කාන්තා ලෙඩ රෝග අතර ෆයිබ්‍රොයිඩ් කියන නම නිතරම ඇසෙනවා.මොනවද මේ ගර්භාෂයේ ගෙඩි හෙවත් ෆයිබ්‍රොයිඩ් කියන්නෙ.ඒ ගැන පොඩ්ඩක් හොයලා බලමු.
ෆයිබ්‍රොයිඩ් එහෙමත් නැත්නම් ගර්භාශයේ ගෙඩි කියන්නේ මොනවද ?
- ෆයිබ්‍රොයිඩ් කියන්නේ කාන්තාවන්ගේ ගර්භාෂයේ හට ගන්නා ගෙඩි වර්ගයක්.මෙය පිළිකා තත්ත්වයක් නෙවෙයි .මේවා සමහර විට හානිකර නැහැ.නමුත් ඇතැම් විට ඉතාමත් සංකීර්ණ වන අවස්ථා තිබෙනවා.ඒ වගේම මෙම ගෙඩි පිළිකාවක් වීමේ අවදානම අවදානම ඉතාමත් අවම මට්ටමකයි තියෙන්නේ .
- ෆයිබ්‍රොයිඩ් ගර්භාශයේ පිටත බිත්තිය ,ඇතුළත බිත්තිය,ගර්භාෂය ඇතුළත ඇති ආවරණය,ගැබ් ගෙලෙහි වැනි ස්ථාන වල ඇති වෙන්නට පුළුවන් .
- බොහෝ විට එකවර ගෙඩි කිහිපයක් හට ගැනීමේ අවස්ථාව තිබෙනවා.
- ඒවා පිහිටි තැන,ප්‍රමාණය සහ විශාලත්වය මත රෝග ලක්ෂණ විවිධ වෙනවා.
- බොහෝ දෙනෙක්ට පිහිටන්නේ සෙන්ටිමීටර් එකටත් වඩා කුඩා කිසිදු හානියක් නැති ෆයිබ්‍රොයිඩ් වර්ග වන අතර විශාලත්වයෙන් සෙන්ටිමීටර 5 ට වඩා වැඩි නම් ප්‍රතිකාර සඳහා යොමු වෙන්නට අවශ්‍යයි .
- සාමාන්‍යයෙන් ගර්භාෂයේ පිටත බිත්තියේ ඇතිවන ෆයිබ්‍රොයිඩ් ඉතා විශාල වන තෙක් කිසිඳු රෝග ලක්ෂණයක් පෙන්නුම් කරන්නේ නැහැ.
- ගර්භාෂ කුහරය ඇතුළට ෆයිබ්‍රොයිඩ් නෙරා ඇති අවස්ථාවල අධිකව රුධිර වහනය සිදු වෙනවා.
- එහි විශාලත්වය මත ඔසප් වීමේදී අධික වේදනාවක් හෝ අධික රුධිර වහනයක් සිදු විය හැකියි .මේ නිසා අසාමාන්‍ය වේදනාවක් ඔහු අසාමාන්‍ය රුධිර වහනයක් සහිත නම් ඉතා ඉක්මනින් වෛද්‍ය පරීක්ෂාවකට ලක් විය යුතුමයි.
ෆයිබ්‍රොයිඩ් හැදෙන්නේ ඇයි ?
තවමත් මෙයට නිශ්චිත හේතුවක් කියන්නට බැහැ. එය කාන්තාවන්ගේ ඊස්ට්‍රජන් හෝමෝනයේ ක්‍රියාකාරිත්වය මත වර්ධනය වෙනවා.නමුත් අවුරුදු 50 න් පමණ පසු ආර්ථවහරණය සිදු වීම නිසා ඊස්ට්‍රජන් හෝමෝනයේ ක්‍රියාකාරිත්වය අඩාල වනවා. ඉන්පසු fibroids ඇතිවීමේ අවදානමක් නැහැ .
ෆයිබ්‍රොයිඩ් ඇති වී ඇති වු අවදානම් සහිත අය කවුද ?
1.ගර්භණී කාන්තාවන් ගේ ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් මට්ටම ඉහළ නිසා ෆයිබ්‍රොයිඩ් අවදානම වැඩි වෙනවා.
