චමත්කාට කෙළවරක් නැතුව ඉකි ගැහෙනවා.ඇය හැඬිම පාලනය කරගනිමින් කිහිප වතාවක්ම මුහුණ සේදුවත් ඒ උපක්‍රමය සාර්ථක වුණේ නෑ.මේ හැඬෙන්නේ කේන්තියට ද වේදනාවටද කියලා හිතා ගන්න බැරිකමින් ඇයට නැවත නැවතත් හැඬෙනවා.චමත්කා කාර්යාලයේ කා අතරත් ජනප්‍රිය කේන්ති නොගන්නා බොහොම අහිංසක කෙනෙක් හැටියට.ඒ ප්‍රතිරූපය හැමෝම ඉස්සරහ බිඳ වැටිලා දැන් මිනිත්තු කිහිපයක්.
"ඔහොමත් බනිනවද අප්පා...
අක්කේ,මම අහන්නමයි හිටියේ."
සෙනුරි එහෙම ඇහුවේ වත්සලා දිහා දුක්බර බැල්මකින් බලන ගමන්.තමන්ගේ වෙන්න ඉන්න නෑනා අහන්න යන්නේ මොකක්ද කියලා හිතා ගන්න බැරුව වත්සලා රිය පදවන ගමන් සෙනුරි දිහා එක් බැල්මකින් බැලුවා.
"මොකක්ද නංගි"
විවාහ උත්සවය අත ළඟටම ඇවිත් නිසා සෙනුරිට ප්‍රශ්න කීයක්නම් ඇතිද කියලා වත්සලාට හිතුණා.තමන්ගෙම නංගි කෙනෙක් වගේ දැනෙන සෙනුරිට ඒ...
නර්මදා නොසන්සුන්ව දහවන වතාවටත් බාතෲම් එක ඉස්සරහින් ගමන් කළා.වැඩට ගිහින් ඇවිත් බාතෲම් එකට රිංගන කේශව එලියට එන්නෙ පැයක් දෙකක් ඒක ඇතුලෙ ඉඳලා.එච්චර වෙලාවක් මේ මනුස්සය මේකෙ මොනවද කරන්නෙ කියලා නර්මදාට ප්‍රශ්නයක්.ඒ ගැන කෙලින්ම අහපු හැමදාම කේශවගෙ පිළිතුර වුනේ අනවශ්‍ය ලෙස කෝපයෙන් බැණ වැදීම.කේශව බාතෲම් එකට රිංගන්නෙ නිකම්මත් නෙවෙයි.ෆෝන් එක,පවර්...
“අම්මා මේ,”
පාසැල් ගොස් මහන්සියෙන් මුත් සිනහසෙමින් පැමිණෙන දෝණි සුපුරුදු පරිදි කෑම පෙට්ටිය මට දිගු කරන්නේ මා ඒ ගැන ඇසීමට පෙරය.වෙනදා එම කාර්‍යය සිදු වන්නේ කිහිප වරක් මතක් කිරීමෙන් පසු මගෙන් බැනුමක් ද අසා ගනිමින් මුත් පසුගිය සතියේ සිට එය සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇත.වෙනදා ගෙන යන ආහාර වලින් හරි අඩක්...
“හායි! අසේලා”
“හායි! හායි! ශානා ….ඔයාගේ ලස්සන…..”
“ආ,ඔයා විතරයි මට ලස්සනයි කිව්වෙ.මග දිගට දකින දකින අය ඔක්කොම කිව්වෙ අඩුපාඩු.බබා ආවට පස්සෙ මම අවුට් ඔෆ් ශේප්ලු,මහතලු,කලු වෙලාලු,ඇස් ඉදිමිලාලු,හම්මේ තව මොනවද නොකීවෙ”
“ඒකද මේ උදේ පාන්දරම මූණ එල්ලන් ඉන්නෙ”
“එහෙමත් නෙවෙයි අසේලා,වෙලාවකට මට හිතෙනවා මම බබා හදන්න ඉක්මන් වුණා වැඩියි කියලා.මොකද මගෙ හස්බන්ඩ් නිකිල් පවා...
