රන්දි වැරැන්ඩා එකට ආවේ මොහොතකට කලින් වුණ සිදුවීම ගැන කලකිරීමෙන්. හිතේ තිබුණු සතුට හේදිලා යනවා වගේ ඇයට දැනුනා. තුෂාර තේ එකක් හදාගෙන රන්දි ලඟින් වාඩි වුණා
" ආ මේක බීල ඉන්න රන්දි . උන දේවල් දැන් හිතන්න එපා "
" තමන්ගෙම නංගිගේ හිත රිද්දන්න අක්කා කෙනෙකුට පුලුවන්ද එහෙම ? "
" එයා...
"පුතා කොහෙහරි යන්නද?"
කොහෙහරි යන්න ඇඳපැළඳගෙන පෝටිකෝවට ආව දේවකගෙන් නිමල් ඇහුවේ පුරුද්දට වගේ.අවුරුදු විසි හතක ඉලන්දාරියෙක්ගෙන් එහෙම අහන්න අවශ්‍ය නැහැ.ඒත් මේ තාත්තා පුතා බැඳීම නිසා අහන ප්‍රශ්න බව දේවකත් දන්නවා.
"ඔලුව හැරුණු අතේ ගිහින් දවල්ට කන්නත් කොහෙන්හරි හොයන් එනව තාත්තේ.අද අම්මා අපිව ගණන් ගන් නෑනේ.."
දේවක කියන්නේ මහා හයියෙන්.නිමල් පත්තරයෙන් ඇස් අයින්...
ජීවිතය ඉතාමත්ම අනියත තත්වයට පැමිණ තිබේ.විද්‍යාව තවමත් මිනිසුන්ගේ ජීවිත වෙනුවෙන් මාරයා සමග සටන් වදී.වෛද්‍ය වෘත්තිය ඇතුලු සෞඛ්‍ය සේවාවන් මෙතරම් වේදනාකාරි ,අවිනිශ්චිත රැකියාවක් බවට ඉතිහාසයේ කවර කලෙකවත් නොතිබෙන්නට ඇත.
“සමායා,මාව කෝවිඩ් වාට්ටුවෙ ඉන්චාජ් කරල.පුතායි ඔයාවයි රිස්ක් එකකට දාන්න මට බැහැ.ඒ නිසා මම ක්වාටස් වලම නවතින්නම්.අම්මල ඉන්න නිසා ඔයාලට බයක් නැහැනෙ.බඩු මුට්ටු,අවශ්‍ය...
උදිත ලන්ච් රූම් එකට ආවේ කෑම පාර්සල් දෙකක් අරගෙන.ගෙදරින් ගෙනාව බව පෙනෙන පාර්සලේ කසල බඳුනට දාලා එයා ඉඳගන්න හැටි වාසනා බලාගෙන හිටියා.
"අදත් ගෙදර බත් එක ඩස්ට්බින් ද?"
යුවනි අහන්නේ නැළවිල්ලේ.
"ඔව්, අදත් ඩස්ට්බින්.මම කරි හට් එකෙන් කෑම එකක් ඕඩර් කරා.."
උදිත එහෙම කියලා කෑම පාර්සලේ දිග ඇර ගත්තා.යුවනි හිනා වෙන්නේ කිංකිණි හඬින්.
"ඔයාගෙ...
නංගිත් එරන්ද මල්ලිත් පිට වෙලා ගිහින් ටික වෙලාවක්.අම්මා තාමත් සැරෙන් සැරේට අඬන නිසා අම්මා බදාගෙන හිත හදන නෑයෝ හෝටලයෙන් නික්මෙන්න තව වෙලාවක් යයි.මම චූටි දූ හෙව්වේ ඇඳුම් මාරු කරවන්න හිතාගෙන.ජීවිතේ පළමුවැනි පාරට මල් කුමාරියක් වුණු දෝණි "අම්මි කහනවා, අම්මි ලිප්ස්ටික් මැකුණා, අම්මි මට දොයිමතයි.." වගේ චෝදනා සෑහෙන්න කරමින් හිටිය...
