Novels

පවුල පිටින් ම කතරගම යනු වෙනුවට මුලින් තාත්තා පමණක් යන්නට තීරණය විය. තාත්තා ඒ පරිසරයට හා රැකියාවට හුරු පුරුදු වීමෙන් පස්සේ අම්මා එහි යන්නට කතා කර ගත්තේ මා හා නංගී දෙදෙනා ම විභාග වලට සූදානම් වෙමින් සිටි නිසා ය. මගේ විභාගය නිම වූ පසු සුදුසු තැනක් බලා බෝඩින් විය...
ඉඳුවරට රියැලිටි තාරකා කිරුළ අහිමිව ගියේ ඔහු එය අපේක්ෂාවෙන් බලා සිටියදී ය.නමුත් ඔහු ජනප්‍රිය ටෙලි නාට්‍ය නළුවා වූයේ ඒ පිළිබඳ සිහිනයකින්වත් බලා නොසිටිය දී ය. "මේ හදිස්සියෙ වෙඩින් එකක් ගන්න ගිහින් අවෝඩ් එකත් නැති වුණා.." සහස් තමන්ගේ සැබෑ වර්ණ මතු කරමින් තරිඳිට දොස් පැවරී ය.තරිඳි ඔහු දෙස බැලුවේ කෝපාග්නියෙනි. "වෙඩින් එකෙන් ඔයාට...
මම නංගී ව පන්ති වලට දැම්මෙමි. මීට පෙර ඇගේ ජීවිතයේ එවන් අංගයක් වූයේ නැත. පාසල් යනවා නම් ගොස් ගෙදර ඇවිත් පොත් ටික පසෙකට දමා යළි ඊළඟට පාසල් යන දිනයේ දී ඒවා ගෙන ගියා පමණි. පන්තියක් කියා දෙයකට ඇය ගියේ මගේ පෙරැත්තයට අම්මා දැමූ ශිෂ්‍යත්ව පන්තියට පමණකි. පන්ති යාම ප්‍රමාණවත් යයි...
දුලනි තරු මාවතෙන් සමු ගත් දා ඉඳුවර සමාජ ජාලාවල බොහෝ අපහාසයන්ට ලක් විණි.කුඩා දැරියකගේ දුප්පත්කම ඇයට ඉදිරියට යන්නට තිබු එකම බාධාවයැයි ලියැවෙන සටහන් දෙස ඉඳුවර බලා සිටියේ සිනාවක් සහිතව ය. ඇය ජරාජීර්ණ මඩ ගොහොරුවකින් මුදා ගත් සතුටින් ඔහු සැනසීමට පත් විණි. "දුලනි කැපුවට උඹට ගහන සෝෂල් මීඩියා කැම්පේන් එක රන්...
මා ගෙදර යත්දී නංගී පුපුරු ගසන මුහුණෙන් යුතු ව පරණ ඇඳ මත හිඳ ගෙන සිටියා ය. අම්මා ගේ මුහුණේ ත් හොඳක් නො වුණෙන් මම ඔවුන් දෙදෙනා ගේ මුහුණු දෙස මාරුවෙන් මාරුවට බලන්නට වූයෙමි. "මෙයා අජිත් එක්ක රණ්ඩු වෙලා ඇවිත් තියෙන්නෙ" මගේ කුහුල් සිත සන්සිඳවනු වස් අම්මා කීවා ය. මම සුසුමකින් ගොස්...
"ස්ටාර් කෙනෙක් වුණාට පස්සේ අපේ ජීවිතේ අපේ පාලනයෙන් එහාට යනවා අමා.මිනිස්සු අපිව පාලනය කරන්න ගන්නව.මිනිස්සු අපි හැරුණත් හේතුවක් හොයා ගන්නව.අපි නොකරපු දේවල් කරා වෙනවා.නොකියපු දේවල් කිව්ව වෙනවා.අපිට මඩ ගහන්න එයාලට මොනතරම් අයිතිය තිබුණත් අපි එයාලට විරුද්ධව වචනයක් කිව්ව හැටියේ ඒක වැරදි වෙනවා..මං ඒකයි හිතන්නෙ.දුලනි වගේ අහිංසක දරුවෙක් ඒ ගොහොරුවේ...
මේ හැබෑවක් ද නැත්නම් හීනයක් ද කියා හිතන්නට මට ඕන වුණේ ය. මම නෙරංජලා ට නො පෙනෙන සේ යන්තම් මගේ අතක් කොනිත්තා බැලුවෙමි. අත රිදුණේ ය. ඒ නිසා මේ සිහිනයක් නොවේ යි මම සිතා ගතිමි. "ආ පූජා...ඔයාගෙ අකමැත්තක් නෑ නේද පුතේ...ඕනෙනං මං ඔයාගෙ අම්ම තාත්තා එක්කත් අද ම කතා කරන්නං" "අනේ...
අන්තර්ජාලය ඔස්සේ මගේ ප්‍රතිඵල ලබා ගත්තේ ආකාශ් ය. මම පරිගණක තිරයට හෝ නෙතු නො යොමා පාෂාණිභූත ව පසෙකට වී බලා සිටියෙමි. ආකාශ් ගේ මුවග සිනහවක් ඇඳුණේ ය. මගේ හදවතට සිහිල් සැනසිලිදායක බවක් දැනිණ. ආකාශ් ඇවිත් මා වැළඳ ගත්තේ ය. නෙරංජලා ඉදිරියේ එය ලැජ්ජාවක් සේ දැනුණත්, ඊළඟට මා නතු වූයේ ඇගේ...
"මං කවදාවත් හිතුවේ නෑ මං වැරදි කියලා.එයා මාව පිළි නොගත්ත නිසා මට ඉඳුවර එක්ක පුදුම තරහක් තිබුණේ. " එදින රාත්‍රියේ අමන්දී අඳුර වෙත කෙඳිරී ය.අවිශ්ක ඇගේ හිසකෙස් අතරින් ඇඟිලි තුඩු යවමින් අසා සිටියේ ය. "මං හිතුවෙ එයා ඕවට ගියාම මට නැති වෙයි කියලා.ඒත් ඒ වෙනකොටත් එයා මට අයිති නෑ කියලා මට...
මම ඉතා සතුටෙන් මෙඩි කෙයා සාත්තු නිවාසයේ වැඩ කරන්නට වූයෙමි. පෙර පාසලක ගුරුවරියක ලෙස කටයුතු කිරීමත්, මෙවන් ස්ථානයක වගකීම් සහගත තනතුරක් දැරීමත් අතරේ විසල් වෙනසක් තිබෙන බව මට හොඳින් ම අවබෝධ විය. කුඩා දරුවන් පිරිසක් අතරේ ගෙවුණ ජීවිතය බෙහෙවින් සුන්දර ය. රෝහලක ඖෂධ, රෝගීන්, වෛද්‍යවරුන් හා වගකීම් අතරේ ගෙවෙන...