fbpx

පතොක් මලක ප්‍රේමය -30

“මිනිස්සු දෙයක් අත අරින්න ඕන ඒක ඇත්තටම තමන්ට ඕන නැත්තං..”

බොහෝ වේදනාවෙන් හුන් මා දකින්නට ආ ධීර පැවසී ය.මම ඔහේ ඉවත බලාගෙන සිටියෙමි.ඔහු මේවා කියන්නේ ඔහුට විකාර පැවසූ පසන්ට ද හිටිහැටියේම ඔහුව ප්‍රතික්ෂේප කළ මට දැයි මට ඇති වූයේ කුකුසකි.එහෙත් ඒ ගැන ප්‍රශ්න කරන්නට මට සිත් දුන්නේ නැත.

“පසන් ඔයාව දාලා ගියාට තාම ඉන්නේ ඔයා ඕනද නැද්ද දෙගිඩියාවෙන්..ආයේ එන්නම හිතුණොත් එන්න ඔයා තනිකඩව ඉන්නත් ඕන..මට ඇත්තටම කියන්න වචන නෑ ඕවට..”

ධීර එසේ කියා මඳ වෙලාවක් නිහඬව සිටියේ ය.පසන්ට සිදු වූ දේ සිතමින් මම බොහෝ වෙලාවක් නිහඬව සිටියෙමි.ඒ නිහඬ බව බින්දේ ද ධීර ය.

“ඔයා ඇත්තටම කැමති කාටද කියලවත් අදහසක් නැති මිනිහෙක් මටයි නිර්වාන්ටයි කතා කර කර ඔයාගෙන් ඈත් වෙන්න කියන එකම විකාරයක්නෙ සාරා.ඔයා කියනවා ඔයාගෙ අදහස් හරියටම තේරුණේ පසන්ටලු.ඔයා ආස දේවල් හරියටම දන්නවලු.එහෙව් මිනිහා මටයි නිර්වාන්ටයි දෙන්නටම කතා කරන්නෙ ඇයි?”

මා සැබෑවටම හදවතින් බැඳෙමින් හිඳින්නේ ධීරට ය.”නිර්වාන්ට කතා කරන්න දෙයක් නෑනෙ” යැයි ධීරට කියන්නට නොහැකිකමකින් මම පීඩා වින්දෙමි. එහෙත් ධීර කතා කරන්නට පටන් ගත්තේ ය.

“නිර්වාන්ට විතරක් කතා කරන්න ඕන එකක් මිනිහා මටත් කතා කරානෙ..මං ඉතින් පව් අසරණය කියල අහගෙන හිටියා..”

මම නපුරු කරගත් ඇස් දෙකකින් ධීර දෙස බැලුවෙමි.ඔහු අර සන්සුන් සිනාවෙන් කියවාගෙන යයි.

“නිර්වාන් මොකටද?”

“මට හිතෙනව ඇත්තටම ඔයාට ගැලපෙන්නේ නිර්වාන් කියල සාරදී..”

නිර්වාන් මට වඩා වයසින් බාල වග මම වහා පැවසුවෙමි.උස,පෙනුම, වයස,කුලමල සහ ජාති ආගම් තවමත් මේ කුඩා දූපතේ විවාහ යෝජනා වලට හරස් කපන්නට සමත් ය. ඉතින් මට ඕනෑ වූයේ ඒ සරල හේතුව ඉදිරියට දමන්නට ය.

“අවුරුද්දක් මොකක්ද? ඒ වගේ යැ ඔයාලා දෙන්නාගෙ ගැලපීම..”

ආන්ටීගේ මල් බඳුන් අතට අසුවන මානයේ ඇත.ඉන් එකක් ගෙන ධීරගේ මුහුණට අනින්නට මට ඕනෑ විණි.

“දෙන්නෙක් කසාද බඳින්න ඕන උදේ පාන්දරම දකින රූපෙ තමන්ගෙ ඇහැට කරදරයක් නැත්නම්, හවසට රස්සාව ඉවර වෙලා ඒ මනුස්සයා එක්ක එකට ගෙදර එන්න හිතෙනව නම්, එකට කුස්සියට වැදිලා උයන්න හිතෙනවනම්, ළඟට වෙලා නිදා ගන්න හිතෙනවනම්, ඔය ඔක්කොටොම ඔයාට නිර්වාන් හරියනව කියල මට හිතෙනවා..”