මෙලනි උදෙන්ම ඔෆිස් එකට ඇවිත් ඇගේ අසුනෙන් වාඩිවෙලා අත්බෑගයට අත පෙව්වේ ඇගේ පුංචි මේකප් කට්ටලය හොයන්න. ඔෆිස් එකේ පරණම සේවිකාවක් වුන සන්ධ්‍යා ,මෙලනි දිහා බලාගෙනම හිටියා . මෙලනි ඔෆිස් එකට ඇවිත් මේ ගෙවෙන්නේ පළවෙනි සතිය . ඒ නිසා ඇය වැඩිය කාත් එක්කවත් කතා බහ කළේ නැහැ .
" මෙලනි ඔෆිස්...
නාමලී මහගෙදරට ගොඩවුනේ මාස තුනකට විතර පස්සේ . කඩෙන් ගත්ත කේක් පෙට්ටිය ටී පෝ එක උඩින් තිබ්බ නාමලී ආඩම්බර ලීලාවෙන් සාලෙ පුරාවටම ඇස් යැව්වා
" හොඳ සුවඳක් එනවා ,අම්මා මොනවද අද උයන්නේ ? "
" ඔයා ආස නිසා අද කහ බත් උයනවා "
" බස් වල ඇවිල්ල මට හරි මහන්සිත් එක්ක ....
"අර නිලූලගෙ බලු තඩියගෙන් පුදුම වදයක් තියෙන්නේ."
කුමුදු එහෙම කිව්වේ පත්තරේ බල බලා හිටිය අජිත්ට.අජිත් පත්තරෙන් ඇස් මෑත් කරලා කුමුදු දිහා බැලුවේ ඕනවට එපාවට.
"ඇයි?"
එහෙම අහන්නේ අහන්න ඕනවට මිසක් ඇත්තටම තමන්ගේ ප්‍රශ්නේ ගැන උවමනාවකට නෙවෙයි කියලා තේරෙනකොට කුමුදුගේ කේන්තිය දෙගුණ වෙනවා.
"එතනින් යනකොට උගෙ බිරිල්ල බලන්නකො.කනක් ඇහිල ඉන්න නෑ.."
අජිත් බිරිඳ දිහා බැලුවේ...
"අම්මව ටික දවසකට ගෙන්නා ගන්න බැරි වෙයිද දුලාජ්.."
නිකිණි දුලාජ් ගාවට ආවේ මුහුණට ලස්සන හිනාවක් අරගෙන.
"අම්මා එයිද දන් නෑ නිකී.."
දුලාජ් කිව්වේ දුක්මුසු ස්වරයෙන්.නිකිණිගේ අම්මා ජීවතුන් අතර නෑ.ඒ නිසාම කවදාහරි "නැන්දම්මා' වෙන අම්මාව අම්මා කර ගන්න හීනයක් නිකිණිට තිබුණා.
"අක්කගෙ පොඩි අය දාලා එන්න බෑනෙ නේද?"
නිකිණි අහන්නෙ හෙමින් සැරේ.ඇත්තටම ඇත්ත හේතුව දුලාජ්ගේ...
සකුනි ඉස්කෝලේ ගේට්ටුවෙන් එලියට ආවේ මැලවිලා ගිය මුහුණෙන් යුතුව. මලක් වගේ පුංචි මිනිබිරියගේ වෙනස ඈත තියාම අදුරගන්න මානෙල්ට අපහසු වුණේ නැහැ
" මොකද පොඩ්ඩි ? කලින්ම බඩගිනි වෙලාවත්ද ? "
" මට ආපහු ඉස්කෝලේ එන්න බැහැ ආච්චි අම්මෙ "
හිත රිදෙන යමක් සිද්ද වෙලා තියෙනවා කියලා මානෙල්ට තේරුණ නිසා මානෙල් පහත් වෙලා...