කදෝකිමි ඇස්

කදෝකිමි ඇස්
"ඔයාට මාව එපානම් මෙච්චර කල් නොගෙන ඒක කියන්න තිබ්බා." මේඝ නේහාගේ ඒ වචන අසා සිටියේ ඉවසිලිවන්ත ලෙස ය.තාත්තා නේහාට කතා කළ බව දැන සිටි නිසාම ඔහුට නේහා සමඟ පහසුවෙන් ගනුදෙනු කළ හැකි බවක් දැනුණි.නේහා සිටින්නේ තරහින් ද ශෝකයෙන් ද යන්න මේඝට තෝරා ගන්නට නොහැකි ය.නමුත් මේ කතාව මෙතැනින් නැවතිය යුතු...
කදෝකිමි ඇස්
"වෙඩින් එකක් ගන්න මේඝගේ කිසීම ලෑස්තියක් නෑ." නේහා ආවේ එසේ කියමිනි.ලක්ෂි සුපුරුදු පරිදි කෝප ගන්නට සැරසෙද්දී මහේන් නේහාට හිඳ ගන්නැයි සන් කළේ ය. "පුතා.." ඔහු නේහාව ඇමතුවේ ළතෙත්ව ය.දියණියක නැති බව ඇත්තකි.එහෙත් ආරණ්‍යා කෙනෙකුට උපත දෙන්නට සිහින මැවූ යොවුන් මහේන් හදවතෙහි සිටිනතුරුම මහේන් දියණියන් ගැන බලන්නේ ආදරයෙනි.දූෂණයට ලක් වූ දැරියන් සම්බන්ධ නඩු...
කදෝකිමි ඇස්
"ඊටපස්සෙ මම මහේන් එනකම් හරියට පාර බලන් හිටියා.අම්මගෙ ක්ලාසස් දවසට මල්වලට වතුර දාන වැඩ එහෙම මම කළේ හරි කැමැත්තෙන්.මහේන් යන්න කලින් කතා කරලා යන වචන කීපයත් මට හරි සහනයක් වුණා.." බොහෝ අසීරු දවස් ගෙවා දමන කාලයක අනුන්ගේ මඳහසක් වුවත් ජීවත් වීමට හේතු සපයන තැන් ඕනෑ තරම් ය.මේකලා සිටියේ ඒ සිහිනයේ...
කදෝකිමි ඇස්
මේකලා මායාදුන්න ද මායාදුන්න යුවළ ද එකල සිටියේ මහත් වූ පීඩාකාරී සමයක් ගෙවමිනි.තිසර මායාදුන්න නම් සුන්දර නව යෞවනයා ඔහුටම අනන්‍ය වූ කුඩා සහ සුන්දර ජීවිතයක් තෙළෙස් වසරක් තිස්සේ ගෙවා යන්නට ගොස් තිබිණ. "ලියුකේමියාව හැදුණම දරුවෝ බේරා ගන්න අමාරුයි." වෛද්‍ය විද්‍යාව දන්නා අය ද නොදන්නා අය ද මායාදුන්න පවුලේ හිත් හදන්නට එසේ...
කදෝකිමි ඇස්
"මහේන් තමයි.." මේකලා කිසිවක්ම නොකියා නිහඬවම සිටියා ය.උගුරෙහි සිරව යන ඉකිය පිටතට එන්නට ඉඩ දෙන්නට නොහැකි ය.වීදුරු බිත්තියෙන් එහා සිටිනා යෞවනයා තමන්ගේ කඳුළු දකිනවාට මේකලාගේ කැමැත්තක් නොවේ. "මිනිස්සු අඬන්න ඕන.පිරිමි ළමයෙක් වුණත් අඬන්න ඕන.ඕනෑම කෙනෙකුට තමන්ගේ හැඟීම් පළ කරන්න පුලුවන්.අඬනව කියන්නේ ලැජ්ජාවට කාරණාවක් නෙවෙයි පුතු.." මේකලා සඳරැස්ට එසේ කියා ඇත්තේ ඔහු බොහෝ...
