Mini Stories

"දික්කසාදෙන් පස්සේ ජීවිතේ ලේසි නෑ.." මට එසේ පැවසුවේ ළඟම උදවිය ය.එය අසත්‍යයක් නොවන බව දනිමි.තාත්තා කෙනෙකුගේ ආදරය අහිමි දරු දෙදෙනෙකි; තනි ගැහැනියකි.පවුල යැයි කියන්නේ මෙතැන් පටන් අප තිදෙනා ට ය. "ගෙවල් කුලී දීලා දරුවන්ගේ ඕනෑඑපාකම් බලන්න ඔය පඩිය මදි.ඔයා ගෙදර එන්න ලොකු දුවේ.." අම්මා මගෙන් ඉල්ලුවා ය.නමුත් ඈත ගම්මානයක ජීවිතය දරුවන්ට පහසු...
"තේරුමක් නෑ…" ඒ පණිවිඩය ගිහාන්ට යවපු මම ෆෝන් එක පැත්තකට දැම්මා.ඇඳට වැටිලා අඬනවා ඇරෙන්න වෙන විසඳුමක් මට නෑ.ප්‍රමාදය කාටවත් සතුටක් නෙවෙයි.ඒත් මම හිටියේ සතුටින්. මේ වතාවේ මගේ ඔසප් වීම සතියකට පරක්කු වුණා. ඒක මොනතරම් සතුටක් ද? මම අපේ පුංචි පැටියා යවන පාසල පවා තීරණය කරන තරම් සිහින වල කිමිදෙමින් හිටියේ. ඒත් රතුපාට කියන්නේ...
"ඒ කසාදෙ කරන්න දෙන්න බෑ" අම්මා එදා කෑගහපු හැටි මට තවම මතකයි.මට හරිත මුනගැහුණේ කැම්පස් එකේදි.අපේ අදහස් හොඳින් ගැළපුණා.හරිතට කීදෙනෙක් කැමැත්තෙන් හිටිය ද? ඒත් හරිත ආදරේ කළේ මට.කැම්පස් එකේ තිබුණු ලස්සනම ආදර කතාවලින් එකක් අපිට අයිති වුණා.ජීවත් වෙන්න පහසු,මාව තේරුම් ගන්න,ප්‍රශ්නයක් කතා කරලා විසඳගන්න පුළුවන් කොල්ලෙක් හැටියට හරිත මට...
සුදේව. ඔයා මේ කුණු ටික අස් කලේ නැද්ද ? " වැඩ ඇරිලා ආව ගමන් අමාශා කුස්සියට ගියේ නෝක්කාඩු කියාගෙන " අනේ මම ඔය ටික එකපාර අස් කරන්න හිටියේ අමාශා. හවස මට කුරියර් එකට දෙන්න බඩු වගයක් පැක් කරන්න තිබ්බානෙ.ඒකයි බැරිවුනේ " " ඕක මහ වෙලාවක් යන වැඩක්ද? . මාවම කන්න බලාගෙන ඉන්නේ...
" අම්මේ.. මේ චිත්‍රේ බලන්නකො " අමානි එහෙම කියාගෙන ශ්‍රියා ගාවට ආවේ පැය ගානක් තිස්සේ පාට කරපු චිත්‍රය අරගෙන.පුංචි කාලේ ඉඳලම චිත්‍ර වලට දක්ශ උන අමානිගේ ඒ හැකියාව දියුණු කරගන්න ශ්‍රියා වගේම අමානිගේ තාත්තා උන නිමලුත් ගොඩක් උදවු කලා.රැකියාවකට යන්න අකමැති උන අමානි රැකියාව වශයෙන් කලේ චිත්‍ර ඇඳලා විකුණපු එක....