මම යමක් සක්සුදක් සේ පැහැදිලි කර ගතිමි.බොහෝ සුළු කාරණා වලට පවා දෑස් සිහින් කරගෙන රණ්ඩු අල්ලන සාරදී සමඟ මේ එකක්වත් නොහැකි බව ධීර වටහාගෙන අවසන් ය.එහෙත් ඔහුගේ බෙල්ලෙන් අල්ලාගෙන එය අසන්නට බැරිකමට මම අවඥා සහගත සිනාවක් නැගීමි.

සුළං සීනු

සුළං සීනු – 19

අහංකාර නගරේ

අහංකාර නගරේ -20

මන්දාරම් හැන්දෑවක

මන්දාරම් හැන්දෑවක – 2

සඳක් කළ සක්මන්

සඳක් කළ සක්මන් -17

ඔබට ඇහෙනව නම්

ඔබට ඇහෙනවනම් -17

පිනි සේල

පිනි සේල – 7

ඉඳුදුන්න

ඉඳුදුන්න -24

සුළං සීනු

සුළං සීනු – 30

Relationships පාට සේදුනු වත්සුනු

‘පාට සේදුණු වත්සුණු – 3

හේමන්ත සන්ධ්‍යා

හේමන්ත සන්ධ්‍යා -17

ඈත දුර ආකාසේ

ඈත දුර ආකාසේ -03

හේමන්ත සන්ධ්‍යා

හේමන්ත සන්ධ්‍යා -18

Mini Stories

ආදරය කියන්නේ රැවටීම නෙවෙයි.

අහංකාර නගරේ

අහංකාර නගරේ -25

මන්දාරම් හැන්දෑවක

මන්දාරම් හැන්දෑවක -32

ඔබට ඇහෙනව නම්

ඔබට ඇහෙනවනම් – 8

Mini Stories

මිය නොයන ආදරය

අහංකාර නගරේ

අහංකාර නගරේ -44

ඔබට ඇහෙනව නම්

ඔබට ඇහෙනව නම් – 1

සඳක් කළ සක්මන්

සඳක් කළ සක්මන් -01

“ලෙක්චරස්ලා මායි නිර්වානුයි එකට වයිවා, අසයිමන්ට් වගේ කිසිම ගෘප් ඇක්ටිවිටි එකකට එකට දාන්නේ නෑ ධීර.වැඩේ නවත්තලා මරාගන්නවා. එහෙම අපි දෙන්නගෙ හරි ෂෝක් ගැලපීමක්නෙ ඔයාට පෙනිලා තියෙන්නේ..”

ධීර හිනැහෙන්නට පටන් ගත්තේ ය.මට කියන්නට තවත් දේ තිබිණ.

“අනික නිර්වාන් රස්සාවෙන් ඉහළටම යන්න හීන දකිනව වගේම රියැලිටි එකකට ගිහිල්ල ස්ටාර් කෙනෙක් වෙන්නත් ආසාවෙන් ඉන්නෙ. එයාගෙ ඔය පෙනුමත් එක්ක ඕක හීනයක් වෙන්නෙත් නෑ.මං ආස නෑ එහෙම ෆේමස් මනුස්සයෙක් එක්ක ජීවිතේ බෙදා ගන්න..”

පසන් අපේ නගරයේ කෙල්ලන් අතර ජනප්‍රිය වූයේ ඉගෙනීමට දක්ෂයෙකු ලෙසිනි.එතරම් කඩවසම් නැති වුව ද ඔහුට ද ඒක පාර්ශවික පෙම් කරන්නියන් බොහෝ විණි.නිර්වාන්ට එය කිහිප ගුණයකින් වැඩි බව මා දැනටමත් දන්නා කාරණයක් ය.ඔහු මා සමඟම රැඳෙනවාට අකමැති කෙල්ලන් බොහෝ ය.

“හරි ආත්මාර්ථකාමීනෙ..ඔයා කීවෙ ඔයාට රයිටර් කෙනෙක් වෙන හීනයක් තියනව කියල.එතකොට ඔයත් ෆේමස් වෙනවනෙ..”ධීර සෘජු බැල්මකින් පැවසී ය.

