පස් වසකට පසු;
උදෑසන බෙහෙවින් කලබලකාරී ය. දිසත් හා අමාරසී රැකියාව සඳහා පිටත් විය යුතු ය. ඔවුන් ගේ සිව් හැවිරිදි දියණිය පෙර පාසල් යයි. වසරක පුතු ගේ සියලු කටයුතු ද සිදු කොට තබා යාම අමාරසී අතින් සිදු වේ. ඇය අවදි වන්නේ අළුයම ය. දෙන්නාට...
බටහිර අහසේ ගිනි රත් පැහැයක් තැවරී තිබිණි. කහ, තැඹිලි, නිල් හා රෝස වන් පැහැයන් ඒ අතර රටා මවා තිබුණේ මනරම් දසුනක් ගෙන හැර පාමිනි. සුඛෝපභෝගී සමුද්‍රාසන්න හෝටලයේ ඉහළ ම මහලක ලොකු වීදුරු පව්රෙන් එපිට සිතිජ සීමාවෙහි නෙතු රඳවා ගෙන උන් අමාරසී, රතු බෝල හිරු ඈත සයුරේ ගිලි...
කේෂි ට ඖෂධ සේ ම උපදේශනය මගින් ද ප්‍රතිකාර ලබා දෙන ලදී. මේ බව දැන ගත් වේලේ දිසත් පරාක්‍රම ට කතා කොට කේෂි ගේ සුව දුක් විමසීම සඳහා ඔවුන් ගේ නිවසට ගියේ අමාරසී ද සමගින් ම ය. කේෂි පරාජිත ව සිටියා ය. සිය බිරිඳ ලෙස වසර කිහිපයක්...
විවාහයට පෙර පවුලේ සියලු දෙනා ගෙදරට කැඳවා කෑම වේලක් දෙන්නට අමාරසී තුළ ආශාවක් ඇති විය. එහි පරමාර්ථය වූයේ සිය සොයුරාටත් සොයුරියටත් දිසත් හඳුන්වා දීමයි. ඔවුන් සිටින්නේ ඔහු ගැන වැරදි අවබෝධයක බව ඇය දැන සිටියා ය. විශේෂයෙන් ම තාත්තා සිටින වෙලාවල් මගහැර කලාතුරකින් ගෙදර එන අයියා යළි පවුල...
උදෑසනට කාර්යාල පරිශ්‍රය අතිශය කැළඹිලි සහගත ය. දහස් ගණනක සේවක සේවිකාවන් පිරිසක් කම්හල වෙත එති. අලුත් දවසක් වෙනුවෙන් හැම මුහුණක ම වන්නේ බලාපොරොත්තු සහගත උද්යෝගයකි. හැම හිතක ම වාගේ වන්නේ කාර්යක්ෂමතාව ගැන සිතිවිල්ලකි. ඔවුන් ට ඉලක්ක තිබේ. දවසේ නිම කළ යුතු ඇඟළුම් ප්‍රමාණය ගැන ඉලක්ක! ජීවිතයේ හීන...
වසරකටත් වැඩි කාලයකට පස්සේ හමඅ වෙන්නට අවසර ලද පෙම්වතුන් යුවලට මඳක් තනි වෙන්නට ඉඩ දී අජිත් ගෙතුළට යන්න හැරුණේ ය. උනුන් වෙත යොමු කර ගත් බැල්මෙන් සිටි අමාරසී හා දිසත් ඔවුනොවුන් වෙත යොමු වූයේ කාන්දම් ක්ශේත්‍රයකට ඇදී යන ලෝහ අංශු සේ ය. ඔහු ඇය ව සිය ළයෙහි...
පිය ගැට පෙළ නැගෙන්නට පෙර ම පරාක්‍රම ගේ ඇස් හා බැල්කනියේ උන් දිසත් ගේ ඇස් එක මොහොතකට හමු විය. පරාක්‍රම ගේ මුහුණේ වූයේ පශ්චත්තාපයකි. ඇස් වල ගැඹුරේ වූයේ ගැඹුරු දුකකි. හෙතෙම හිස පහලට හරවා ගෙන කිසිදු උද්යෝගයකින් තොර අලස ගමනකින් පිය ගැට පෙළ නැග ආවේ ය. ඇවිත්...
දික්කසාද නඩුව පැවැත්වීගෙන ගිය කාලය තුළ කේෂි ගේ මනස තුළ ඇති වෙමින් පැවති විපර්යාසය ඇය පීඩනයට පත් කරන්නකි. සෑම නඩු වාරයකදී ම පැමිණිල්ලේ නීතීඥවරයා ගේ හරස් ප්‍රශ්න නිසා ඇය අසාමාන්‍ය ලෙස පීඩාවට පත් වූවා ය. දෙමාපියන් හා තවත් දන්නා නො දන්නා බොහෝ අය ඉදිරියේ ලැජ්ජාවටත් අපහසුතාවයටත් පත්...
දිසත් විසින් සිය නීත්‍යානුකූල විවාහය අවලංගු කිරීමේ නඩුව සඳහා පෙනී සිටින්නට නීතීඥවරයාට බලය පවරන පෙරකලාසි ලබා දීමෙන් පසු, ශ්‍රී ලංකාවේ දික්කසාද නීතියට අනුව දිසත් හා කේෂි ජීවත් වූ වෛවාහක නිවස අයත් බල ප්‍රදේශයෙහි දිසා අධිකරණය තුළ නඩුවක් ගොනු කෙරිණි. ඉන් පසු පිස්කල් මාර්ගයෙන් කේෂි වෙත සිතාසි යොමු...
මිතුරියන් තිදෙන සිටියේ දිවා ආහාර ගැනීමෙන් පසු බැල්කනි වැටට බර වී ගෙන කතා කරමිනි. දිවා ආහාර විවේකය පැයකි. දිලිනි ට සේ ම තරුෂි ට ද කන්නට විනාඩි දහයක් වැඩි තරම වුණත් අමාරසී කන්නේ හෙමිහිට ය. මිතුරු දම් වල ඇරඹුමේ සිට ම අනිත් දෙන්නා අමා ගේ මේ බත්...