"අම්මේ,මම දැක්කනෙ දෙව්මි පිරිමි ළමයෙක් එක්ක බස් ස්ටෑන්ඩ් එකේ ඉන්නවා."
චතුරි ගෙට ගොඩ වුණේ එහෙම කියාගෙන.විශ්ව විද්‍යාලයේ ඉඳලා කාලෙකට සැරයක් ගෙදර එන චතුරි අම්මාට කතා කරන්න පටන් ගන්නේ මිදුල මැද්දෙදිමයි.ඒ එයාගේ සාමාන්‍ය විදිය.
"යාළුවෙක් වෙන්නැති පුතේ."
චතුරිගේ අම්මා එහෙම කිව්වේ ඒ කතාව ඒ තරම් ගාණකට නොගෙන.දෙව්මි තවම ඉගෙන ගන්නේ සාමාන්‍ය පෙළ පන්තියේ.මේ...
"පැතුම්,මේ මගේ යාළුවෙක්.රුවිනි.මෙයා මේ එක්සෑම් එකකට උදව් ගන්න කෙනෙක් හොයනවා"
දිල්මි පැතුම්ට එහෙම කිව්වේ මිතුරිය හඳුන්වා දෙන ගමන්.මිතුරිය මේ දවස්වල ඉන්නේ අධ්‍යාපනික වැඩ ගොඩක හිරවෙලා නිසා ඇයට හැකිතරම් උදව් කිරිම තමන්ගේ වගකීමක් කියලයි දිල්මි හිතුවේ.
"ඔයාට ඕනම දේකට මම ඉන්නවා.බය නැතිව ඒ වැඩ ටික කරගන්න"
ඇය නිතරම රුවිනිට කිව්වේ ඒ නිසා.ඉගෙන ගන්නවා...
"අම්මේ බඩගිනියි."
පුංචි නෙතුක එහෙම කියාගෙන මුළුතැන්ගෙයට එබෙනකොට චමරි පුතා දිහා බලා ගෙන හිටියේ දරා ගන්න බැරි වේදනාවකින්.උයන්න මොකුත්ම නැහැ.කිසිම දෙයක් ගේ හරියේ නෑ.ඒ කතාව පුතාට කියන්න බැරිකමට චමරි ඉවත බලා ගත්තා.
"තාත්තා කවද්ද ගෙදර එන්නේ අම්මේ?"
නෙතුකගේ ප්‍රශ්නයට චමරිට අඬන්න තරම් වේදනාවක් දැනෙනවා.නාලකට තාම හොඳටම හොඳ නෑ.ඇත්තටම හොඳ වෙන දවසක් කියන්නත්...
“හෙට දුවගෙ අකුරු කියවීම”ලයානි නිපුනට මතක් කළා.අද දවසවත් කවදද කියලා මතක නැති නිපුනට ඕව මතක නැති බව ලයානි අත්දැකීමෙන්ම දන්නවා.ඉස්සර නම් ඕවට රණ්ඩු වුන වාර අනන්තයි,අප්‍රමාණයි.පහුවෙද්දි පහුවෙද්දි ඒ නිපුන හිතලා කරන දෙයක් නෙවේ කියලා ලයානි තේරුම් ගත්තා.ඒ වෙද්දි රණ්ඩු දුර දිග ගිහින් දෙවරක්ම ලයානි ඩිවෝස් වෙන්නත් හදලා තිබ්බෙ.ඒ කලබල...
පුංචි ඔනාරා මඟ බලාගෙන හිටියේ තාත්තා එනකම්.ඊයේ රෑ හොඳටෝම නිදිමත වෙනකම්ම තාත්තා එනතුරු බලාගෙන හිටියත් තාත්තා ගෙදර ආවේ නෑ.
"මට තාත්තා ඕනෑ."
එහෙම කියලා තොල පෙරලාගෙන අඬන්න ළං වෙනකොට ඔනාරාව අම්මා තුරුළු කරගන්නේ ආදරෙන්.ඒත් අම්මාගේ මුහුණත් තියෙන්නේ අඬන්න ළං වෙලා කියලා ඔනාරාට හිතෙනවා.අම්මාගේ තුරුලට වෙලා නිදා ගත්තට ඔනාරා මුළු රෑ පුරාම...