පිලපිටිය මැදුර පිහිටන්නේ පර්චස් හතළිහක චතුරස්රාකාර ඉඩමක පිටුපසට වන්නට ය. ඒ නිසා එහි ඉදිරිපසත් දෙපසත් සැලකිය යුතු මිදුල් කොටසක් වේ. මැලේසියානු තණ කොළ වවා මැනෙවින් නඩත්තු කරනු ලබන ඒ මිදුලේ තැන් තැන් වල සෙවන පිණිස රතු විලාඩ් අඹ ගසක් ද, කහ පාට මල් වැල් සැලෙනා ඇහැල ගහක් ද කහ...
එවකට ශාරද අට නවය වසර වල කොලුවෙකි. දවසක් ඔහු ගේ පාසල් මිතුරෙකු සිය උපන් දින සාදයක පින්තූර රැගෙන ආවේ ය. ඒ පින්තූර වල සිය පියා සිටිනු දුටු ශාරද වික්ෂිප්ත වූයේ ය.
"මේ ඔයාගෙ කවුද..."
ඔහු සිය පියා ගේ පින්තූරය මත ඇඟිල්ල තබා මිතුරා විමසුවේ සැකයෙනි.
"ඒ මගෙ බාප්ප. අපේ අම්මයි තාත්තයි ඩිවෝස්...
ඒ රැය වූ කලී කාටවත් නින්දක සුව නො දුන් එකකි. ශාරද ආකාස සමගින් රෑ වන තුරු ම මී විතක් තොල ගෑවේ ය. කොයි තරම් කතා කළත් ආකාස ට තේරුම් ගත නො හැකි වූයේ නිශාමනී වන් බිරිඳක සිටියදීත් ශාරද ගේ හිත පංචලී ළඟ නවාතැන් ගත්තේ කෙසේ ද කියා ය. ශාරද...
ඒ උදය ට හිරු පෑයුවේ ම සංවේගී ව ය. විටින් විට පොසොන් වැහි හමා ගියේ ය. වරින් වර පොළොව තෙමුණේ ය. විටින් විට අහස අඳුරු වූයේ ය. ශාරද ගියේ පංචලී ගේ නිවස දෙසට ය. ඇගේ ගෙදරට හැරෙනා ගුරු පාර ළඟ රිය නවතා ගෙන ඔහු ඇය ට දුරකතනයෙන් කතා කොට...
නිශාමනී එක එල්ලේ ශාරද ගේ මූණ දෙස බලා සිටියා ය. ඔහු ගේ මූණ අඳුරු විය. කට කොනක මස් පිඬක් සැලී ගියේ ය. ඒ ඇස් වල මහා භීතියක් සනිටුහන් විය. ඒ බිය අන්ත අසරණ කමකට හැරවී ගෙන යන හැටි නිශාමනී නිසොල්මනේ බලා සිටියා ය.
යමක් කියා ගන්නට ශාරද ට උවමනාව දැනිණ....
ආකාස වරකා ගෙඩියක් සොයා ගත්තේ හන්දියේ ලෑලි තට්ටුවක කොස් කපනා මිනිසෙකු ලවා වැඩි මුදලක් ගෙවීමෙනි. හදවතින් බිඳී ගොස් සිටින නිශාමනී ගේ හිත සුවපත් කරනු පිණිස මේ වෙලාවේ දී කළ හැකි ඕනෑම දෙයක් කරන්නට ඔහු සූදානම් ය.
හවස සිය රියෙන් ආකාස වරකා ගෙඩිය ගනිත්දී නිශාමනී ගේ හද හඬා වැටුණේ ය. එහෙම...
පංචලී හැකි තාක් සතුටින් සිටින්නට උත්සාහ කළා ය. සමහර වෙලාවට උදෑසන අසනීප තත්ව ඇය යට කර ගන්නට තැනී ද පංචලී ශක්තිමත් ව ඒවායේ ආධිපත්‍යයට යට නොවී ඉන්නට බැලුවා ය. යහනට වැටී වැතිරී ගෙන ම ඉන්නට හිතෙන වෙලාවටත් සිනහවකින් නැගී සිට රැකියාවට යාමට සූදානම් වූවා ය.
"අපි එහෙම සැප ගන්න තරං...
නිශාමනී එසඳි ට කවා පොවා නිදි කොට යහනෙන් බහින කොට ම ශාරද කාමරයට ඇතුළු වෙමින් සිටියේ ය. ඇය ට ඕනෑ වූයේ වහා කාමරයෙන් නික්ම යන්නට ය. දොර දෙසට පියවරක් තබත්දී ම ශාරද ඇගේ වමතේ මැණික් කටුව ළඟින් අල්ලා ගත්තේ ය. නිශාමනී අත ගසා දමා යන්නට උත්සාහ කළ ද එය...
පංචලී බෝ මළුවේ සුදු වැලි තලාව මත හිඳ ගත්තා ය. ඇගේ හිත විහාර මළුවක් තරම් ශාන්තිදායක ව තිබිණ. විසි එක් වතාවක් බෝධිය පැදකුණු කිරීමෙන් දෙපා වලට දැනෙමින් තිබුණා වූ විඩාව, වැලි මළුවේ හිඳ ගත් ගමන් අතුරුදන් ව ගියේ ය. ඇගේ රතදරතර සැනසුම් සහගත මඳහසක් රැඳී තිබිණි.
"මොකද්ද පංචලී උඹ මේ...
ගැහැනු ළමයෙකු ආදර ගැබක් හදවත දරා ගෙන පිරිමියෙකු වෙත එනවා කියන්නේ ම ඇගේ ආත්මය පාවා දීමකි. නමුත් ප්‍රේමය වෙනුවෙන් ඔවුන් ඒ පාවා දීම කරන්නේ භක්තියෙනි. එය වූ කලී ලෝකය බිහි වූ දා පටන්, බොහෝ දුරට ලෝකයෙහි හා ජීවයෙහි පැවැත්ම වෙනුවෙන් ස්ත්‍රී ශරීරයක ජාන සංයුතියෙහි ඇති ව තිබෙන්නා වූ නිමාවක්...