"අම්මි බඩගිනියි.." පුතා ඇවිත් කතා කරනකම් මම හිටියේ ඇඳේ.අඬලා ඉදිමුණු ඇස් පුතාට පේනවට මට දුකයි. මම ලයිට් එක නොදා මොහොතක් හිටියා. පුතා මට තුරුළු වුණා. "අම්මි ලයිට් එක දාන්නකො මට බයයි.." මම පැය ගාණක් ඇඳේ වැටිලා අඬනකොට පුතා ඉන්න ඇත්තේ මොනතරම් බයකින්ද? මුළු ගේ පුරාම අඳුර පැතිරිලා. කොහොමත් දැන් ඉතින් මගේ මුළු...
හංසි කේක් පෙට්ටියත් අරන් කාර්‍යාලය ඇතුලට ආවේ සතුටෙන් ඉපිලෙන ගමන්.හදිස්සියේම තමන් වෙනුවෙන් ඩිලිවරි සේවාවක් මාර්ගයෙන් ඇවිල්ලා තිබුන කේක් එක මොන වගේද බලන්න ඇය හිටියේ නොඉවසිල්ලෙන්. " ඔය මොනාද ? " හැමදේම හොයන අනෝජා හංසි දිහාත් ඇගේ ඇතේ තියන කේක් පෙට්ටිය දිහාත් විමසිල්ලෙන් බැලුවා " කේක් එකක් " " ආ.. අරූද එව්වේ ?" " අරූ...
"පොඩ්ඩක් එහාට වෙලා ඉන්න දූ.මල්ලිට හුස්ම ගන්න බෑනේ.." මගේ කෑගැහිල්ලට දුව ගැස්සුණා.සෑහෙන වෙලාවක් කෙඳිරි ගගා අඬපු චූටි පුතා නිදාගත්ත විතරයි.දුව ගිහිල්ලා එයාගේ අතින් අල්ලන් ඉන්නවා.සති දෙකක් වයස පුතා ඇහැරෙන්න ඒකත් ඇති.මම පුතාව කොට් එකෙන් තියලා නැගිට්ටේ අමාරුවෙන්.කොච්චර වෙහෙසක් ද? "අම්මී..මං චිත්‍රයක් ඇන්දා..මේ චූටි මල්ලි.." මං ඇඳට වැටෙනකොටම දුව ආයේ දුවගෙන ආවා.මං ඇස්...
"ඔයා දේවිකා ගෙනාපු කෑම කෑවද නංගි?" අල්ලපු ගෙදර මනෝජා අක්කා වැටෙන් එබිලා අහන්නේ ඕපාදූප මූණක් මවාගෙන.මම ආයේම සැරයක් අත ඉඹලා බැලුවා.අඹ ව්‍යාංජනයේ සුවඳ තාමත් අතේ තැවරිලා. "අනේ ඔව් අක්කේ..කාලෙකට පස්සෙ කෑවේ.අම්මත් අයියලගෙ ගෙදර ගිහින් නිසා මම බාගෙට මැරිලා හිටියේ.සහන් උයන කිසිම කෑමක් කන්නත් බැරි වුණා.." ගර්භනී මුල් මාස තුන අසීරු බව කියවලා...
"ලොකු ළමයා එළියට පහළියට බැහැලා ඉන්නවද? වස ලැජ්ජාවක්නෙ වුණේ" උදෙන්ම ආපු ලොකු නැන්දා ත්‍රීවිල් එකෙන් බැස්සෙම එහෙම කියාගෙන.මම ගේට්ටුව ඇරලා නැන්දව ඇතුළට ගත්තේ නොකර බැරිකමට. "තාම අඬනවද පොඩි දුවේ.." නැන්දා සාරි පොටින් මූණ පිහින ගමන් අහනවා.මම ඔලුව වනලා නෑ කිව්වා.අම්මා සාලෙට ආවේ ඒ වෙලාවෙමයි.නැන්දා හරි දුක්බර මුහුණක් මවාගෙන අම්මාව බදා ගත්තා. "අනේ බලන්නකො...