(අ)හිමි සිහින -110

සංසාර ගනුදෙනු!

මේ මම ජීවිතය තුළ තරයේ විශ්වාස කරන දෙයක්.මම මට මුණ ගැහෙන කිසිම කෙනෙකුට වරදක් නොකරන්නට උත්සාහ ගන්නා කෙනෙක්.අසංක සමඟ ජීවිතය එක්ව ගමන් කරන්නට නොහැකි නිසා වෙන් වූවාට ඔහු මා සමඟ අමනාප වී තිබුණේ නෑ.ඒ මම ඔහුගේ අම්මාට කළ අප්‍රමාණ දේවල් ඔහුට මතකයේ තිබූ නිසාම වෙන්නට ඇති.මම ඔවුන්ගෙන් කිසිම දෙයක් නොගෙන හිස් අතින්ම යන්නට යාම ගැන ඔහුට වේදනාවක් තියෙන්නට ඇති.

මම සුධාරකට නැවත ළං වුණේ ඔහුගේ ජීවිතය විනාශ වෙමින් යනකොට ඒ ජීවිතය ගොඩ නගන්නට කියන දේ මම තදින්ම විශ්වාස කරන දෙයක්.ඔහු විනාශ වෙනවා මට බලාගෙන ඉන්න බැරි වුණා.ඒ මම මේ ජීවිතය තුළ වඩාත් ආදරය කළ මිනිසා.ඔහු ආර්ථිකවත් මානසිකවත් පිරිහෙන අන්දම මට දරන්නට අපහසු නොවුණානම් මම ඔහුට නැවත ළං වෙන්නේ නෑ.ඒත් සමහරවිට මම පෙරාත්මයේ ඔහුට තිබූ ණයක් හෝ සංසාර ගනුදෙනුවක් වන්නට ඇති.

අප නැවත මුණ ගැහුණාම සුධාරක මගෙන් නිතර ඇසූ පැනයක් තියෙනවා.

“ඇයි අපි එක තැනකදි වෙන් වුණේ??”

මම එතකොට ඔහුට මෙහෙම කීවා.

“අපි දෙන්නගෙ යම් වෙන් වීමක් තියනවානම් අපි එහෙම වෙන් වෙලා හිටිය එක හොඳයි.ඔයයි මමයි මරණයෙන් මිසක් වෙන් නොවන බව අපේ කේන්දරවල තියෙනවා නේද? අපි දෙන්නා වෙන් වෙනවානම් වෙන් විය යුත්තේ මරණයකින්.එතකොට අපි එකට හිටියානම් ඔයා රස්සාවේ ස්වභාවය අනුව මැරෙන්නත් තිබුණා.මේ තාවකාලික වෙන් වීම නිසා ඔයා ජීවත් වෙනවා.ඒ මදිද?”

අපේ කේන්දරවල එසේ සඳහන් වුණා.”අපි මරණයෙන් මෙපිට ස්ථිර වෙන් වීමක් නෑ” ඒ හැමතැනකම එහෙම කිය වුණා.සෑම ආත්මයකම අප මුණ ගැහෙන වගත් ඒවායේ කියැවුණා.

එය ඇත්තක් වෙන්න ඇති.අපේ බැඳීම අතිශය ප්‍රබල මානසික බැඳීමක්.

සංසාර ගනුදෙනු සිදු වන්නේ අපි සසර තුළ කරගන්නා දේවල් නිසා කියලා මට හිතෙනවා.අපිට වෛර කරන මිනිසුන් ද ප්‍රේම කරන මිනිසුන් ද අපට ළං වෙන්නේ අප සංසාරය තුළ එක් රැස් කර ගත් දේවල් නිසා.මං පිළිබඳව හිතුවොත් පෙර ආත්මයක මම කරගත් දෙයක් නිසා මට මේ ආත්මය තුළ ආදරය හරිහැටි නොලැබී යන්නට ඇති.

