"මේ බ්ලවුස් එක මේ ට්‍රවුසර් එකට මැච්ද?"
ඇඳ උඩට ඇඳුම් කීපයක් දාගෙන සකුනි ඇහුවේ මලීෂාගෙන්.මලීෂා සකුනිට ඇඳුමක් තෝරලා දුන්නේ හොඳට හිතලා මතලා.
"මේකට ඇඟ වැහිලා වැඩියි අයියෝ.."
සකුනි කියන්නේ මුහුණ නරක් කරගෙන.
"ඔයාට ඉතින් ස්ලීව්ලස් ඇඳුම් ලස්සනයි තමයි.ෂේප් ඇඟක්නෙ තියෙන්නේ.ඒත් ඔෆිස් වැඩකට නිසා මම ඕක තේරුවේ.."
මලීෂා කිව්වේ අහිතක් නැතිව.ලස්සනට අඳින්න,ලස්සනට ඉන්න, විලාසිතා කරන්න...
අදත් ඊයෙ menu එකමයි නෙ."
බෙරි කරගත්ත විසල්ගේ මුහුණ මට ගෙන එන්නේ කේන්තියක් වගේම සතුටක්.
"ඉතිං ඔයාටත් පුළුවන් මොනවා හරි හදාගන්න.මේක ඔයාගෙත් ගෙදර නෙ. කිසිම තහනමක් නෑ .ඔක්කොම අතට පයට ගෑනි කරල දෙනකම් ඉන්නැතුව යූටියුබ් බලල හරි මොනවා හරි හදාගෙන කන්න."
මගේ ස්වරය විස කැවූ ඊතල මෙන් විසල් මත කිසිදු අනුකම්පාවකින් තොරව...
පාරමී රෑ මැද්දේ ඇහැරුණේ පුරුද්දට වගේ.දසුන්ගේ දුරකථනය හොයාගෙන ඇඳෙන් බැස්ස පාරමීට ඒක හොයන්න සෑහෙන්න මහන්සි වෙන්න වුණා.අන්තිමට දසුන්ගේ ෆෝන් එක හමු වුණේ සාලේ සෝෆා එක්ක අස්සේ තිබිලා.නොසැලකිල්ලෙන් එතැන දාලා ඇවිත් කියලා සාමාන්‍ය කෙනෙකුට හිතුණත් පාරමීට එහෙම හිතුණේ නෑ.
"මේක මෙතන දාන්න ඇත්තේ මොකක් හරි හොර කෝල් එකක් ආවොත් මට නෑහෙන්න.."
එහෙම...
"අම්මේ.. ඇයි?"
සඳුන් අම්මාගෙන් ඇහුවේ අම්මා ඉන්නේ ලොකු කල්පනාවක හින්දා.දේවිකා හුස්මක් ඉහළට ඇදලා සඳුන්ගේ ඔලුව අත ගෑවා.ප්‍රශ්න තිබ්බා කියලා මේ අවුරුදු දොළහක පොඩි එකා මොනවා කරන්නද? නිමල් ජීවත් වෙලා හිටියානම් මේවා මෙහෙම වෙන එකක් නෑ.ඒත් මොනවා කරන්නද?
"අම්මේ ඇයි අම්මේ.."
සඳුන් ආයෙත් ඇහුවා.එහා ගෙදර කමලා නැන්දා මහ සද්දෙට කාටද බනිනවා ඇහෙනවා.හවස පහාමාරේ...
මහේෂ් වැල්ලවත්තේ මුහුද අද්දර කාර් එක නතර කලේ පරණ මතක වල අතරමං වෙන ගමන් . මීට අවුරුදු හයකට එහා අතීතයට හිත දුවගෙන යද්දී හද දවසේ ඊළඟ මොහොතේ මොනවා වෙයිද කියලා මහේෂ්ට හිතා ගන්න බැරි වුණා . ඉස්සරහෙන් පේන මූදු වෙරළේ මොනතරම් දවස් අයෝමිගේ අත අල්ල ගෙන ඇවිදින්න ඇද්ද කියලා...
