ඉතා මන්දගාමීව ඉදිරියට ඇදෙන බස් රිය ගැන මට උපන්නේ තරහකි.දැනටමත් දෙකේ හෝරාව පසුව ගොස් ය.මගේ ගමනාන්තයට තව මඳ දුරක් ඇත.දේශනයක් අවසන් වී එන්නට තීරණය කිරීම නිසා මා ද පමා වූ බව සත්‍යයකි.එකසිය තිස් අට මාර්ගයේ බස් රථ විශ්වාස කිරීම ඊට වඩා අනුවණ ක්‍රියාවකි.
"ඊයෙ හොඳටම උණත් අරන් අද ආයේ යනවද?"...
තද අව්වක් මහරගම අහස මතින් කාන්දු වෙමින් තිබිණි. අහස තද නිල් පැහැයක් ගත්තේ ය. තැන් තැන් වල සුසුදු වළා කැටිති කිහිපයක් නිසොල්මනේ වැතිර තිබෙනු දකිත හැකි විය. බෝ ගසේ කොළ සිලි සිලි හඬ නංවමින් සුළඟ හා පොර බැදුවේ ය. ඒ සුසිල් සුළඟ නිසා, සූර්ය තාපයෙහි දාහය තවම ඒ හැටි...
සුපුරුදු ලෙස මට තදින් උණ ගත්තේ අප ප්‍රදර්ශන භූමියෙන් පිට වෙද්දී ම ය.හඬන්නට ඕනෑ මුත් නොහැඬෙන ස්වභාවය පැමිණි පසු මට මා පාලනය කර ගන්නට බොහෝ අපහසු ය.බස් රියට ගොඩ වූ වහා කේතකී මට ඇගේ උරහිසේ නිදන්නට දුන්නා ය.අපට පසුපස අසුනේ හිඳගත් චමත්කා නිර්වාන් සමඟ චටපට ගාමින් පසන්ට බැන වදින...
විකසිත වෙමින් තිබුන මල් කැකුළක් හිරු එළිය දකින්නත් කලින්ම මිලින වෙලා යනවා කියන්නේම මොන තරම් ඛේදාන්තයක්ද ?2015 වසරේ සිදුවූ ඒ ඛේදවාචකය ඔබට තවමත් මතක ඇති.අඳුරු රාත්‍රියකදි කාමාතුරයෙකුට හසුවී තටු සිඳී ගිය ඒ සමනලිය නමින් " සේයා සදෙව්මි "
අවුරුදු 4 මාස 11 වූ සේයා ගැන ඇයගේ මව්පියන්ට දහසකුත් බලාපොරොත්තු තියෙන්නට...
Americas Got Talent වේදිකාවට වයස අවුරුදු 11 ක කුඩා හුරුබුහුටි දරුවෙක් වයලීනයක් අත දරාගෙන ගොඩවෙනවා.මේ හුරුබුහුටි කළු ජාතික දරුවා දුටු පමණින්ම සියල්ලන්ගේම සිත් පැහැර ගැනීමට සමත් වනවා.ඔහු නමින් ටයිලර් බට්ලර්.නමුත් ඔහුගේ ජීවිතය අත රැඳි වයලීනය වාදනය කරන ගී තනු තරම් මිහිරි නැහැ .ඔහුගේ මුහුණේ තිබෙන්නේ තිබෙන්නෙ වේදනාවක්.
'මම පිළිකා රෝගියෙක්,ඒ...
පොත් සාප්පුව පටන් ගැනීම වෙනුවෙන් කළ යුතු වැඩ ටික කරන්නයි ඩෙස්මන් නිකිනි ට කීවා ය. ඒ සඳහා දැරිය යුතු පිරිවැය ගැන බිය නො විය යුතු බව ද ඔහු වැඩි දුරටත් ඇය ට දන්වා සිටියා ය. මිත්‍ර දන්නා හඳුනන බොහෝ පිරිසක් කලා ක්ෂේත්‍රයේ සිටියෙන්, ඔහු අවශ්‍ය කටයුතු සොයා බලා කර...
ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන කාලය පැමිණියේ ය.තාත්තා අතට දෙන මුදලත් මගේ පොත් කැටයත් ගෙන එහි යන්නට මට තිබුණේ පුදුම උනන්දුවකි.
"ඔන්න තාත්තා ටිකක් වැඩියෙනුත් එක්ක සල්ලි එව්වා.."
අම්මා එසේ කියද්දී තාත්තා හිනැහෙන හඬ මට ඇසේ.මම දුරකථන හඬ දිග ඇසෙන ඒ ආදරයේ හඬට ඇලී ගත්තෙමි.සියල්ල පසෙක දා ගෙදර දුවන්නට හිතෙන්නේ මෙහෙම වෙලාවට...
නිකිනි ගේ මුළුතැන්ගෙයි මේස මත ලීක්ස් හා ලූනු ගස් වැවුණේ ය. විසිතුරු වතුර බෝතලයක් මත ලූනු ගෙඩි තබා ඕ ලූනු පැළ හැදුවා ය. උයන ගමන් ලීක්ස් ගහේ මුල කොටස කපා යෝගට් බඳුනක දමා තැබීමෙන් ලීක්ස් ගස් කොළ නගා වැඩිණි. කැරට් අල වැලි බඳුනක සිටුවා ඕ ලස්සනට කැරට් ගස් වැව්වා...
නැවත නවාතැනට යන්නට ත්‍රීරෝද රථයක් නවත්වා ගත්තේ ධීර ය.ඔහු මා සමඟ එයට ගොඩ වෙද්දී මම ඔහු දෙස බැලුවෙමි.වචනයකුදු නොකීව ද ඔහු මා කියවා ගත්තේ ය.
"මාලකයත් එක්ක වැඩ වගයක් තියනව ඉවර කරන්න.."
ඔහු යන්නේ මාලක අයියා මුණ ගැසෙන්නට ය.මා කැටුව නොවේ.මා සමඟ මා හැරලන්නට එන්නට ඔහු මගේ කවුදැයි මම සිතිමී.එය ද...
Mini Stories
ලොව බලවත්ම කාන්තාවන් සියදෙනා අතරට එක්වූ ලාංකික සාගර විද්‍යාඥවරිය
චම්මි ඉරේෂා කරපුටුගල - 0
ලොව බලවත්ම කාන්තාවන් සිය දෙනා අතරින් 23 වන ස්ථානයේ සිය නාමය තබා ගැනීමට ශ්‍රී ලාංකික කාන්තාවක් සමත් වෙනවා.ඇය සාගර විද්‍යාඥ Asha De Vos.ඇය පාසල් කාලයේදී කැපී පෙනෙන දක්ෂතා සහිත සිසුවියක් නෙවෙයි.ඒ ගැන ඇය මෙන්න මෙහෙම පවසනවා."පාසලේ ත්‍යාග ප්‍රදානෝත්සවයේදී මට කිසිම තෑග්ගක් තිබුණේ නැහැ .මගේ මිතුරියන් තෑගි ගනිද්දී මම වේදිකාවෙන්...