විහඟ පියාපත්

තිලිණිගේ හමුවීම ගැන ප්‍රබාත් අකලංක සමඟ පවසද්දි අකලංක එය අසා උන්නේ විශ්වාස කිරීමට අකමැත්තෙන් මෙනි. එහෙත් දෙදෙනා එක්ව ගැසූ සෙල්ෆි චායාරූපය පෙන්වූවාට පසුව නම් අකලංක ප්‍රබාත් දෙස දෑස් විසල් කරගෙන බලා උන්නේය.  තිළිණි විසින් පැවසූ සියල්ලම එක් කාරණයක් පමණලක් සඟවා අකලංකට කීවේය. "මේකි උබව ටැක්ල් කරනාවත්ද?.." අකලංක එක්වරම පවසද්දී, එලෙස හඹා...
සති තුනක් ගෙවෙද්දී ත් චරිත් උන්නේ නිහඬවමය.  තිළිණි කොළඹ පැමිණියේ නිවෙසට යන්නට සූදානම් වගට ශයිනිට මුසාවක් පවසමිනි. තිළිණිව ඇරවන්නට ඇයට යන්නට ඉඩක් නොවූ නිසා ශයිනි එය රියැදුරෙකුට පැවරුවාය. කෙසේ නමුත් රියැදුරා ලවා මඟින් බස්සවාගත් තිලිණි පැමිනියේ ප්‍රබාත් ගේ පුවත් පත් ආයතනටය.  එහි පිළිගැනීමේ කවුන්ටරය අසලට ගොස් ප්‍රබාත් හමුවෙන්නට පැමිණි වග පැවසීමෙන්...
බන්ධනා ගේ එල්ලීම් වලින් මිදීමට ලැබීම සැහැල්ලුවක් වුවද, රූගත කිරීම් අවසාන වෙමින් පැවතීම  නිසා හිතට යම් කණස්සල්ලක් දැනෙමින් තිබුණි.  අකලංක ලෙසින් , ඇයව සමීපව නොදන්නා වග පෙන්වමින් හෝ ඇය අසල දැවටෙන්නට ඉඩ ලැබීමේ ප්‍රහර්ශණීය හැඟීමේ මඟ හැරීම  ඔහුට දැනෙන්නට පටන් ගෙන තිබුණි.  ඉතිරි විකල්පය වඩා තීව්‍ර ලෙසින් භාවිතා කරන්නට අකලංක...
සිදුවූයේ කුමක්දැයි දැනගැනීමට පෙර තිළිණි අසල කිසිවෙකු සිටීදැයි විමසා පැමිණෙන්නට අකලංක යෝජනා කලේය. මානව සම්පත් කලමනාකාරණ අංශයේ දෙදෙනෙකු ඇය අසල සිටින වග ශයිනි දුටුවාය. ප්‍රබාත් අකලංක වෙත ඇවිද එනු දුටු ශයිනි ඔහු සමඟින්ද හිනැහුණාය. ඔහු පෙරළා ලබා දුන්නේ එතරම් හිතවත් නොවුන සිනහවකි.  ශයිනි කැබින් එක තුළට ඇවිද ගියේ සිදුවී ඇත්තේ...
චරිත් බලාපොරොත්තු වු අයුරින්ම සේවා සහතිකය ලැබුණ නිසා ඔහු මොණරවිල හොටෙල්ස් හැර ගියේ යම් උඩඟුකමකිනි. එය කෙතරම් වීද කිවහොත්, ඔහු ශයිනි වැළඳගෙන සියල්ලන් ඉදිරියේම ඇයට ස්තූති කලාය.  තම ජීවිතයට යම් වෙනසක් අවැසි නිසා මේ තීරණය ගත් වග සියල්ලන් සමඟම කීවේය. මේ  කිසිත් නොදැන උන් තිළිණි හෝටලයේ  ඉදිරිපස කොටසට පැමිණියේ නඩත්තු...
බන්ධනා පිටපිටම දින දෙකක් අසනීප වග පවසා රූගත කිරීම් වලට සහභාගි නොවූ නිසා අකලංක ට සහභාගි වන්නට තිබූ රූගත කිරීම් වාර කිහිපයක්ම අවලංගු විය. අකලංක ඒ කාලය මිඩංගු කලේම, හෝටලයේ අහුමුළු වල ඇවිද විපරම් කරන්නටය. නිවැරදි විය යුතු කාරණා පිළිබඳව යම් දැනුමක් ලබා ගන්නටය.  ශයිනිගේ උපදෙස් පරිදි සකස් කරමින් තිබූ...
චරිත් කාමරයට වැදුනේ අසරණකම   කෝපයෙන් සඟවා ගෙනය.තිළිණි ගේ හැසිරීම නිසා දැනෙන්නේ හීන මානයක් නැඟෙන කෝපයකි. ඇය මෙතරම් කාලයක් තිස්සේ කිසිදිනෙක නොකලා සේ, එක්වරම තමා ප්‍රතික්ෂේප කළාය.   මින් පෙර ඇය තමා ප්‍රතික්ෂේප කල අවස්ථා වල ඇගේ දෑස් වල වූ වේදනාව, බිය අද නොතිබු බව චරිත් ට විශ්වාසය. කල යුත්තේ කුමක්දැයි නොවැටහෙන...
ශයිනි පසුදින තිළිණි ට ඇමතුමක් දී ඇය කැබිනය තුළට ගෙන්වාගත්තාය. ඇගේ දෙනෙත් ඉදිමී තිබුණි. ඇය ශයිනිට කෙලින්ම මුහුණ දුන්නේ හෝ නැත. ශයිනි ඇයට හිඳගන්නට පවසනතුරුම ඕ හිඳගත්තේ හෝ නැත. ඇගේ ස්වරූපය දැකීමෙන් පසුව ශයිනිට ද කතාව ඇරඹිය යුතුතැන සිතා ගැන්මට නොහැකි විය. ඇයට ඊයේ දිනයේ සිදු කල දේ ගැන...
ශයිනි පෙරළා පියවි ලොවට පිවිසියේය මැසෙන්ජර් පණිවිඩයක් පැමිණි හඬිනි. " මං කවුරු වුනත් , මෙවෙලේ වැදගත්ම දේ තමා මම ඔයාගේ පැත්තේ... ඔයත් එක්ක ඉන්නවා ..." ඕ  යහනේ පෙරලුණාය. අමයුරු දිසානායක ; ඔහු පහසුවෙන් අත් හරින අයෙකු නොවන හැඩය.  ඔහු කවුරුන්දැයි වැදගත් නොවන වග ඔහු පවසන්නේ කෙලෙසද. ? ඔහු රැක ගත්තේ තමා ජීවිත...
අකලංක ඉතා සංයමයෙන් චරිත්ගේ සැලසුම් වලින් තමා සොයා ගත් කොටස් එකින් එක ශයිනි ඉදිරියේ පැහැදිලි කලේය. චරිත් ශයිනිට පවසා තිබූ කතාව නොදැන උන් නිසාම ඔහු පැවසූයේ ඔහු සොයාගත් කාරණාම පමණකි.  පෙර සිටි පරිසර නිළධාරියා චරිත් ගේ ඉතා සමීප මිතුරියකගේ පෙම්වතා වගද, ඔවුන් දෙදෙනා එක්ව මෙය මෙතරම් සූක්ෂ්මව සැලසුම් කරන්නට ඇත්තේ...