අලිගැටපේර, නැතිනම් අලිපේර ඉතා පෝෂ්‍යදායී පලතුරක් බව ඔබ කවුරුත් දන්නා කරුණක්. නමුත් ඔබ ඒ හිතනවාටත් වඩා අලිගැටපේර ඇට පෝෂ්‍යදායකයි.නමුත් අලිගැටපේර තේ කියන්නෙ තරමක් ආගන්තුක දෙයක් .එහෙම නේද ?
අලි ගැට පේරවලින් ලැබෙන දේවල් ගැන ඔබ දන්නවාද?
- අධ්‍යයනයන්ට අනුව අලිගැටපේර මදවලට හා පොතු වලටත් වඩා එහි ඇටය පෝෂ්‍ය පදාර්ථ වලින් පොහොසත් බව අනාවරණය කර ගෙන
- තිබෙනවා.
- අපේ ශරීරයට අවශ්‍ය දෛනික ෆයිබර් ප්‍රමාණය, එක් අලිගැටපේර ඇටයක අඩංගු වනවා.
- තවද අප සාමාන්‍යයෙන් ආහාරයට ගන්නා අලිපේර මද හා වෙනත් එළවලුවක හෝ පලතුරක තිබෙනවාට වඩා ප්‍රතිඔක්සිකාරක අලිපේර ඇටයක අඩංගුයි.
- අලිගැටපේර ඇටයේ බෙහෙවින් ෆයිබර් අඩංගු බැවින් මලබද්ධය,අතීසාරය වැනි රෝගාබාධ වලින් ආරක්ෂා විය හැකියි.
- අලිගැටපේර ඇටයේ ඇති Phenolic ප්‍රතිඔක්සිකාරක සංයෝගය ඔබේ උදරයේ ඇතිවන වේදනාවන් සමනය කිරීමට උපකාරීවන ප්‍රතිවෛරස හා බැක්ටීරියා නාශක ගුණ වලින් සපිරියි.
- ඔබේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත්ව පවත්වාගෙන යාමට අලිපේර ඇට වලට හැකියාව තිබෙනවා.
- අලිගැටපේර නිසා සමේ රැලි වැටීම අඩු කරනවා.
මෙන්න මෙහෙමයි අලිගැටපේර ඇටවලින් පානයක් හදා ගන්නේ.මෙය අලිගැටපේර තේ කියලා හඳුන්වන්න පුලුවන්.
හදා ගන්නේ මෙහෙමයි.
- ඔබට අවශ්‍ය වන්නේ අලිගැටපේර ඇට යි.
- විනාඩි 30ක් පමණ අලිපේර ඇට තම්බා ගන්න. හකුරු කෑල්ලක් සමඟ කදිමයි.