කදෝකිමි ඇස්
මේකලා සිටියේ ඇගේ ලියන කුටියට වැදී ලියමනෙහි ය.මධ්‍යම රාත්‍රිය උදා වී තිබිණ.ඈ සිහින දුටු අන්දමේ ලියන කාමරයක් උඩු මහලෙහි තනා දුන් පසු ජාලියට කියන්නට සරදම් සහගත කතාවක් තිබිණ. "තරු බලන්නයි හඳ බලන්නයි කණා මැදිරියෝ අල්ලන්නයි කිය කියා ඔයා ඔහොම ලයිබ්‍රි රූම් එකක් හදා ගත්තට ඒකෙ ඉන්නෙනම් නෑ මැණිකේ.." ජාලිය එය ස්ථිර...
කදෝකිමි ඇස්
"මට ඇත්තටම හිතෙනව ඔයා මෝක්ෂ ගැන ආදරෙන් ඉන්නව කියල.." මේඝ සිතෙහි ඇති අනියත බිය ඇයට හෙළි කළේ ය.නමුත් මේවා අසන්නේ ඇයිදැයි ඈ ඇසුවහොත් විදුකගේ භාෂාවෙන් "රෙදි ඉල්ලෛ" වන බව මේඝ නොදන්නවා ද නොවේ. "ඔහොම ප්‍රශ්න තියෙන්නේ සහස්ට.." ආරණ්‍යා ලියා එවූයේ තවත් බෝම්බයකි.මේඝ පිළිතුරක් නොදීම ආරණ්‍යාගේ ෆේස්බුක් ගිණුමේ සහස් සිටින්නේ කොතැනදැයි විමසී ය.ඇගේ...
කදෝකිමි ඇස්
මහේන්ට දැනුණේ පඹ ගාලක පැටලී ගත් හැඟීමකි.නේහා සහ මේඝ අතර සම්බන්ධයේ කෙළවරක් දකින්නට පුතුට උදව් දෙන්නට ඔහු සිතමින් සිටියේ ය.ඔහු වෙනත් යුවතියක හා ප්‍රේමයකින් නම් තරුණ සිතිවිලිවලට බාධා නොකර මේඝ තේරුම් ගන්නට පවා ඔහු සිතුවේ ය.එහෙත් දැන් සියල්ල පැටලී අවසන් ය. "මේකලාගේ දුව? ඔයාට පිස්සුද මේඝ?" මේඝ තත්පර කිහිපයක් නිහඬව සිටියේ...
කදෝකිමි ඇස්
ප්‍රේමය මහා අඳුරක කදෝකිමි එළියක්ව දැල්වෙන අන්දම මේඝට දැනෙන්නට විය.නේහා සමඟ ගිවිසුමක් මිස බැඳීමක් නොවූ බව ඔහුට වැටහෙන්නේ දැන් ය.ආදරයක් නුවුමනා වූවාද නැතිනම් නේහා සමඟ ජීවත් වෙන්නට තමන් හිත හදා ගත්තාදැයි නොවැටහෙන විට මේඝට මහත් සාංකාවක් ද තනිකමක් දැනේ. "සමහර කසාද බැඳපු මිනිස්සු අවුරුදු පනස් ගණන්වල ජීවත් වෙනවා වගේ තමයි...
කදෝකිමි ඇස්
"සිහි බුද්ධිය ඇති මනුස්සයෙක් කියන කතාවක්ද අම්මා ඔය?" මේඝ හැකි උපරිම තැන්පත් ස්වරයෙන් විමසී ය.ඒ හඬෙහි කෝපය ඇති පමණට තැවරී තිබුණ ද මේ කතාව අම්මා සමඟ කළ යුත්තේ හොඳ සිහි බුද්ධියෙන් බව ඔහු තේරුම් ගෙන තිබිණ. "මම ජානුගේ මූණ බලන්නෙ කොහොමද? බඳින්නම ඉඳලා සෙපරේට් වුණාම ජානුයි අරවින්දයි මොනව හිතයිද? බැන්දට පස්සෙනම්...