නයනි සෑම මොහොතක්ම පීඩනයෙන් ගෙවා දැම්මා ය.මොකක් හෝ හේතුවක් මත ඒ කාරණා සියල්ලම පිට වූයේ අමන්දී මතිනි.අමන්දී සැනසිල්ලේ ගෙවූ ජීවිතය බිඳී යමින් තිබුණා ය.
"අක්කෙ, ඔයා තාම කාලා නෑ නේද?"
දිනක් සඳුනි ඇසුවේ මුහුණ නරක් කරගෙන ය.අමන්දී නැතැයි කියන්නට හිස වැනුවා ය.
"අන්න අර අපේ අක්කා.වලං පිඟං සේරම හෝදනව.ගෙදර අය කාලා ඉවරයි...
ඇතැම් දේවල් එක් ජීවිත කාලයකට එක් වරක් විඳ ගත්තා ම ප්‍රමාණවත් ය. බොහෝ දෙනෙකුට ප්‍රේමය එවන් දෙයක් නොවේ කියා මම දන්නෙමි. ඔවුන් යළි යළිත් ප්‍රේම කතා වල පැටලෙන්නේ එබැවිනි.
මෙතෙක් මට ප්‍රේමයක අවශ්‍යතාවයක් නොවූ වග පුන පුනා කිව යුතු නැත. කිහිප වතාවක දී ම මම ප්‍රේමය කියා ඔවුන් කියූ දේ...
"ඉඳුවර..කලබල නොවී පොඩ්ඩක් ෆේස්බුක් පැත්තට යන්න.."
සිතිජගෙන් ඇමතුමක් ආවේ උදෑසන උදා වෙද්දීම ය.ඉඳුවර අවදි වූයේ ද ඒ ඇමතුමට ය.ඔහු ඇමතුමේ හිඳිමින් ම සිතිජ පැවසූ දේ ඉටු කළේ ය.දුටු දේ ඔහුව කම්පනයට පත් කරන්නට සමත් ය.
"ඒ තරිඳි නෙවෙයි…"
ඉඳුවර වචන සොයා ගත්තේ එපමණක් කියන්නට ය.දුරකථනයේ පසුබිමින් ඇසෙන්නේ සිතිජගේ බිරිඳ පහත් හඬින් මොනමොනවාදෝ...
ආකාශ් සඳයුරු ගුරුගේ මේසය වෙතට ඇවිත් දෑත් එහි තබා ගෙන මවෙතට බර වූයේ ය. හිරු දුටු හිම පියල්ලක් සේ, මට දැනුණේ මා දිය ව යන්නට පටන් ගෙන ඇති බවකි.
"ඔහොම එන්නැතුව ඉන්නෙපා පූජා...මං කොහොමද ඔයාව දකින්නැතුව ඉන්නෙ..."
තව දුරටත් මා කියා කෙනෙක් නැති තරමට මා දිය ව ගිය සෙයක් දැනෙන්නට වූයේ...
නොසන්සුන් හදැති අමන්දීට යළිත් තමන්ගේ ඇතුළාන්ත සාමය පලා යන බව දැනිණ.ඇයට අහේතුකව හැඬිණ.අහේතුවක කෝපය ඉපදිණ.ඇය සෑම මොහොතක්ම ගෙවන්නේ නොසන්සුන්ව බව ඇය සිතන්නට ගත්තා ය.
"නංගිගෙ මඟුල් හින්දා මේ ගෙදර විකාර වෙලා ගියා.."
අවිශ්ක කෝපයෙන් පැවසී ය.ඔහු සිතා හුන්නේ එහෙම ය.සෑම කටයුත්තකට උදව් දුන් මිතුරාට ගෙදරට එන්නට තහංචි දමන්නට වීම ගැන ද...
මම ඒ සිනහ වත දෙස ඇස් පිය නො හෙලා මොහොතක් දෙකක් බලා සිටියෙමි. ආකාශ් ට තියෙන්නේ බටහිර නළුවෙකු ගේ පෙනුම යයි මගේ පන්තියේ යෙහෙළියෝ පැවසූහ. එකී නළුවා ගේ නම දැන් මට මතක නැතත්, ආකාශ් වූ කලී කෙතරම් කඩවසම් තරුණයෙකු දැයි ඉන් සිතා ගත හැකි ය.
ඔහු දෙස බලා සිටියා වැඩි...
තරිඳිගේ ලෝකයට ඉරවල් හතක් පායා තිබිණ.ඇය ප්‍රීතියෙන් දිදුලන්නට වූවා ය.රටේ යුවතියන්ගේ සිහින කුමරා ඇගේ ය.ඔහු ගැන සිහින මවන්නට සහසක් දෙනා හිඳීම තව දුරටත් ඇය පෙළන්නේ නැත.නමුත් ඈ ඔහුගේ ය.
"ඕක ගොසිප් කාරයන්ට දැනගන්න තියන්න එපා.."
ආරංචිය දැනගත් වහා සිතිජ පැවසී ය. පෞද්ගලිකත්වය නිරාවරණය වීම අතිශය අවදානම් බව ඔහු පවසද්දී තරිඳි පුපුරන්නට...
මගේ හදවත ගැස්ම කෙතරම් වේගවත් වී තිබුණාද යත් මා හුස්ම ගත්තේ වේගවත් ව ය. ඒ හඬ ආකාශ් සඳයුරු ගුරුගේ ට අසේවියි ඒ අතරේ ම මම බිය වීමි. සමහර දේවල් නො කියා ම ඉන්නා එක හොඳ ය. සිදු නොවී ම පවත්නා එක හොඳ ය. එතකොට බලාපොරොත්තුවක මිහිරියාවක් එක්ක හුස්ම ගන්නට...
ඉඳුවර කැළඹීමෙන් ද නොසන්සුන් බවින් ද දින ගෙවා දැම්මේ ය.මේ කාරණා කිසිවක් සිදු නොවන්නට අමන්දීගේ එදා එරෙහි වීමට එකඟ වූවානම් කියා ඔහු සිතුවේ ය.එසේ නම් මෙවැනි වියවුල් නැති ජීවිතයක් අයත් වන්නට ඉඩ තිබිණ.නමුත් දැන් ආපසු හැරෙන්නට නොහැක.කළ හැක්කේ නොනවත්වාම මේ ගමන යාම ය.
"දැන් ඉතින් තියෙන්නේ දිගටම ඕවට මූණ දෙන්න.අනික...
ඉස්සරහා ට ඇවිත් මගේ අතින් අල්ලා ගත් නෙරංජලා ගුරුගේ මා කැටිව ගියේ ඔවුන් ගේ නවීන පන්නයේ මුළුතැන්ගෙය වෙතට ය. බිත්ති වට කොට තැනූ තේක්ක පැන්ට්‍රි කබඩ් මැද වන විශාල තේක්ක මේසයෙහි කෙළවර පටුවක ආකාශ් සඳයුරු ගුරුගේ අසුන් ගෙන සිටියේ ය.
"තේ එකක් බොමු පූජා. ඉඳගන්න"
නෙරංජලා පුටුවක් ඇද බලයෙන් ම වාගේ...