ෆැමිලි ඩොක්ටර් තෝරා ගන්න කලින් කියවන්න

අපි හැම කෙනෙක්ම ඕනෑම මොහොතක  රෝගී වෙන්න පුලුවන්.  ඒ වගේ වෙලාවකට අත්‍යවශ්‍ය චරිතයක් පවුලේ වෛද්‍යවරයා. ඔහුව තෝරා ගන්න කලින් මේ ගැන අනිවාර්යයෙන් හිතන්න ඕනෑ.

1.ලියාපදිංචි වෛද්‍යවරයෙක් ද?

පවුලේ වෛද්‍යවරයා කියන්නේ  ඉතාම වගකීමකින් තෝරා ගන්න ඕනෑ  චරිතයක්.ඒ නිසා ඔහුගේ සුදුසුකම් අනුව වෛද්‍යවරයෙක් විදිහට මහජන සේවය වෙනුවෙන් වූ ලියාපදිංචිය ලබා තිබෙනවාද සොයා බැලීම ඉතාම වැදගත්.

2. කාරුණික ද?

සමහර වෛද්‍යවරුන් සමඟ  දෙයක් කතා බහත් අපහසුයි..ඒ තරමටම ඔවුන් රෝගියාට සමීප වෙන්නේ නැහැ. කාරුණික වීම ඉතාම අවශ්‍ය දෙයක්.  ඒ වගේම වෛද්‍යවරයා ඉතා හොඳ සවන් දෙන්නෙක් වීම අවශ්‍යම කරුණක්. එසේම වෛද්‍යවරයා  කලබලකාරී චරිතයක් නොවිය යුතුයි.

3. රෝගය සහ සුවපත් වීම සම්බන්ධයෙන්  දැනුවත්  කරනවාද…?

බොහෝ විට රෝගීන් තමාගේ රෝගය ගැන නොදැනුවත්කම නිසා  එය තවත් වර්ධනය කර ගන්න ඉඩ තිබෙනවා. පිළිවෙත් සහ ආහාර පාන ගැන වෛද්‍යවරයා ඔබව දැනුවත් කිරීමත් හරිම වැදගත්.

4.වෙනත්  විශේෂඥ වෛද්‍යවරුන්ට යොමු කිරීම.

අවශ්‍ය අවස්ථාවලදී තව දුරටත් ප්‍රතිකාර කරමින් නොසිට ඔබව විශේෂඥ වෛද්‍යවරයෙක් වෙත යොමු කිරීමත් හරිම වැදගත්.

5. හදිසි අවස්ථා වලදී සම්බන්ධ කර ගැනීම.

උපදෙස් ලබා ගැනීමට හා හදිසි අවස්ථාවක සම්බන්ධ වීමට වෛද්‍යවරයාගේ දුරකථන අංකය ඔබ සතු වීමත් ඉතාම වැදගත්.
-නිබන්ධිකා-

Related Articles

Don't Miss


Latest Articles