ආකාශ් රිය පැදවූයේ කතා බහකින් තොරව ය. ඔහු සිටිනුයේ කල්පනා ජාලයක පැටලී ගෙන බව, හිස නගා බැලු දෙතුන් වතාවක දී ම මම දුටිමි. තවමත් ඔහු ගේ සිත්හි තුනී හෝ කේන්තියක් එහෙ මෙහෙ වෙමින් තිබෙනවා ඇත.
ආකාශ් ගේ ඒ කේන්තිය ගැන වරදවා සිතන්නට තරම් මම මෝඩියක නො වෙමි. ඔහු වූ කලී...
මා ආකාශ් දෙස බලා ගෙන සිටියේ ඇස් පිය සලන්නට පවා අමතක වූ ගාණට ය. ඔහු කතා කරන්නේ කුඩා දරුවෙකු ගේ සිතිවිලි ඇතිව ද කියා මට නො සිතුණා නොවේ. පාරේ ඉන්නා අසරණ බලු කුක්කෙකුට කන්නට යමක් දුන්නා කියා අපි ඒ කුක්කා ව ගෙදර ගෙන යන්නට නො සිතමු. බලු කුක්කා එවන්...
අම්මා කෙනෙක් කියන්නේ අහසක් සේ දොස් අහන කෙනෙකි. පොළොවක් සේ දරා ගන්නා කෙනෙකි. ආර්ථික හා සමාජ තත්වය කෙබඳු වී ද අම්මා කියන පදවිය මත පරටවෙනා එකී වගකීම් සම්භාරයෙන් ඇය ට නිදහස් වීමක් ලැබෙන්නේ නැත. නෙරංජලා ගුරුගේ ගේ ඇස් මත මේ මොහොතේ උනා ඇති කඳුළ ඊට මැනවින් සාක්ෂි දරයි.
"මොන හේතුවක්...
මේ අවසාන මොහොත යයි මම සිතා ගතිමි. නෙරංජලා ගුරුගේ වූ කලී නූගත් ගැහැනියක නොවේ. ඇය රවටන්නට සිතීම ම අප අප ව රවටා ගැනීමකි. මා බිය වූයේ මේ මොහොතෙත් මට උදව්වක් ලෙස මා ගෙදර කැටිව යන්නට ඉදිරිපත් වූ ඇය ගේ සිත් හි සැකයේ බීජයක් පැළ වේවි කියා ය.
"ඇයි මං රංජි...
ඇහැට පෙනෙන මානයේ ළඟින් හිඳ පෙම් කරනවාට වඩා දුරින් හිඳ ආදරය කිරීමේ අමුතු තිගැස්මක් වන බව මම අලුතෙන් ඉගෙන ගනිමින් සිටියෙමි. ජීවිතයේ මා වඩාත් ම සතුටෙන් සිටි දින ටික ඒ ය. ආකාශ් සතියකට දිනක් දෙකක් නුවර ආවේ ය. මම නිදහස් සිතින් ඔහු ගේ ප්‍රේමය විඳ ගතිමි.
"මට පේන්නෙ පූජා ට...
නුවර අහසට උඩින් සඳ පායා ඇවිත් තිබිණි. මේ වෙලාවේ ආකාශ් සිටිනවා ඇත්තේත් බැල්කනියට වී සඳ දෙස බලා ගෙන විය හැක. ඇතැම් සඳ පායා ඇති රාත්‍රීන් හි මම ඔහු ව එතැන දැක ඇත්තෙමි. පපුවේ පත්ලෙහි දැවීමක් හට ගනු දැනිණ. ඇතැම් විට දුරකතනයේ හැඬවුම නවතින්නට ඔන්න මෙන්න ව තිබි අන්තිම මොහොතේ...
ආදරණීය පිරිමියෙකු අතින් අල්ලා ගත් විට කෙල්ලකට ඒ ලෝකයෙන් බැස යන්නට හිතෙන්නේ නැත. ඔහු ව සිය සූර්යයා කොට ගෙන ඔහු වටා පරිභ්‍රමණය වෙමින් ඉන්නට ම සිදු වන්නේ ය. ප්‍රේමයේ ආකර්ෂණය වූ කලී එයයි.
මගේ අත අල්ලා ගත් ඔහු කුමාරයෙක් ය. මම ඔහු දෙස නෙතු පිය නො සලා බලා සිටියෙමි. මගේ...
නංගී අජිත් ගේ ගෙදරට පැමිණ ඇති බව ද තාත්තා විසින් පොලීසියට දැනුම් දී තිබිණි. ඒ අනුව දෙපාර්ශවය ම එහි කැඳවුණේ ය. අපේ ගෙදරින් පොලීසියට ගියේ තාත්තා හා අම්මා ය. ආච්චම්මා ව එහි කැටිව නො ගිය නිසා, අම්මලා යන්නට පෙර ඇය එක ම එක උපදෙසක් දුන්නා ය.
"රංජි මහ මෝඩය. ඔය...
ආනන්ද ගුරුගේ තාත්තා ට පොලීසියට යන්නට කතා කළේ ය. නමුත් තාත්තා එය ප්‍රතික්ෂේප කළ වෙලාවේ මා ඔහු වෙතින් දුටුවේ අසරණ කමකි.
"අපි තව ටිකක් බලමු සර්. මං හිතන්නෙ කෙල්ල මේ ළඟ පාත කොහෙ හරි ඇති. මට හිතෙන විදිහට අපිව බය කරන්න කරපු වැඩක් මේක"
එහෙම කියමින් තාත්තා සිනහ වෙන්නට හැදුවේ ය....
මා ඉදිරියේ අම්මා හා නංගී දෙදෙනා ම සිටියහ. දුරකතනයේ අනිත් ඉම වූයේ ආකාශ් ය. ඔහුත් එක්ක මේ විදිහට ඔවුන් ඉදිරියේ දුරකතනයෙන් කතා කරන්නට වීම මා තුළ ඉසිහින් ලජ්ජාවක් ඇති කරන්නට හේතු විය.
"අනේ අයියෙ මට මොකටද මෙහෙම ෆෝන් එකක්...මේක ආපහු ගන්න"
මා එසේ කීවේ නංගී ගේ හිතේ මා පිළිබඳ නො රිස්සුමක්...