"අර දුලනිගේ ටීච..ඔයා එයාව දන්නවද?"
තරිඳි ඇසුවේ විවේකී සවස් යාමයක ඉඳුවර වෙනුවෙන් කෝපි කෝප්පයක් පිළියෙළ කරන අතර ය.ඔහුගේ නිවසේ නතර වන්නට ඇය බොහෝ දවසක් සැලසුම් කළා ය.නමුත් ඉඳුවර ඈ නවතා ගන්නට කැමැත්ත පළ කළේ නැත.
"එයා මගෙ කැම්පස් යාලුවෙක්.යූනියන් වැඩකදි අපි අමනාප වුණා.ඒත් දැන් අපි කැම්පස් එවුං නෙවේනෙ.මං ඒකයි අමාට කතා...
මා ආකාශ් දෙස බලා ගෙන සිටියේ ඇස් පිය සලන්නට පවා අමතක වූ ගාණට ය. ඔහු කතා කරන්නේ කුඩා දරුවෙකු ගේ සිතිවිලි ඇතිව ද කියා මට නො සිතුණා නොවේ. පාරේ ඉන්නා අසරණ බලු කුක්කෙකුට කන්නට යමක් දුන්නා කියා අපි ඒ කුක්කා ව ගෙදර ගෙන යන්නට නො සිතමු. බලු කුක්කා එවන්...
දුලනිගේ ඊළඟ වටයට පුහුණු වීම් කරන්නට අමන්දී වෙහෙසුණා ය.දුලනිට වැඩමුළුවකට පිටව යන්නට දෙදිනක් තිබිය දී ඇයව නිවසට කැඳවා පුහුණුවීම් කරන්නට අමන්දී තීරණය කළා ය.නිවසෙන් මඳක් ඈතට වන්නට පිහිටි සියඹලා ගසක් යටට වී ගුරුතුමිය හා සිසුවිය පුහුණුවන ආකාරය බලා හුන් නයනි මුළුතැන්ගෙයට ආවේ ඊර්ෂ්‍යාවෙන් බරව ගිය හදවතකිනි.සඳුනි සිටියේ පළතුරු බීමක්...
අම්මා කෙනෙක් කියන්නේ අහසක් සේ දොස් අහන කෙනෙකි. පොළොවක් සේ දරා ගන්නා කෙනෙකි. ආර්ථික හා සමාජ තත්වය කෙබඳු වී ද අම්මා කියන පදවිය මත පරටවෙනා එකී වගකීම් සම්භාරයෙන් ඇය ට නිදහස් වීමක් ලැබෙන්නේ නැත. නෙරංජලා ගුරුගේ ගේ ඇස් මත මේ මොහොතේ උනා ඇති කඳුළ ඊට මැනවින් සාක්ෂි දරයි.
"මොන හේතුවක්...
"ඉඳුවර ආවෙම ඒ තර්කෙ කියන්නද කොහෙද"
නිවසට එන්නට සනුරිගේ රියට ගොඩ වූ පසු අමන්දී අඩ සිනාවකින් තෙපලුවා ය.සනුරි කිසිත් නොකියාම දුලනිගේ සිහිනයක් වෙනුවෙන් රිය ධාවනය කළා ය.සැදෑ අහස යට ඇති වනතුරුම දුලනිට මුහුදු වෙරළේ දඟලන ඉඩ ලබා දුන් දෙමිතුරියෝ හිම කිරමක් තොල ගාමින් රළ නගන අන්දම බලා සිටියහ.
"ඉඳුවර ඒ තර්කෙ...
මේ අවසාන මොහොත යයි මම සිතා ගතිමි. නෙරංජලා ගුරුගේ වූ කලී නූගත් ගැහැනියක නොවේ. ඇය රවටන්නට සිතීම ම අප අප ව රවටා ගැනීමකි. මා බිය වූයේ මේ මොහොතෙත් මට උදව්වක් ලෙස මා ගෙදර කැටිව යන්නට ඉදිරිපත් වූ ඇය ගේ සිත් හි සැකයේ බීජයක් පැළ වේවි කියා ය.
"ඇයි මං රංජි...
"සනූ..මං හිතුවෙ නෑ ඔයා එයි කියල.."
අමන්දී සනුරිගේ අත අල්ලා ගත්තේ සෙනෙහසිනි.සනුරි මිතුරියගේ අත අල්ලාගෙන හිනැහුණා ය.
"අදීෂයි, ඉඳුවරයි තරග කරන කාලේ මං මෙතනමනෙ.මට මෙතන පුරුදුයි.ඒ හින්දා ආවා.අපේ පුංචි ගායිකාව සින්දු කියනව බලන්නත් එපැයි.."
සනුරි කුඩා දුලනිව වැළඳ සුබ පැතුවා ය.දුලනි හැඩ ගැන්වීම සහ සෙසු කාර්යයන් වෙනුවෙන් බාර දුන් පසු අමන්දී සනුරිට...
ඇහැට පෙනෙන මානයේ ළඟින් හිඳ පෙම් කරනවාට වඩා දුරින් හිඳ ආදරය කිරීමේ අමුතු තිගැස්මක් වන බව මම අලුතෙන් ඉගෙන ගනිමින් සිටියෙමි. ජීවිතයේ මා වඩාත් ම සතුටෙන් සිටි දින ටික ඒ ය. ආකාශ් සතියකට දිනක් දෙකක් නුවර ආවේ ය. මම නිදහස් සිතින් ඔහු ගේ ප්‍රේමය විඳ ගතිමි.
"මට පේන්නෙ පූජා ට...
"අර…කිඩ්ස් ස්ටාර් එකේ ඉඳුවරත් කෝච් කෙනෙක්.."
සඳුනි පෙන්වන්නේ තරගයේ පූර්ව ප්‍රචාරක දැන්වීම් ය.අමන්දී එය ගැහෙන හදවතක් සහිතව බලා හුන්නා ය.ඇය සිතා සිටියේ දුලනි සවියක් වන්නට ඈ රැගෙන තරගයට යන්නට ය.තමන්ගේ මහ ගෙදර නැවතී දුලනිව තරගයට ගෙන යන්නට පවා ඇය සැලසුම් කරගෙන හුන්නා ය.
"අපෝ ප්‍රසන්ටින් කරන්නෙ අර හෝන්තුවනෙ.මං ආසම නෑ.."
සඳුනි පෙන්වූයේ...
නුවර අහසට උඩින් සඳ පායා ඇවිත් තිබිණි. මේ වෙලාවේ ආකාශ් සිටිනවා ඇත්තේත් බැල්කනියට වී සඳ දෙස බලා ගෙන විය හැක. ඇතැම් සඳ පායා ඇති රාත්‍රීන් හි මම ඔහු ව එතැන දැක ඇත්තෙමි. පපුවේ පත්ලෙහි දැවීමක් හට ගනු දැනිණ. ඇතැම් විට දුරකතනයේ හැඬවුම නවතින්නට ඔන්න මෙන්න ව තිබි අන්තිම මොහොතේ...