පිනි සේල – 12

අයියා ගෙදර ආවා විතරයි.ෆැමිලි ෆ්‍රෙන්ඩ්ස්ල කියන සමහර ගෑනු දූලා ඉස්සර කරගෙන එනවා..”

හවස් යාමයේ ඊෂා මගේ කාමරයට එබුණේ නෝක්කාඩු මුහුණක් මවාගෙන ය. පැවැරුමක ගිලී හුන් මම ලැප්ටොප් තිරය නිවා දැම්මේ ඇයට සවන් දෙන්නට සිතමිනි.

“විසිටර්ස්ලා ඇවිත්ද ඊෂා??”

ඊෂාට දිගු පිළිතුරක් ඇති හැඩ ය. ඇය මගේ ඇඳ මතින් හිඳ ගත්තේ එනිසා ය.

“ඔය ඇවිත් ඉන්න ආන්ටි එන්නේ ඒ ගර්ල් අපේ අයියට ප්‍රපෝස් කරන්න. කමක් නෑ කියමුකෝ ඒක නම්. අයියා කැමති නම් බැඳ ගනීනේ.. ඒත් අනේ ආව වෙලේ ඉඳන් මිනිස්සුන්ට කතන්දර කියනවා. ජුවලරීස් තියෙන්නෙත් එයාට.. හොඳ වාහන තියෙන්නෙත් එයාට.. ටුවර්ස් යන්නෙත් එයා. බිස්නස් කරන්නෙත් එයා.. ඒවත් හා කියමුකෝ. සතුටු ඇතිනේ පම්පෝරි කියෙව්වම.. ඒත් එයාගේ අරමුණු හින්දා අපි දන්න කියන හැම ෆැමිලි එකකම ගර්ල්ස්ලා මාර වල් වෙනවද.. විකාර..”

එහෙව් ගැහැනුන් හිඳින්නේ වැඩිහිටි පරම්පරාවේ පමණක් නොවේ. අපේ සමහර මිතුරියන් ද එහෙම ය. එක්ව අධ්‍යාපනය ලබන මිතුරියන් ගැන පවා ගෘප් චැට් ඇතුළේ කියැවෙන කතාන්දර බොහෝ අපුල ය. අන් අයගේ දාහක් අඩුපාඩු හොයන ඒ බහුතරය තම හොඳම මිතුරියන්ටවත් අවංක නොවීම ගැන සිහි වද්දී මට ඇති වන්නේ සිනාවකි. එවන් ගැහැනුන් ජීවිතය ගෙවන්නේ අසතුටින් සහ අතෘප්තිකර ව බව දිනක් මගේ දිගු දුක්ගැනවිල්ලක් අසා සිටි තාත්තා කී හැටි මට අමතකව නොයයි. එය සදාකාලික සත්‍යයක් වන්නේ හමු වන බොහෝ චරිත එසේ අසතුටින් දිවි ගෙවන්නියන් නිසා ය.

“දැන් ඔය ඇවිත් ඉන්නේ අපිට ඩිනර් එකකට ඉන්වයිට් කරන්නලු…කෝලං. මං නම් හෙට උදේම පීරියඩ්ස් කියලා බඩ අල්ලන් නිදා ගන්නවා.”

ඊෂා කියන්නේ අපුල හඬකිනි.

“හෙට මාත් ගෙදර යන්නෝනේ ඊෂා..උදේ ට්‍රේන් එකට යන්න හිතුවේ..”

ඊෂා මවෙත විමසුම් බැල්මක් හෙලුවා ය.

“මෝඩ මලිඳුත් එනවද?”

සැබෑවට ම ඔහු එන බවක් මා දන්නේ නැත. නිවාඩු ඇත්දැයි හෝ ගමේ යන්නට එනවාදැයි අසා ඔහුගේ නොසැලකිලිමත්කමට බඳුන් වීමේ බියක් හද පෙළයි.

“එයාට වීකෙන්ඩ්ස් ලෙක්චර්ස්නේ..”

ඊෂා ම නැවත පැවසුවා ය. මා මලිඳු සමඟ කතා කරනවාටවත් ඇගේ කැමැත්තක් නැත.නමුත් ඔහු බලන එක බැල්මක් පවා මට දින ගණනක් ජීවත් වෙන්නට ඔසුවකි. ඊෂාට එය වටහා ගැනීමේ අවශ්‍යතාවයක් ඇත්තේ ම නැත.