“රයිටර්ස්ලා ලංකාවෙ ෆේමස් මිනිස්සු නෙවේ ධීර.කීයෙන් කී දෙනාද පොත් කියවන්නෙ.නලුවෙක්, ගායකයෙක්, ටීවී ප්‍රසන්ටර් කෙනෙක් වගේ පොතක් ලියන මනුස්සයෙක් අනිත් අය අඳුනන් නෑ. ඔයා හිතන්නකො ඔයාම එදා බුක් ෆෙයා එකේදී රයිටර්ස්ලා කීදෙනෙක්ගෙ ඇඟේ හැප්පුණාද..ඔයා අර එක ස්ටෝල් එකකදී මේ කවර් එක පොඩි, ලොකු කවරයක් දෙන්න කීවෙ අවෝඩ්ස් පවා ගත්තු කෙනෙක්ට..ඔයා හිතුවෙ ඒ පබ්ලිකේෂන් එක වැඩ කරන කොල්ලෙක් කියලනෙ..”

ධීර හිනැහෙමින් අසා සිටියේ ය.අනතුරුව ඔහු කතාවේ පීලි මාරු කළේ ය.

“ඔයාලගෙ ගෙදර කොහොම තැනක්ද සාරා..”

ඒ මා කතා කරන්නට කැමතිම මාතෘකාව ය.කඳුකර නිවහනක ආදරය උතුරා යන අන්දම ගැන මා බොහෝ වෙලාවක් ඔහුට පැවසුවෙමි.අම්මාත් තාත්තාත් ගැන මට දවසක්ම කියවන්නට දේ ඇත.ධීර ඒවා අසා හුන්නේ ද කැමැත්තෙන් යැයි මට සිතිණ.

“අපේ ගෙදර හරි ලස්සනයි..මාලක අයියා එක්ක එන්න දවසක..”

ඔහු මගේ ආරාධනාව පිළි ගත්තේ ය.සැබෑවටම ඔහු එහි රැගෙන යන්නට ආ ආසාව ද ජනප්‍රිය ගීතයක ඇති “දන්න කියන ගහකොළ මල්” පෙන්වන ආසාවද එකට සමපාත කරමින් මම තනිව හිනැහුණෙමි.

“මට ඔයාගෙ අම්මා බලන්න ආසාවක් ආවා.. ඔය කියපුව අහන් ඉඳලා.ගෙවල් නම් හැමතැනම තියනවනෙ සාරා. ගෙයක් ගෙයක් වෙන්නෙ අම්මා හින්දා. මේ අපේ වසන්තා ඇන්ටිම පේනවනෙ..”

ඔහු කියන්නේ කල්පනාකාරීව ය.පුටුවක පත බෑවී කුසීත ලීලාවෙන් හිඳින ඇඹුල්තියල් අයිතිකාරිය මට සිහිව ආවේ ය. මම ගමේගොඩේ ගැහැනියක අසන අන්දමේ ප්‍රශ්නයක් අසන මට්ටමට එක්වරම ඇද වැටිණ.

“ධීර, ඔයාගෙ තාත්තත් ඔයාට ආදරේ නැද්ද?”

ඔහු හිනැහිණ.ඒ ඔහුගේ මනරම් සිනාව නොවේ.පුහුණුවන නළුවෙකුට හුරු ආගන්තුක සිනාවකි.

“අපේ අම්මගෙ ඉස්සරල එක්කෙනා ඉන්නේ වෙන රටක.එයා හිතන්නෙ මං ගෙදර ඉන්න තාත්තගෙ කියල.තාත්තා හිතන්නෙනම් ඇත්තටම මං එයාගෙ කියල.ඒ නිසා එයානම් ආදරෙයි.අම්මා හිතන්නෙ මං පළවෙනි කසාදෙ ළමයෙක් කියලා..”

මට ජීව විද්‍යා දැනුම සිහියට ආවේ ය. නමුත් එවැනි පරීක්ෂණ කුමටදැයි ධීර අසන්නේ සිනාමුසුව ය.ආදරය තහවුරු කරන්නට එවැනි ඔප්පු කිරීම් කුමටදැයි සිතමින් මම ද කරබා ගතිමි.

එහෙත් ඔහු ආදරය ඇති ලෝකයක් ගොඩ නගා ගන්නට අපූරු මිනිසෙකු බව නොසිතා හිඳින්නට මට නොහැකි විණි.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content

error:
0
Would love your thoughts, please comment.x
()
x