"ලොකු උනාම කවුද වෙන්නේ?"
හැම පොඩි දරුවෙක්ම මුහුණ දෙන ප්‍රශ්නය.ඩොක්ට කෙනෙක්, ටීච කෙනෙක්, ලෝයර් කෙනෙක් වගේ විවිධ උත්තර ලැබෙන ප්‍රශ්නය.මම හැමදාමත් ඒ ප්‍රශ්නයට දුන්නේ එකම උත්තරයක්.
"මට ඕනෑ නිළියක් වෙන්න."
ඒ උත්තරේට ලැබුණු ප්‍රතිචාර නම් ඒ තරම් හොඳ නෑ.ඒක ගෑනු ළමයෙක්ට නොගැලපෙන හීනයක්.සමහරු එහෙම කිව්වා.පුංචි කාලේ කියපු කතාව තවදුරටත් නොගැළපෙනවා කියලා මගේ...
මං පුස්තකාලයට ගොඩ වුණේ හැන්දෑවෙ තුන පහුවෙද්දී .පුස්තකාලය වහන්න පැය දෙකක්ම තියෙන නිසා නිදහසේ පොත් තෝරා ගන්න මට ඕන තරම් වෙලාව තිබුනා. සතියේ දවසක් නිසා ඒ තරම් සෙනඟ නොහිටිය පුස්තකාලෙ මගේ හිතට ගෙනාවේ සැනසිලිදායක හැඟීමක්. පොත්වල සුවඳ තැවරුනු රාක්ක අතර මං ඇවිද්දේ කියවන්න පුළුවන් විදිය නවල් එකක් හොයන්නයි ....
පාන්දර හිරු එළිය හොඳින් වැටී තිබුණේ ත් නැත. රාත්‍රිය දිගු වන එහෙව් ඍතු තිබේ. ඒවා අපට සංවේදී වන්නේ හරි අඩුවෙනි. මම පොත් බෑගය පිටේ එල්ලා ගෙන පාරට බැස්සෙමි. හයිලෙවල් පාර තෙක් කෙටි දුරක් බසයක යා යුතු ය. එතැන් සිට පාසල් බස් රියෙහි ගමන් කිරීම සාමාන්‍යයෙන් මා පාසල් යන ක්‍රමයයි....
"අපේ අක්කගෙ කොලුවා ඊයේ කෙල්ලක් උස්සන් ආවනෙ"
අපේ ගෙදර අත් උදව්වට ඉන්න මල්ලිකා ගෙට ගොඩ උනේ එහෙම කියාගෙන.නරියෙක් කුකුල් පැටියෙක් උස්සන් ආවා වගේ සරල කතාවක්. අම්මත් මමත් මූණට මූණ බලා ගත්තා.
"කෙල්ලගෙ ගෙදරින් හොයයි කියලා අපේ ගෙදරනේ තියාගත්තෙ.මාත් ටිකක් පරක්කු වුනේ ඒකයි නෝනා"
ආදරයකට උදව් කරන එක නරක වැඩක් නෙමෙයි.ඒත් මට මතක...
"මොකක්! කවුද ඔය විකාර කිව්වෙ…"
අවිශ්ක අසන්නේ සසැලෙන අතර ය.අමන්දී හඬ නඟා හිනැහුණා ය. අවිශ්ක කාලයක් තිස්සේ හිත පෑරූ යමක් ගැන බියට පත් විය.
"අර දෙකේ ඇලේ සුමනා මාර කතා කියන්නේ අප්පා.ඔයාලගෙ අම්මා එකපාරක් සීනි මතුරලා සුරේකට පිස්සු වැට්ටුවලු..ඊට පස්සෙ ආයේ පාරක් මට දුන්නලු..මාව වශී කළාලු.අනේ මොනවද අවිශ්ක මේ කතා?"
එහෙත් ඔහු...
අපේ කැදැල්ල ආදරය උතුරා යමින් තිබූ තැනකි.සතුට බෝ වූ තැනකි.අප සෑම මොහොතක්ම ගෙවූයේ සතුටිනි.ආදරය සහ සතුටට නිදසුනක් ඕනෑ නම් අපේ පවුල එයට ප්‍රමාණවත් විණි.
මමත් වරුණත් හඳුනා ගත්තේ සරසවියේ දී ය.සියල්ල සතුටින් අහවර විණි.අප විවාහ වී අපේම නිවසක් ඉදි කළෙමු.කුඩා දියණිය අපේ ලෝකයට සතුට රැගෙන ආවා ය.ඇයට දෑවුරුද්දක් වෙද්දී අක්කා...
ඉනික්බිති ඔහු සඳැල්ලෙහි සිටිනවා මා දුටුවේ ම නැත. වැසිකිලිය පාවිච්චි කිරීමට මා පිටතට ගියේ ඉතා හොඳින් විපරම් කිරිමෙන් අනතුරුව ය. ඒ මුළු කාලය පුරා හදවත විසින් දරා ගත් සංවේදනයන් හි තිගැස්සුම් සර මට කිසි දා පැහැදිලි කොට කිව නො හැකි ය!
"පූජාව හුඟක් දවසකින් දැක්කෙ නෑ"
දවසක් අපේ ගේ දොරකඩට ම...
"එහෙ ඉන්නව මෙහෙ පුතාගෙ කලින් ගෑනු ළමයා.."
ගැහැනිය වඩා සමීප වන්නේ විස බඳුන දෝතින්ම රැගෙන ය.අමන්දී බලා හුන්නේ අකම්පිත සිනාවකිනි.
"ඒ සම්බන්දෙ කඩන්න මෙහෙ මහාමණ්ඩි නොකරපු දෙයක් නෑ..දුවට කියන්න මාත් එක්කම ගලේ දේවාලෙට කී ගමනක් ගියාද? ටැට්ටරයක් ගන්න තරමේ සල්ලියක් නාස්ති කොර ගත්තා.."
අමන්දීට දැන් දැනෙන්නේ විනෝදයකි.ඊයේ තමන්ගේ උකුල මත හරිබරි ගැසී...
තේ බී යන්නයි නෙරංජලා ගුරුගේ මට පෙරැත්ත කළා ය. වරක් මා ප්‍රතික්ෂේප කළත් ඇගේ ඇවිටිල්ලෙහි නිමක් නොවූ නිසා කර බා ගන්නට මට සිදු විය. ඈ තේ පිළියෙල කරන තෙක් පොත් බලන්නයි කී ඕ තොමෝ මා එහි තනි කොට දමා පහළ මාළයට ගියේ මා පිළිබඳව කිසිදු අවිශ්වාසයකින් හෝ සැක බියකින්...
"ඇත්තටම විඳවන්නේ අපි.."
අවිශ්ක ශෝකි ස්වරයෙන් එසේ පැවසී ය.
"ඔයාලා තමන්ගේ ජීවිතෙන් පලි ගන්න නරකම දේවල් තෝරා ගත්තා.ඒ අනිත් කෙනාට රිද්දන්නනෙ..මං හිතන්නෙ ඔයාලා සාර්ථකයි.සුරේකා ඉන්න හැටි දැක්කම මටනම් රිදෙනව.."
අමන්දී සුසුමක් සමඟ ඔහු වැලඳ ගත්තේ ය.අතීතයේ සිදු වූ වරදක් ගැන තැවෙන්නට හැමෝටම නොහැක.නමුත් ඔහු තැවෙයි.ඒ අතින් ඔහු උතුම් බව අමන්දී සිතුවා ය.
"අවිශ්ක…ඔයාට...