“මම කලින් ආත්මෙක කුරුලු කූඩුවකට ගලක්වත් ගහන්න ඇති මෙහෙම වෙන්න.”

මේ ජීවිතය මට අප්‍රමාණ දුක් කම්කටොළු දෙනවිට මට එසේ කල්පනා වී තිබෙනවා.හිත් වේදනා කියන්නේ අපි පෙර ආත්මයේ රැස් කරගත් කුමක් හෝ දෙයක් වග මම තරයේම හිතන දෙයක්.

ඒ සංසාර ණය කෙසේ හෝ ගෙවා දැමීම එක් අතකට මානසික සහනයක්.ඒවා ගෙවා කෙළවර කර ගැනීම ඒවා ඊළඟ ආත්මයට රැගෙන නොයන්නට හේතුවක් වග මම හිතනවා.

මේ ජීවිතය තුළ අතිශය කටුක තැන්වල මා රැක ගන්නා කුමක් හෝ බලවේගයක් ඇති වග මට දැනුණු තැන් තිබෙනවා.ඒ අසංකගේ අම්මා වග මට නිරන්තරයෙන්ම සිතී තිබෙනවා.

“ඇහැට නොපෙනෙන විස්තර කරන්නට නොතේරෙන දේවල් මොනතරමට තියනවද?”

ඕනෑතරම් තියෙනවා! අපි ලෝකයට ලබා දුන් දේවල් පෙරළා අපිට නැවත ලැබෙනවා.සංසාරයේ දිනක කළ කී දේවල් අපට කෙසේ හෝ ගෙවා දමන්නට සිදු වෙනවා.

දිල්හානිගේ පිටව යාමත් එක්ක මමත් සුධාරකත් සැනසිල්ලේ ජීවත් වෙන්නට සිතුවාට එය එතරම් සාර්ථක සිතුවිල්ලක් වූයේ ද නෑ.අපේ ජීවිත මත සැප දුක චක්‍රයක් ලෙසින් ක්‍රියාත්මක වෙමින් තිබුණා.

මේ සුන්දර ජීවිත කතාවක් ද නෙවෙයි. ඒ අසුන්දර සහ අතිශය වේදනාවෙන් පිරුණු කතාවත් මම ඔබට කියන්නම්.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

ශරදාකාසේ -35

එවක් පටන් දෙතුන් දිනක් යන තෙක් නිශාමනී සිටියේ නිර්වින්දිත තත්වයක ය. ඇය ආයතනයේ රැකියාවට ගියා ය. යන ගමන් එසඳිව පෙර පාසලෙන් දමා...

කෑම පෙට්ටිය

“අම්මා මේ,” පාසැල් ගොස් මහන්සියෙන් මුත් සිනහසෙමින් පැමිණෙන දෝණි සුපුරුදු පරිදි කෑම පෙට්ටිය මට දිගු කරන්නේ මා ඒ ගැන...

වැඩිහිටියන්ගේ නොසැලකිලිමත්කම නිසා මිලිනව ගිය තවත් පුංචි මල් කැකුළක්.

බණ්ඩාරගම අටලුගම සිදු වූ අට හැවිරිදි පුංචි අයිෂාගේ ඝාතන අපරාධය මේ මොහොතේත් ලාංකිකයක් කම්පාවට පත් කිරීමට සමත්. මේ සටහනෙන්, ඒ සිදුවීමෙහි පසු...

හිමගිරි අරණ -20

"ඔයා කියන විදියට නම් වැඩ කරන්න බෑ රවිඳු.එහෙම ගිය මනුස්සයෙක්ට ආදරේ කරලා මොකටද?" පාරමී වහා එරෙහි වූවා ය.සහන් සමඟ...

ශරදාකාසේ -34

"විකාර නැතුව ඒ මහත්තයව බැඳපං පංචලී. මොන දේ වුණත් නීතියෙන් බැඳගන්න එකේ වාසිය ගැනයි හිතන්න ඕනෙ. මන් දන්න සෑම්පලේ ගෑනුනං හිතන්නෙ ඒ...