“ඔලුව රිදෙනවා හලෝ.. බේතක් දෙනවකෝ..”

ඊෂාගේ අයියා, අමෝද කාමරයට එබුණේ අනවසරයෙනි. කාමරය හැඩි වීදැයි නෙත් කොනින් බැලීමේ උවමනාවකින් මා පෙළෙමිනි තිබිණ.

“පිනී..උඹ ගාව තිබ්බා නේද ඔයිල් එකක්..”

ඊෂා යහනින් නැගිට එය සොයා ගත්තේ ත් මා පාඩම් මේසයෙන් නැගිට ඔහුට වහා පුටුව පිරි නැමුවේත් එකම වෙලාවක ය.නංගී අයියාට තෙල් සාත්තුව කරන තුරුම ඇඳ මතින් හිඳ ගන්නට ලැජ්ජාශීලි වූ මම හිටිවනම සිටියෙමි.

“අර රිතූ ඔයාව හෙව්වා අන්න..”

දෑස් පියා ගත් අමෝද අයියා ඊෂාට කියන්නේ සිනාබරව ය.

“සමයං.. මං ස්ටඩීස් කියලා අම්මි කීවේ නැද්ද?”

“ඔච්චර මහන්සි වෙන්න එපා.. අර රත්නවීරලාගේ පොඩි පුතාට ඔයා ප්‍රපෝස් කරන්න කියලත් ආන්ටි නිරූපමා කියනවා ඇහුණේ.. අම්මි හිනා වෙනවත් මං බලන්”

අයියාගේ කතාවට ඊෂාගෙන් ලැබෙන පිළිතුර අනුමාන කළ මට සිනා උපදී. ඊෂා මා සිතූ තරමට කෝපාවිෂ්ඨ වූයේ නැත. එහෙත් ඈ අපහාසාත්මක ව මදෙස බැලුවා ය.

“අර මලීෂාගේ සුදු තාත්තිව දන්නවා නේද.. ඉඳහිට කොලේජ් එකට එන්නේ.. අන්න ඌ ගැන කියන්නෙ ඔය.. තාත්තගෙ සල්ලි නාස්ති කරන මෝඩ බේබද්දෙක් කසාද බඳිනවට වඩා උඹලගේ වේලු මාමගේ පුතාව බඳිනවනෙ. එළවළු වවලා ජීවත් වෙන නියම කොල්ලෙක්..”

මලීෂාගේ පෙම්වතා වූ සංකර තරුණයා සිහි වී මම අමෝද අයියා දෙස බැලීමි. ඊෂා පෙන්වන ඡායාරූප ද, මලිඳු මැවූ චිත්‍රය ද නිසා මා ඔහුව ද බලාපොරොත්තු වූයේ එවැනි පෙනුමක් සහ හැසිරීමකිනි. නමුත් ඔහු ඉතා සාමාන්‍ය තරුණයෙකි. තිවංකි ගොසිප් පිටුවල පතුරු හැරි තරමට ඔහු සල්ලාලයෙකු නොවේ. මේ මෑතක දී පවා තිවංකි රූපවාහිනි වැඩසටහනක දී අනවශ්‍ය සැකය නිසා තමන් හැර ගිය පළමු ප්‍රේමය ගැන බොහෝ කතාන්දර කී හැටි මට අමතක ව නොයේ.

“නංගිලාගේ ෆාම් එකේ එළවළු දෙන්නේ මොන කම්පැනීස් වලට ද?”

අමෝද අයියා මගෙන් ඇසුවේ හදිසියේ මෙනි. ගොවිපොළ කියන්නේ මගේ ප්‍රියතම මාතෘකාව ය. පිනි සේල වැටෙන ඒ කොළපැහැ කඳුකරය ගැන ඇති තරම් වෙලාවක් මට කියවන්නට දේ ඇත. මා බොහෝ දෑ ඔහුට කීවෙමි.තාත්තා මැවූ ගොවිපොළ ගැන කියන්නට දෑ අපමණ ය. තාත්තා කෙනෙකුගේ ධෛර්යය සහ ශක්තිය ගැන කියන්නට තරම් වෙන කිසිවක් ගැන කියන්නට දුවෙකුට මෙතරම් වචන මතු වන්නේ නැත. කුඩා එළවළු වෙළෙන්දෙකු ලෙස තාත්තා පැමිණි ගමන ගැන කියද්දී මගේ හඬ දෙතුන් තැනෙක බිඳෙන හැටි පවා මට දැනිණි.නමුත් මම ඔහු ඇසූ දේ ඉතා දීර්ඝ ලෙස විස්තර කළෙමි.

