තුරුලි එදෙස බලා හුන්නේ වේදනාවෙනි.දුකකිනි. ඇගේ දෑසේ බැල්ම නිවුන් සොයුරිය කියවා ගත්තා ය.
"අක්ක..ඔයාට දුකයිද?"
ඇය ඇසුවේ එනිසා ය.තුරුලි හිස සැලුවා ය.
"මට දුකයි නංගි..මේ මනුස්සයට මෙච්චර ඉක්මනින් තව කෙල්ලක් අහු උනාට දුකයි.මේ මනුස්සයා තමන්ගේ පරණ ගති අතෑරලා නැතුවට දුකයි.අපි මේ මනුස්සයට දීපු සමාව මේ මනුස්සයා පාවිච්චි කරන විදිය ගැන දුකයි.."
තුරුලි කියවාගෙන...
"සහෝදරයෙක් සහෝදරියක් කියන්නෙ මහ පුදුම හයියක් මෙව්නා. මං ඒක හොඳට දන්නව. ඒකයි මං කවදාවත් ශෙනාලි මගෙ දරුවෙක් නෙවෙයි කියල වෙනසක් නොකළෙ. ඒ තුන් දෙනා සහෝදරයො වගේ එකට ඉන්න එක දැන් නැතත් අනාගතේදි අපි නැති කාලෙක වුණත් ඒ තුන් දෙනාටම හයියක්. ළමයිනං කාගෙ වුණහම මොකද දරුවො...අපේ හිත් වලින් තමයි අපි...
එරංගා එදා නිවසට යන්නට පාරට බැස්සේ කසුන් සහ තුරුලි පැවසූ දේවල් සිහි කරමිනි.ඇයට ඒ සියල්ලම සිහි වූයේ ඇදට ය.නුහුරට ය.
"කසුන් කියන්නෙ මොකෙක්ද, හැමදාම උයා පිහාගෙන බෑන්ක් එකට එන මිනිහෙක්.ඕක ලෙඩක් යැ.ප්‍රෙග්නන්ට් උනා කියල ගෑනියෙක්ට නැගිටල උයන්න බැරිද.."
ඔසප් වේදනා දරා ගත නොහැකිව බෙහෙත් පෙති අහුරු ගණන් ගිල දමන ඇය එසේ...
"හේමලතා"
ජයශාන්ත මහතා අප කාටත් ඇසෙන සේ කීවේ ය. සිතිජ ත් නෙළුම් නැන්දා ත් රියෙන් බැස සිටිනු මා දුටුවේ යන්තමිනි. මගේ හදවත ගැස්ම නතර වී තිබුණේ ය. හුස්ම ගත්තා ද කියා මට නිනව්වක් වූයේ ම නැත. අප සියලු දෙනා මගේ ජීව විද්‍යාත්මක මවත්, සිතිජ ගේ පියා ත් දෙස බලා උන්නේ...
තුරුලි ඉතා කාර්යබහුල කාර්යාලීය හෝරාවන් කිහිපයකට පසු දිවා ආහාරය ලබා ගන්නට නැගී සිටියේ වෙහෙසිනි.කසුන්ගේ වැඩ අහවර වී දැයි බලන්නට ඈ දෑස් ඔබමොබ යැවුවා ය.ඇගේ කිට්ටුවන්තම මිතුරන් අතරට දැන් එකතු වී ඇති කසුන් බොහෝ විට දිවා ආහාරය ලබා ගන්නට ඇය සමඟ එකතු වේ.වින්ද්‍යාගේ නීති සහය නොලැබිණිනම් ඇයට ආදිත්‍යගෙන් මෙතරම් ඉක්මනින්...
ගමේ ජීවිතය හා නගරයේ ජීවිතය අතර වන බෙදුම් රේඛාව කොතැනක පවත්නේ දැයි නිවැරදි ව දකින්නට මට ඕනෑ විය. නමුත් එසේ කිරීම හිතන තරම් පහසු නැතැයි අන්තිමේ මම නිගමනයකට ආවෙමි. ගම් වල ජීවත් වන මිනිසුන් බෝසත්වරු සහ නගරයේ ජීවත් වන්නන් දේවදත්තයන් යයි කියන්නට මට නුපුළුවන. ගැමි ගෙවල් ඇතුළේ රහස් ඕනෑ...
ඔරලෝසුවේ කටු කරකැවෙන්නේ බොහෝ වේගයෙනි.ඉතා වේගයෙන් කාලය ගෙවී යන්නේ බොහෝ සිදුවීම්වලට සිදු වී අහවර වන්නට ඉඩ ඉතිරි කරමිනි.තුරුලිගේ ජීවිතය වඩා නිස්කලංකව සහ කාර්යබහුලව ගෙවී යමින් තිබූ කාලයක ඈ අවන්හලකට වී බලා හුන්නේ අරුණි සමඟ ය;අමුත්තෙකුගේ බලාපොරොත්තුවකිනි.
ආදිත්‍ය පැමිණියේ පුරුදු අහංකාරයෙන් නොවේ.කෝල බවකිනි.බොහෝ කාලයක් පාගාගෙන චන්ඩිකම් වලින් මට්ටු කරමින් හුන් යුවතියට...
උදේ බඩ ඉරිඟු පුච්චා කෑ අපි වත්තේ ඇවිද්දෙමු. ඇල කණ්ඩි දිගේ ඇවිදින්න ට ගියෙමු. සිතිජ ට ගම්මානය බලන්න ට ඕනෑ වූයේ ය. වගා ඇලක බැස නාන්නට ද ඕනෑ වූයේ ය.
නෙළුම් නැන්දා කිරි අම්මා එක්ක එකතු වී ගමේ කෑම හදන්න ට ඉගෙන ගත්තා ය. වට්ටක්කා දලු මාළුව, ඇය හෝ මීට...
"ඔක්කොම නඩු ඉවර වෙලා ආදිත්‍ය එනකන් ඔයා බලන් ඉන්නවද?"
රොෂේන් රශ්මිගෙන් ඇසුවේ ආදිත්‍ය ඇප ලබා නිවසට ආ දිනයේ ය.තුරුලි දෙවුර ගස්සා රොෂේන් දෙස බැලුවේ අපහාසාත්මක මුහුණකිනි.
"ඔය නඩුව කොච්චර කලක් ඇදෙයිද දන්නවයැ"
ඇය එසේ කියා ජංගම දුරකථනයට මුහුණ ඔබා ගත්තා ය.නමුත් රොෂේන්ට මාතෘකාව තවදුරටත් ඇදගෙන යාමේ උවමනාවක් දැනිණ.
"කිඩ්නැප් සීන් ලේසි නෑ. තුරුලිගෙ...
ගමේ අපේ ගෙදරට මීට පෙර කවදාවත් මෝටර් රථයක් පැමිණ නැති බව මට සහතික ය. මිදුලේ නැවතුණ සිතිජ ලා ගේ රිය දැක කිරි අම්මා ඒ තරම් තිගැස්සුණේ එනිසාවෙන් යයි මම සිතමි. අහල පහල වූ ගැහැනු පිරිමි ද වැට අයිං වල සිට කොකම් පානවා මම දුටිමි. මිදුලේ වේලෙන්නට දැමූ කහ ටික...