බෝඹුරු ඇල්ලට මත්තෙන් මිහිදුම ගලනවා වන් චමත්කාරයක්, ගෙදර ආ පසුත් මා තුළ ශේෂ ව පැවතිණ. ඒ දැනුණා වූ නවසීතන්ත හැඟීමත් එක්ක ම දිය නා ගෙන කුස්සියට යත්දී අම්මා සුවඳ ඉහිරමින් කෝපි වත් කරමින් සිටියා ය. අත් දෙකෙන් ම කෝපි කෝප්පයේ බඳ අල්ලා ගෙන මම අත්ල උණුහුම් කළෙමි.
"කොළඹ අතෑරල ගුරුතලාවෙ...
පාසල් සමයේ දී මා දඩබ්බර කෙල්ලකි. කොළඹ ජනප්‍රිය බාලිකා පාසලක දඩබ්බරකම් කරන්නේ කෙසේ දැයි දැන් කෙනෙකු තුළ ප්‍රශ්නයක් නැගෙන්නට පුළුවන. ඉතා ඉහළින් විනය ගැන සැලකිලිමත් වෙන, යාන්තමින් නියපොතු වැවී දැයි බලන්නට ශිෂ්‍ය නායිකාවන් පන්ති වලට කඩා පනින, කොණ්ඩ කෑලි මූණට වැටීම ආනන්තරීය පාප කර්මයක් සේ සලකන, නිල ඇඳුමේ වාටිය...
අර ඈතින් පෙනෙනා මහ කන්දක් තරම් බරක් මගේ පපුව මත පැටවී තිබුණේ ය. එය හුස්ම හිර කරනා විදිහේ හැඟීමකි. මම අමාරුවෙන් හුස්ම ගනිමින් සිටියෙමි.
ඒ රිදුම ගැන අර්ථ කතන දෙන්නට තරම් අවබෝධයක් මට නැත. සමහර රිදුම් වල දිග පළල ගැන කියන්නට සැබවින් ම අපි අපොහොසත් වෙමු.
මිනිසුන් යනු වර්තමානය තුළ අප...
මා හිටියේ බෙංගාල බොක්ක තුළ පවතිනවා යි සිතිය හැකි විදිහේ කැළඹීමක ය. නේකාකාර කුණාටු සිතිවිලි විත් මගේ මනසේ ඒකාග්‍රතාව බිඳ දමන්නට ක්‍රියා කරමින් තිබිණ. මුණිවර රිය පැදවූයේ ඉතා හෙමිහිට කියා සිතමි. මගේ හිත ඊට වඩා වැඩි වේගයකින් දිව්වේ ය.
"මන්දාකිණී..."
මම ඇතුළාන්තයෙන් ම වෙව්ලා ගියෙමි. ඔහු ගේ ස්වර සංගතියේ දෙදරීමක් හෝ...
වැළඳ ගැනීමක් යනු ඇවිලෙනා මිනිස් සන්තානයක් නිවා ලිය හැකි පිරිත් පැන් දෝතකි. නමුත් අපේ රට තුළ වෙසෙනා දූපත් සංස්කෘතික මිනිසුන් ඒ දෙස බලන්නේ විකෘති ලිංගික චර්යාවක් දෙස බලනා තරම් ජුගුබ්සාජනක දෑසකිනි.
මුණිවර ගේ වැළඳ ගැනීම තුළ මම නම් තව තවත් සුවපත් වෙමින් සිටියෙමි. ඒ කොයි තරම් කාල පරාසයක් ද කියා...
මම හිම කන්දක් සේ දියවි දිය වී වැගිරෙමින් සිටියෙමි. සූර්යයන් දහසක් එක වර පෑයූ රශ්මියක් මුණිවර ගේ ඇස් දෙකේ විය. මගේ සිරුර ඇඩ්රිනලින් හෝමෝනය අධික ලෙස ශ්‍රාවය කරමින් තිබිණ. එක්කෝ මේ මොහොත සමග සටන් වැදිය යුතු ය. එක්කෝ මේ මොහොත මග හැර පලා යා යුතු ය.
තනිකර ම මුරණ්ඩු කෙල්ලක...
ජීවිතය වූ කලී සතුට උර ගා බැලිය යුතු තැනෙකි. අප ජීවිතය මිටින් ගෙන උපදින්නේ ම තෝරා ගැනීම් සමූහයක් සමග ය. සමහර අවස්ථා අපට කියා දෙන්නේ අප වනාහි කිසිත් කර කියා ගත නො හැකි අබ්බගාතයන් බවයි. එපමණට ම තෝරා ගැනීම කියනා දේ අප වෙනුවෙන් අප වටා සිටිනා අය කරන්නට පෙළඹෙනා...
දිවා ආහාරයෙන් පසු මා වැඩි පුර මගේ ම හීන ලෝකයක් තුළ හිටියා කීවොත් නිවැරදි ය. දැනෙන නො දැනෙන ගාණට මගේ බඳෙහි තැබුණු මුණිවර ගේ අතේ උණුහුම් ස්පර්ශය කියන තැන මම නතර වී සිටියෙමි. සැබවින් එය වූ කලී ඔහු නො මනා අදහසකින් කළ දෙයක් නොවන බව මම දනිමි. ඔහු එසේ...
වෙනදාටත් කලින් අළුයම් යාමයෙහි මා පිබිදිණ. සැබවින් මුළු රැය පුරා නෙතු නිදි සුව ලද ද සිත අවදියෙන් සිටියා විය යුතු යයි මම සිතමි. අරුණෝදය පිනි බර වූයේ ය. තද සීතලක් වායු ගෝලය තුළ මුහු වී තිබූ අතර හුස්ම ගනිත්දී නහස් පුඬු වලට පවා ඒ කටු තුඩු අනිනා ශීතල දැනුණේ...
මුණිවර ඒ වෙලාවේ මා සමගින් සාකච්ඡා කරමින් සිටියේ අලුත් සාප්පුව ට එක් කළ යුතු අංග ගැන ය. අත් යන්ත්‍ර රෙදි වලින් නිම වූ සාරි, සරොම්, කමිස, ලුංගි, කුර්තා හා ගවුම් ගැන මා තුළ ලස්සන අදහස් ටිකක් තිබිණි. ඊට අමතර ව කැපී වෙන් වන අත් යන්ත්‍ර රෙදි වලින් සංචාරක ආකර්ෂණය...