ඊෂාගේ තෙල් සාත්තුව විඳිමින් ඔහු සියල්ල අසා සිටියා ය.

“චූටි බබා.. මං වොෂ් එකක් දාගෙන මාලක මීට් වෙන්න යන්න ඕනෑ..”

අනතුරුව ඔහු නැගී සිටියේ එසේ කියමිනි.

“ආ.. කන සාක්කුවේ දාගෙන එන්න බැරියැ.. “

ඊෂා සමච්චලය පටන් ගත්තා ය. අයියා ඇගේ කනකින් ඇද මවෙත සිනාවක් පා කළේ ය.

“බොන්න නෙවේ බං. මට පොඩි බිස්නස් ප්ලෑන්ස් වගයක් තියනවා. තාත්තිගේ වැඩ වලට ම ජොයින් නොවී මොනවා හරි පටන් ගන්න අයිඩියා එකකින් මං ආවේ..”

ඔහු ගියේ එහෙම කියමිනි. ඊෂා අප්‍රමාණ සැනසීමක් සහිත දෑසින් ඔහු දෙස බලා සිටියා ය. ඉතා කටුක අතීත මතක ඇති ඔහු යළි නැගිට ගන්නට සිතීම ම ඇයට සතුටක් බව මට වැටහිණි.ඒ සතුට මට ද බෝවෙමින් නොතිබුණා ම නොවේ. එහෙත් එයට නිශ්චිත හේතුවක් සොයන්නට මට අවශ්‍ය වූයේ නැත.

“ඔය කියන මාලකයියා ඕගනික් ෆුඩ්ස් එක්ස්පෝට් කරන කෙනෙක්.. මොකක් හරි බිස්නස් අයිඩියා එකක් ඇති.. තාත්තිගෙ කම්පැනි එක ඕනෑවටත් වැඩී තමා.. ඒත් අයියා මොනා හරි පටන් ගන්නවා නම් එයාට උදව් කරමු හොඳේ..”

ඈ කියන්නේ සිතිවිල්ලේ ය. විදෙස් රටක ව්‍යාපාර කළමනාකරණය උගත් තරුණයෙකුට මගෙන් අවැසි උදව්වක් තිබේදැයි සිතමින් මම ද කල්පනාවට වැටුණෙමි.

Related Articles

Don't Miss



Latest Articles

(අ) හිමි සිහින -148

අපිට දරා ගන්නට සිදුවන අතිශය කටුක කාලවලදී අප අසල හිඳින්නේ අප කිසිසේත්ම බලාපොරොත්තු නොවූ අය වන්නට පුළුවන්.ඔබ සමඟ බෙදා ගන්නට මගේ අතිශය...

ඔබ දකින සිහිනවලින් හෙළිවන අරුම පුදුම අනාවැකි

ඔබේ පරණ පෙම්වතා හෝ කාර්‍යාලයේ ප්‍රධානියා සමග ලිංගිකව හැසිරෙනු සිහිනෙන් දුටුවා ද ? ලිපිය අවසන් වන තෙක් කියවා සිහිනයේ පලාපල දැනගන්න.

ආකර්ෂණීය පියයුරු සඳහා ඔබට ගැළපෙන Bra එක නිවැරදිව තෝරා ගන්නා ක්‍රමය.

70% ක් පමණ කාන්තාවන් තමන්ගේ ප්‍රමාණයට වඩා කුඩා බ්‍රා අඳින බවත්, 10%ක පිරිසක් ප්‍රමාණයට වඩා විශාල බ්‍රා අඳින බවටත් සොයාගෙන තිබෙනවා....

සීත මාරුතේ -38

අපට අප වටා පවත්නා ලෝකය නතර වී ඇතිවා සේ දැනෙනා නිමේෂයන් උදා වන්නේ ය. ඒ මොහොත තුළ පවත්නේ අප පමණකි. වෙනත් සජීවී...

ඔබේ වේදනාව තරමටම තව කෙනෙකුගේ වේදනාව ගැනත් සංවේදී වෙන්න.

"මොකද නයනි බාම් සුවඳ? සනීප නැද්ද?" මම එහෙම අහගෙන මගේ පුටුවෙන් වාඩි වෙනකොට නයනි මං දිහා බැලුවේ හිනාවක් ආයාසයෙන්...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content