අපේ අවසන් විභාගය අවසන්ව විවිධ උත්සව වලට යැයි කල් මරමින් අපි සරසවියේ රැඳී සිටියෙමු.මෙතැනින් එහාට කළ යුතු දෑ ගැන අපට සිතන්නට බොහෝ දේ විණි.චමත්කා විදේශගත වනවාදැයි මෙරට රැඳී සිටිමින් රැකියාවක් කරනවාදැයි සිතමින් කාසි උඩ දමන්නට විය.ඇය මට විශාල රහසක් හෙළි කළේ එවැනි රාත්‍රියක ය.
"මං අර මෝඩ නිර්වාන්ට සෑහෙන කාලයක්...
ධීරගේ අම්මා පැවසූ සියල්ලම ඔහුට කියන්නට මට උපදෙස් දුන්නේ කේතකී ය.එහෙත් ඇයට එහෙමෙහෙ වන්නට ඉඩහැර චමත්කා මා අල්ලා ගත්තා ය.
"අහන්නකෝ, ඔයා ඕවා මොකුත්ම එයාට කියන්න එපා."
ඇය මගෙන් ඉල්ලා සිටියා ය.
"ධීරගෙ අම්මයි එයයි අතරෙ කිසිම සම්බන්දයක් නෑනේ.එයා ඔයා ගැන අම්මට කියන්න ඇත්තෙ යුතුකමකට.ඒක එහෙම තියාගෙන අම්මා ඇවිල්ලා ඔයාට විකාර කීවට...
"ධීරලගෙ අම්මා ඔයාව මීට් වෙන්න ඇවිත් පුතේ.."
ඇන්ටී මට පැවසුවේ මා ධීරගේ අම්මාට මඳ සිනාවක් හෙළා ඈ පසුකරගෙන යන්නට තැත් දරද්දී ය.මම නැවතුණෙමි.ඇන්ටී ඇසක් ඉඟි මැරූ නිසා කේතකී ද චමත්කා ද යන්නට ගියා ය.මම ධීරගේ අම්මා සමඟ බරාඳයේ අසුනකින් හිඳ ගත්තෙමි.ඇන්ටී ගෙතුළට යන්නට ගියා ය.
"මට ඔය ළමයගෙ කේන්දරේ ගෙනත් ඕනෑ.."
නැන්දම්මා...
"මට පසන්ව අමතක කරන්න කාලයක් ඕන කියල ඔයාට හිතුණෙ නැද්ද ධීර.."
මා ඇසුවේ සැබෑවටම ය. ධීර කිසිත් නොකියා හිනැහුණේ ය.පසන් තරමට ධීරට මා තේරුම් ගත හැකි වේදැයි මම සිතමින් හුන්නෙමි.ඔහු මේ ආදරය කරන්නේ මිතුරාගේ නිවසේ උඩුමහළේ දුටු බෝඩිම්කාරියට ය.පසන් ආදරය කළේ වැලිකෙළියේ පටන් දැන හුන් මිතුරියට ය.නමුත් ඔහුට මා අත...
ධීර මගේ අම්මාත් තාත්තාත් හමුවට යනතුරුම මේ සියල්ල රහසක් කරගන්නට මට ඕනෑ විණි.චමත්කාට ද කේතකීට ද සත්‍යය පවසන්නට මට නොසිතුණා නොවේ.නමුත් අම්මා සහ තාත්තා ධීර ගැන ගන්නා තීරණයකට එකඟ වන්නට මට ඕනෑ විණි.එය හදවතට සහනයකි.
පසන්,මගේ තෝරා ගැනීමකි.ඒකමතික තීරණයකි.ධීර මගේ අම්මා සහ තාත්තාගේ ද තීරණයක් වන්නට ඉඩ හරින්නට මට සිතිණ.
පසුවදා...
"ධීර.."
වාහන අතරින් හෝ පාර පැන ගන්නට තැත් දරන ධීරට ඔහු ඇමතී ය.මම නැවත පසුපසට හැරුණෙමි.ධීර නැවතිණ.ඔහු ආගන්තුකයාගේ මුහුණ දෙස බැලුවේ හිස් දෑසකිනි.
"දුවගේ ගෙවල් කොහෙද?"
ඔහු මගෙන් ඇසී ය.කුඩා කාලයේ බෙහෙත් ගන්නට වෛද්‍යවරයා වෙත ගිය විට හිස හරවා අම්මා දෙස බලන දෑසින්ම මම ධීර දෙස බැලීමි.
"එයා මෙහෙ නෙවෙයි.මෙහෙ බෝඩ් වෙලා ඉන්නේ.මං...
"අම්මා..මට වෙනම බත් එකක් බඳිනවද?"
සති අන්ත නිවාඩුවක් අහවරව නැවත බෝඩිමට යන්නට සූදානම් වන අතර මා අම්මාට බෙරිහන් දුන්නේ කාමරයේ සිට ය.අම්මා කෙසෙල් කොළයක් ද රැගෙන කාමරයට ආවා ය.
"ලොකුවට කෑම එකක් බැන්දා පුතේ. ඔයාලාට රෑටත් ඇති."
ඇය කියන්නී ය.එහෙත් මගේ අරමුණ වෙනත් එකකි.
"නෑ අනේ..මට වෙනම බත් එකක් ඕන.."
අම්මා කිසිත් නොකියා සිනාවකින්...
"මිනිස්සු දෙයක් අත අරින්න ඕන ඒක ඇත්තටම තමන්ට ඕන නැත්තං.."
බොහෝ වේදනාවෙන් හුන් මා දකින්නට ආ ධීර පැවසී ය.මම ඔහේ ඉවත බලාගෙන සිටියෙමි.ඔහු මේවා කියන්නේ ඔහුට විකාර පැවසූ පසන්ට ද හිටිහැටියේම ඔහුව ප්‍රතික්ෂේප කළ මට දැයි මට ඇති වූයේ කුකුසකි.එහෙත් ඒ ගැන ප්‍රශ්න කරන්නට මට සිත් දුන්නේ නැත.
"පසන් ඔයාව දාලා...
ආදරය හිටිහැටියේ ම අවසන් විය යුතු සිතුවිල්ලක් නොවේ.එය සදාකල් හදවත මිහිරකින් පුරවාලන සොඳුරුතම හැඟීමක් විය යුතු දෙයකි.නික්මෙන්නේ ඇයිදැයි නොකියාම නික්ම ගිය පසන් දුරකථනය එහා ඉම විණි.ඔහු එදා මට ඇමතුවේ බැන වදින්නට ය.අද ඇමතුම බැනුමක් වෙනුවෙන් නොවිණ.
"සාරා..මං හරි අවුලකින් ඉන්නෙ.මට හිතෙන්නෙ මේ සරනි හින්දා මං මෝඩම තීරණයක් ගත්තේ. "
සරනි කටු...
ඉනික්බිති උදා වූයේ මා තිගැස්මෙන් ද තරහින් ද ජීවත් වන කාලය ය.ඉතා සුළු කාරණාවකට පවා කෝප ගන්නට, රණ්ඩු කරන්නට මම උත්සාහ දැරිමී.බෙහෙත් පෙති අහකට විසි කරන්නට ඕනෑතරම් සිත් වූව ද එසේ නොකර ඉන්නට මට හේතුවක් තිබිණ.මා ඔහු වැනි මිතුරෙකු අවශ්‍ය නැති බව කියද්දී පවා ධීර පැවසුවේ එක් දෙයකි.
"බෙහෙත් ටික...