2.පවුලේ කිසියම් කාන්තාවකට මෙම තත්ත්වය තිබේ නම් එම පවුලේ අනික් කාන්තාවන්ටත් අවදානමක් තිබෙනවා.
3.අධික ලෙස තරබාරු කාන්තාවන් ට
4.දරුවන් නැති කාන්තාවන් ට හෝ දරුවන් අඩු කාන්තාවන් ට.
5.ඒ වගේම වයස අවුරුදු 15 ත් 50 ත් අතර ඕනෑම වයසක පසුවන කාන්තාවකට ෆයිබ්‍රොයිඩ් වැලඳෙන්න පුළුවන්.
දරු පිළිසිඳ ගැනීම් සඳහා ගර්භාෂයේ ගෙඩි හෙවත් ෆයිබ්‍රොයිඩ් බාධාවක් ද ?
ෆයිබ්‍රොයිඩ් නිසා ගබ්සා වීම් සිදු වෙන්නට පුළුවන් .ඒ නිසා දිගින් දිගටම ගබ්සා වීම් සිදුවන විට ස්කෑන් පරීක්ෂණයකින් එයට හේතුව ෆයිබ්‍රොයිඩ් දැයි පරික්ෂා කළ යුතුයි .
ෆයිබ්‍රොයිඩ් සමඟ පිළිසිඳ ගැනීමකදී ඒ සදහා ප්‍රතිකාර කළ හැකි වන්නේ ප්‍රසූතිය ට පසුවයි .
රෝග ලක්ෂණ මොනවා ද?
කාන්තාවන්ගෙන් 50%කට රෝග ලක්ෂණ පෙන්වන්නේ නැහැ .ඉතිරි 50% යම් යම් රෝග ලක්ෂණ පෙන්වනවා
1.ආර්තව සමයේදී රුධිර වහනය අධික වීම.
2.රුධිර කැටි ලෙස පිට වීම.
3.යටි බඩේ ඇති වන වේදනාව
4.කොන්දේ වේදනාව
5.වැඩි වාර ගණනක් මුත්‍රා පිට වීම.
6.ෆයිබ්‍රොයිඩ් වැළඳී ඇති බව දැන ගෙන නොසලකා සිටිය හොත් උදරය ඉදිරියට නෙරා ඒම,වළලූකර පහළ කොටස ඉදිමීම,නහර ගැට ගැසීම,මළපහ කිරීමේ අපහසුතා ආදිය ඇති වෙන්නට පුළුවන්.
ප්‍රතිකාර
රෝග ලක්ෂණ නොපෙන්වන ෆයිබ්‍රොයිඩ් සදහා ප්‍රතිකාර අවශ්‍ය වන්නේ නැහැ.
වෛද්‍ය උපදෙස් අනුව ස්කෑන් පරීක්ෂණයකින් හඳුනා ගන්නට පුළුවන් .
මේ සඳහා ප්‍රතිකාර වලට සුදුසු වන්නේ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයෙක්.
මුල් කාලයේදී රෝගය හඳුනාගතහොත් පෙති හෝ එන්නත් මගින් සුවකිරීමට හැකි යි.
කල් ගත වූ විට ශල්‍යකර්මයක් කළ යුතුයි.
ඒ සඳහා විවිධ සැත්කම් වර්ග කිහිපයක් තිබෙනවා .රෝගයේ ස්වභාවය අනුව වෛද්‍යවරයා විසින් ඒ තීරණය කරනු ඇති .
සැත්කමෙන් පසු
සැත්කමින් පසු තුවාලයට බෙහෙත් ගැල්වීම ඉතා ප්‍රවේශමෙන් සහ පිරිසිදුව කළ යුතුයි .
කැපුම් ප්‍රදේශය වියළිව පවත්වා ගත යුතුයි .නැතිනම් තුවාල පැසවිය හැකියි.
මාස කිහිපයක් ගත වන තෙක් බර ඉසිලීම සුදුසු වන්නේ නැහැ.පඩි නැගීමේදී පරිස්සම් විය යුතුයි .
වෛද්‍යවරයා නියම කරන ආකාරය ට බෙහෙත් නිසි පරිදි ලබා ගත යුතුයි.