අලුත් අවුරුද්ද පිළිගන්න “ඉඹුල් කිරිබත්”

අලුත් අවුරුදු ලබන්නේ හෙට. 2020 අවුරුද්ද පිළිගන්න ගෙදර අයට අපේ කෑමක් හදලා දෙන්න ආස ඔබට තමයි මේ රෙසිපිය.

හැමෝම කන්න කැමති, පොඩිත්තන් ගොඩක් ප්‍රිය කරන ඉඹුල් කිරිබත් ඔබට හෙට ඔෆිස් අරගෙන යන්න වුණත් ගැළපෙන අපූරු කෑමක්..

 

අවශ්‍ය දේ:

  • පැණි පොල්
  • ගාගත් පොල් කප් 2
  • සීනි 100g
  • කරඳමුංගු ඇට කිහිපයක්
  • වතුර 100ml

 

සීනි තේ හැඳි 4ක් විතර උණු වෙන්න තබා රන්වන් පාට වීගෙන එන විට, වතුර එක් කර මිශ්‍රකරගෙන ඉතිරි වතුර ටික එක් කර පැණි පදමට සාදාගන්න. එයටම පොල් ටික, ලුණු චුට්ටක් සහ කරඳමුංගු එක් කර පොල් ටික මැලවෙන තුරු ලිපේ තියාගන්න.

කලින් කිව්ව විදියට කිරි බත් ටික උයාගෙන චුට්ටක් නිවෙන්න අරින්න.

ලන්ච් ශීට් එකක් ගෙන එයට කිරිබත් පොල් කටු හැන්දකින් හැන්දක් දමා තුනී කර සාදාගත් පැණිපොල් ටිකක් මැදට තබා ලන්ච් ශීට් එකේ දෙපැත්තෙන් ඔතාගන්න.

එහෙමත් නැත්නම් කප් එකක් ගෙන එහි යටට කිරි බත් ටිකක් දමා තද කරන්න. එයට උඩින් පැණිපොල් දමා තද කර නැවත කිරිබත් ටිකක් දමාගන්න. පෙර පරිදිම හොඳින් තද කර අනිත් පැත්ත හරවා ගන්න.

Related Articles

Don't Miss


Latest Articles