබෙනවා. ආසාදිත මවකගෙන් ඇගේ නූපන් දරුවාට ද සිෆිලිස් පැතිර යන්න පුලුවන්
සාමාන්‍යයෙන්, පළමු රෝග ලක්ෂණය වන්නේ වේදනා රහිත විවෘත තුවාලයක. ඔබේ ලිංගික අවයවවල හෝ ඔබේ අත්ලෙහි සහ ඔබේ පාදවල තුවාල ඇති වෙන්න පුලුවන්. දෙවන අදියරේ කුෂ්ඨ රළු, රතු හෝ රතු පැහැයට හුරු දුඹුරු පැහැ ලප මෙන් දිස්වෙනවා
පෙනිසිලින් කියන්නෙ මේකට දෙන සාර්ථක ප්‍රතිකාරයක. සිෆිලිස් රෝගයට ප්‍රතිකාර නොකළහොත්, එය වසර ගණනාවක් ශරීරයේ පවතිනාවා. එය අංශභාගය, මානසික ආබාධ, අවයව වලට හානි වීම සහ මරණය වගේ බරපතල ගැටළු ඇති කරන්න පුලුවන්.
ලිංගික හර්පීස්
මෙම ආසාදනය ඉතා සුලභයි. පුද්ගලයින් හය දෙනෙකුගෙන් එක් අයෙකුට (වයස අවුරුදු 14-49) ලිංගික හර්පීස් තියෙනවා. බොහෝ අය එය ඇති බව දන්නෙ නෑ. හර්පීස් සිම්ප්ලෙක්ස් වෛරස් වර්ගය 1 (HSV-1) සහ හර්පීස් සිම්ප්ලෙක්ස් වෛරස් වර්ගය 2 (HSV-2) යන වෛරස් දෙකක් නිසා ඇතිවෙනවා.
හර්පීස් සිම්ප්ලෙක්ස් වෛරස් වර්ගය 1 (HSV-1) බොහෝ දුරට ලිංගික නොවන සම්බන්ධතා මගින් පැතිරෙන එකක් උනාට එය මුඛ සංසර්ගය සමඟ පැතිර යන්න පුලුවන්. HSV-1 සාමාන්‍යයෙන් තොල්වල තුවාල ඇති කරනවා.
හර්පීස් සිම්ප්ලෙක්ස් වෛරස් වර්ගය 2 (HSV-2) ආසාදනයෙන් තරලය සහකරුවෙකු ස්පර්ශ කරන විට, බොහෝ විට ලිංගිකව එක්වන විට පැතිරෙනවා. HSV-2 හි ලිංගික බිබිලි පේන්නෙ නෑ.
බිබිලි කැඩෙනවා, වේදනාව ඇති වෙනවා වගේම සුව වීමට සති කිහිපයක් ගන්නවා. HSV සඳහා දන්නා ප්‍රතිකාරයක් නෑ නමුත් රෝග ලක්ෂණ ප්‍රතිවෛරස් ඖෂධ සමඟ ප්‍රතිකාර කරනවා.
Aids
ඒඩ්ස් රෝගය ඇතිවන්නේ මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසය (HIV) ආසාදනය වීමෙන. එය සුව කළ නොහැකි අතර මාරාන්තිකයි. එය ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට පහර දෙනවා.
රුධිරය, ශුක්‍ර තරලය (cum), පූර්ව ශුක්‍ර තරලය (pre-cum), ගුද මාර්ග තරල, යෝනි තරල සහ මව්කිරි පමණක් වෛරසය රැගෙන යනවා. ආසාදිත ඉඳිකටු හෝ වෙනත් තියුණු මෙවලම් මගින් ද ඒඩ්ස් පැතිරෙනවා. ආසාදිත මවකට ගර්භණී සමයේදී, දරු ප්‍රසූතියේදී හෝ මව්කිරි දීමේදී තම දරුවාට වෛරසය ලබා දෙන්න පුලුවන්.
සමහර වෙලාවට කිසි රෝග ලක්ෂණයක් නෑ තවත් සමහරුන්ට දිගු කලක් තිස්සේ දරුණු උණක් හැදෙනවා. වෛරසය වසර ගණනාවක් තිස්සේ නොදැනුවත්වම පවතින්න පුලුවන්.
ආසාදිත පුද්ගලයෙකුගේ ජීවිතය සහ සෞඛ්‍යය වැඩි දියුණු කිරීම සඳහා ප්‍රතිවෛරස්, HIV ඖෂධ තියෙනවා.
බොහෝ බැක්ටීරියා සහ වෛරස් ලිංගාශ්‍රිත රෝග වල මුල් අවධීන් වල ලක්ෂණ
ලිංගිකව එක්වීමේදී වේදනාව –මෙම රෝග ලක්ෂණය බොහෝ විට නොසලකා හරිනවා. නමුත් උදරයේ හෝ ශ්‍රෝණි වේදනාව PID රෝගයේ ලකුණක් වෙන්න පුලුවන්. PID බොහෝ විට ඇති වන්නේ ක්ලැමීඩියා හෝ ගොනෝරියා නිසා.
අසාමාන්‍ය ලේ ගැලීම– අසාමාන්‍ය ලේ ගැලීම කියන්නෙ PID හෝ ලිංගාශ්‍රිත රෝග නිසා ඇති වන වෙනත් ප්‍රජනන ගැටළු ලක්ෂණයක්.
කුෂ්ඨ හෝ තුවාල -මුඛය හෝ යෝනි මාර්ගය වටා ඇති තුවාල හෝ කුඩා කුරුලෑ හර්පීස්, HPV හෝ සිෆිලිස්
Prevent කරගන්නෙ කොහොමද?
නිතිපතා පරීක්ෂණ සිදු කරගන්න
සාමාන්‍යයෙන්, කාන්තාවන් සෑම වසර 3 සිට 5 අතර කාලයේ වතාවක් හරි පැප් පරීක්ෂණයක් කරගන්න ඕන. වෙනත් ලිංගාශ්‍රිත රෝග වලට ඔයාව test කරන්න ඕනද කියන එක සහ HPV එන්නත ගන්න ඕනද කියන එකත් අහලා බලන්න.
ඔය ලිංගිකව ක්‍රියාශීලී නම් ලිංගාශ්‍රිත රෝග පරීක්ෂණ පිළිබඳව ඔයාගේ වෛද්‍යවරයා සමඟ කතා කරන්න ඕන.
Protection භාවිතා කරන්න
යෝනි, ගුද හෝ මුඛ සංසර්ගය වේවා කොන්ඩම් හෝ වෙනත් protection එකක ඔබ සහ ඔබේ සහකරු යන දෙදෙනාම ආරක්ෂා කිරීමට උපකාරී වෙනවා.
ශුක්‍රාණු නාශක, උපත් පාලන පෙති සහ වෙනත් ආකාරයේ උපත් පාලන ක්‍රම ගැබ් ගැනීමෙන් ආරක්ෂා විය හැකි නමුත් ඒවා ලිංගාශ්‍රිත රෝග වලින් ආරක්ෂා නොවේ.
Communicate කරන්න
ලිංගික ඉතිහාසය පිළිබඳව ඔබේ වෛද්‍යවරයා සහ ඔබේ සහකරු යන දෙදෙනා සමඟම අවංකව communicate කරන්න අමතක කරන්න එපා.