"දුව, මං කියන්නමයි හිටියේ.."
ජීවන්තගේ අම්මා මා ගාවින් ඉඳගත්තේ එහෙම කියාගෙන.මේ දවස්වල අම්මාට කියන්නම තියෙන දේවල් පුදුම තොගයක් තියනවා.එයාගේ කුළුදුල් මිනිබිරී ඉපදෙන්න තව මාස හතරකට වඩා නැහැ. ඉතින් මම නිදා ගන්න හැටි,කන දේවල්, නාන්න ඕන වෙලාව,දකින්න අහන්න ඕනෑ දේවල් තීරණය කරන්නේ ජීවන්තගේ අම්මා.ජීවන්ත නම් කියන්නෙ බබා ඉපදෙනකොට අම්මා ජීවන්තව එළියෙන්...
ඒ මීට අවුරුදු විස්සකටත් එහා දවසක්.එතකොට මම හිටියේ හත වසරේ.අපේ ඉස්කෝලේ ඉගෙන ගන්න ළමයින්ට අනාගතයක් තියෙයි කියලා කවුරුත්ම විශ්වාස කළේ නෑ.අපිට ගුරුවරු නෑ.අපිට පොත් නෑ.අපේ අම්මලා තාත්තලාට සල්ලිත් නෑ.
"කැත්තෙ උදැල්ලේ වැඩක් පුරුදු නොකර දොස්තර විබාගේ ගන්න යවපල්ලා.."
ගමේ සල්ලි තිබුණු එකම මනුස්සයා, අබේසිංහ මුදලාලි අපේ අම්මලා තාත්තලාට දවල් රෑ නැතුව...
"අද ඉඳන් අලුත් ගමනක්"
ඔයාගේ තාත්තා මෝටර් රථය පණ ගන්වන ගමන් එහෙම කිව්වා.මම ඔයා දිහාත් තාත්තා දිහාත් බැලුවේ ආදරෙන්.
තාත්තා ඉස්සරලම අම්මා මුණ ගැහෙන්න ආව දවසේ මම මේ ආසනෙන් ඉඳගත්තම එයා ඔය කතාවම කිව්වා.ඊටත් පස්සේ අපේ වෙඩින් එක දවසේ අම්මා ඒ කතාවම අහගෙන හිටියා.
ඔයා දන්නවද මගේ පුතේ,
අද ඉඳන් අලුත් ගමනක් කියලා...
" නෝනා මම මේ වත්ත සුද්ධ කරලා දෙන්න ද "
සුබා මිදුලේ ඉන්නවා දැකලා රත්නපාල ඒ තරම් උස් නොවුණු තාප්පෙ ගාවට ඇවිල්ලා ඇහුවා.
" නෑ නෑ ඕනෙ නෑ රත්නපාල. මහත්තයා කාව හරි ගෙන්නලා මේ ටික අස් කරලා දායි "
සුබා ඇයට පුරුදු උද්දච්ච කමෙන් එහෙම කිව්වා
" නෑ නෝනා මේ දවස් වල ඩෙංගු...
"අම්මේ…"
පුංචි ශ්වේතා පෙන්නපු දේ දිහා සුජානි මොහොතක් වෙලා බලාගෙන හිටියා.චූටි දූ තව දුරටත් චූටි නෑ.හිතට ආපු ඒ හැඟීම හින්දාම සුජානි දූව වැලඳගෙන ටික වෙලාවක් එකම විදියට හිටියා.
"ළමයින්ට ඕවා කල් තියාම උගන්නන්න ඕන නෑ..වෙච්ච වෙලාවට කිව්වම ඇති.."
නැන්දම්මා එහෙම කෑගැහුවට රුධිර සලකුණක් කියන්නේ මල්වර වීම බවත්, ඒ අදහස ටිකක් බර එකක්...