පුංචි බූමර්ගෙන් සහ ජෝර්ජ්ගෙන් ඔබේ සිඟත්තාගේ කන් රැකගන්න අපූරු ආදර්ශයක්

පිහිනුම් ශූර මයිකල් පෙල්ප්ස්ගේ පුංචි පුතා ඔලිම්පික් උලළට සහභාගීවුණු අයුරු ඔබ දකින්න ඇති. සිය පියා සහභාගීවුණු සෑම තරගයකටම වාගේ බූමර් සහභාගීවුණු අතර ඔහුට නිතරම පළඳවා තිබූ headphones බොහෝ දෙනාගේ අවධානය ලක්වුණා. එංගලන්ත රජ පවුලේ පුංචි දඟකාරයාවන ජොර්ජ් කුමාරයාද ගුවන්යානා සංදර්ශනයක් නැරඹීමට ගියවිටකදී මෙම ආකාරයේ headphones පැළඳ සිටිනු දක්නට ලැබුණා.

ඇත්තටම මෙය පොඩිත්තන්ගේ ශ්‍රවණ ඉන්ද්‍රියයන් අධික ශබ්දවලින් රැකගන්න උපකාරීවන ශ්‍රවණ උපකරණයක් Noise Canceling Baby Ear mufflers ලෙස හඳුන්වන මෙය නවීන තාක්ෂණයේ ජයග්‍රහණයක්. ලොකු අයගෙ කෑම පොඩිත්තන්ට දරාගන්න බෑ වගේම ලොකු ශබ්දත් දරන්න පොඩ්ඩන්ට බැහැ. ඒනිසා මෙම උපකරණය පොඩිත්න්ගේ කනට දැඩි ශබ්ද පැමිණීම වලක්වනවා. ඒ වගේම වැඩිහිටියෙකුගේ headphones මෙන් නොව සිඟිත්තාගේ සවනට ගැලපෙන පරාසයකට ශබ්ද ඇසෙන්නට මෙම උපකරණය උදව් වනවා.

පොඩ්ඩව උත්සවයකට හෝ වැඩි ඝෝෂාකාරී ශබ්ද ඇහෙන තැනකට ගෙනියද්දි මතක ඇතිව noise cancelling headphones රැගෙන යන්න. එවිට සද්දවලින් පොඩ්ඩ බේරගන්න පුළුවන් වගේම එම ශබ්දවලට බයේ අඬන එක නවත්තගන්නත් පුළුවන්. ඒ විතරක් නෙමෙයි, සිඟිත්තා කැමති සංගීතයට සවන්දෙන්න සලස්වා පහසුවෙන් නිදිකරවගන්නත් පුළුවන්!

– කල්හාරි –

Related Articles

Don't Miss


Latest Articles