සුබ පතන්නන් සේ ම සුබ පැතුම් ගෙන එන්නට අකමැති පුද්ගලයන් ද සුබ මොහොතවල් වල දී අපට හමු වන්නට පුළුවන. මේ සුබ හෝරාවේ කේන්තියෙන් පුපුරමින් එහි පැමිණ සිටියේ ලොකු මාමා හා නැන්දා ය. ඔවුන් දුටු අත්තම්මා කට කොනකට සිනහවක් නගා ගත්තා ය.
"ආයෙ මෙහෙ පස් පාගන්නෑ කියල ගිය ඈයො මේ ඇවිත්...
මට ඇය ගැන තැකීමට ඕනෑ වූයේ නැත. නෑසුණු ලෙස පඩිපෙළ නගින්නට ගිය මගේ මාර්ගය ඈ අහුරා ගත්තා ය.මලීෂා ද ලක්මි ද නෙත්මිට සහය දෙන්නට මෙන් පසෙක සිටිය හ. මා කෝපයෙන් දැවෙමින් හුන් බව සහතික ය.
"මොනවා අහන්නද?"
මගේ හඬ නොසැලකිලිමත් විය. ඊෂා සමඟ හිඳින කඳුකර දැරිය තනිව අල්ලාගෙන බියට පත් කරන...
ඇතැම් විට අම්මා අසංක සමගින් කතා බහ කරන්නට ඇත. මට කී දේ, ඔහු ඇය ව විවාහ කර ගත්තේ ව්‍යාජ විවාහ සහතිකයක් මත බව අම්මා ටත් ඔහු පවසන්නට ඇත. ලජ්ජාව නිසා හෝ දරා ගැනීමට අසීරු වේදනාව නිසා ඕ තනිව හා නිහඬව ඒ ආරංචිය විඳ දරා ගන්නට ඇතැයි මම සිතමි. අනාගතයට...
මම මලිඳුගේ කිසිදු ඇමතුමකට ප්‍රතිචාරයක් නොදැක්වූවෙමි.කරන්නට ඕනෑ තරම් අධ්‍යයන කටයුතු තිබියදී වැඩකට නැති ප්‍රේමයක එල්ලී නොගන්නට මගේ හිත මට තරවටු කරමින් තිබිණි. මට කොහොමත් පාඩම් වැඩ එතරම් පහසු වූයේ නැත.ඊෂා කම්මැලිකම පොරවාගත් කුසීත කෙල්ලකි. ඉතින් අපට අසීරු පාඩම් කියා දෙමින් දිනුක නිතරම අප සමඟ හුන්නේ ය. අමෝද අයියාගෙන් පාඩම්...
අම්මා සතු ව ඇති විවාහ සහතිකය ව්‍යාජයක් බව, මම යුගාන්තටත් ගෙදර අයටත් කීවෙමි. මෙහෙම වෙලාවක අම්මා ට එහෙම දෙයක් කියන්නේ කොහොමද?
"මේ ගොං හරකි ආයෙත් රැවටුණා"
අත්තම්මා සුසුමක් හෙළමින් පුටුවක් මතට වැටුණා ය. නමුත් මා හිතු තරම් කම්පනයක් මට ඇගෙන් දකිත හැකි නො විණ. අත්තම්මා කියන්නේ ජීවිතය දිගේ හුඟක් දුර ගිය...
හිමල්ක එනතුරු මට ඉස්පාසුවක් වූයේ නැත.ඔහු පැමිණෙන තුරු කාලය ගෙවා ගන්නට සිතමින් මම ගෙඋයනේ වූ ඔංචිල්ලාවට වී ඔහේ බලාසිටියෙමි. මට තනි වෙන්නට උවමනාවක් ඇති බව දැනී හෝ යම් කරුණක් නිසා ඊෂා මවෙත ආවේ නැත. මලිඳු වරින්වර මොනමොනවා හෝ මැසේන්ජරය හරහා එවන බව දුටු නිසා මගේ දුරකථනය ද ක්‍රියා විරහිත...
අම්මා පුතෙකු බිහි කළා ය. මේ වෙලාවේ අසංක ඇය ළඟ නො සිටීම ගැන අම්මා තුළ සංවේගයක්, සන්තාපයක් වන්නට ඇත. ඇගේ ඇස් අලුත් දීප්තියකින් දැල්වුණ අතර, ඒ දීප්තියට යටින් වේදනාවක හෝ භීතියක අඳුරු සෙවනැලි මම දුටිමි.
අලුත් සාමාජිකයෙකු ගේ ආගමනය කියන්නේ පවුලක වැදගත් සන්ධිස්ථානයකි. මේ සාමාජිකයා අනාගතයේ දී පවුලට කවරාකාරයෙන් බලපෑම්...
"ඊෂා.. මට ඔයා එක්ක කතා කරන්න ඕනෑ."
මට තවත් ප්‍රමාද වන්නට සිතුණේ නැත.වහා ඊෂාගේ අතින් අල්ලා ගත් මම ඇයට සියල්ල කියන්නට සිතුවෙමි.
"පොඩ්ඩක් ඉඳපං ඉතිං.. ඔය කියන්න යන දේ මම දන්නවා.. ඊට කලින් මොනව හරි කාලා ඉමු. දවසම හාමතේ ඔයා."
ඊෂා මට නාන කාමරයට යන්නට උදව් කළ අතර ඈ සමඟ මලිඳු ගැන...
ඇඳුම් කිහිපයක් බෑගයක ඔබා ගත් අසංක ගෙදරින් එළියට බැස ගියේ 'මං මේක ලේසියෙන් අතාරින්නෑ' යි අප වෙතට තර්ජනාංගුලිය දිගු කරමිනි. අම්මා වැලහින්නක සේ වැලපෙමින් සිටියා ය. මම ඇගේ හිස පිරිමදිමින් ඇය සනසන්නට වූයෙමි.
"දරුවෙක් බඩේ තියං ඔහොම වැළපෙන්න හොඳ නෑ කෝසලා. දෙමව්පියො මුලිංම හිතන්න ඕනෙ දරුවො ගැනයි. බඩේ ඉන්දැද්දි වුණත්…"
අත්තම්මා...
බොහෝ දේ සිදු වන්නට ඇත. අපහසුවෙන් දෑස් විවර කළ මට මගේ අතට කැනියුලාවක් සවි කර ඇති බවක් දැනිණි. පියවි සිහියට එළඹෙන්නට තැත් දරමින් මම දෙනෙත් ඒ මේ අත යැවීමි.
මා හිඳින්නේ රෝහලක ය. පෞද්ගලික රෝහලක සුවපහසු යහනක ය.නොපැහැදිලි දසුන් අතර ඊෂා දිස් වෙද්දී මම සිහින් හඬින් ඈ ඇමතුවෙමි.
"මට මොකද වුණේ?"
ඊෂා...